Cherreads

Chapter 78 - 78

අම්මියේ ...මගෙ....පුතාත .....අග්ගියගෙ ...පුතාත අතිනෙ.....

යෝ...මගෙ පුතා කාලා නෑනෙ...මේ ජෑම් එහෙම්මමයිනෙ.. .සීනි විතරනෙ කාලා තියෙන්නෙ .. කෝ ජෑම්...ජෑම් කන්නෙ නෑ.....

..ම්හුක්.....අපානෙ...නේ...දෑ...ම්....ම්ම්හුක්...අග්ගියේ...

උඹ ඔය මොකාටද අඩගහන්නෙ...අග්ගියෙ ගගා....අග්ගියෙ ගගා...එන්ඩ කියපන් බලන්ඩ....උඹගෙ අප්පච්චිව රවට්ටගන ඉන්න එකාවද...

අපා....නෙ....අම්මියෙ....අපානෙ....අපා..නේ....හ්හ්

මම අහන් උන්නා...අග්නි රවාගන බලන් උන්නා භෛරව් උන්නෙම අම්මා නිකන් හරි ලමයට ගැහුවොත් අත කඩනවා කියා ගත්තු ගමන් වෙනකොට මාව කාමරේට ගෙන්නන් ගහපු කම්මුල් පාර එක්ක මම අග්නි එක්ක තරහව පිරිමහන්න බලන් උන්නා.. ...මම එයාව තල්ලු කෙරුවා.....කොටිම්ම මට අග්නිව එපා වේගන ආවා....අග්නිගෙන් ගැලවිලා මට අම්මා එක්ක යන්න ඕනා උනා....මම අග්නිට බැන්නා....කටට එන දේ හිතන්නෙ බලන්නෙ නැතුව ඔහේ කියලා දැම්මා...සමහර තැන්වලදි ඒ ඇස් ගැස්සුනා...ඒත් එයා නෙවෙ මාව අතෑරියෙ ..

අග්නි...මාව අතෑරපන් අග්නි....උඹ මොන මගුලද මටකරන්න කියන්නෙ උඹ මොන මගුලද මට කරන්න කියන්නෙ. .....ඒ ඉන්නෙ මගෙ අම්මා අග්නි....

." උඹට මම කියන්න පුලුවන් හැම විදිහටම කිව්වා...ඒ ඉන්නෙ අම්මා නෙවෙ කියලා ...උඹට මම ආදරෙන් කිව්වා ....නොවැද වැද වැද කිව්වා .....ශිවන්...මට උඹට ගහන්න බෑ තවත්....ඒ ඉන්නෙ උඹගෙ අම්මා නෙවෙ...ඒ ඉන්නෙ උඹගෙ අම්මා නෙවෙ.....ඒක උඹට තේරුම් ගන්න බැරි තරම් උඹට මොන මගුලද වෙලා තියෙන්නෙ කියපන්....ආ....ඒකි උඹේ අම්මා නෙවෙ....."

මගෙ අම්මා නෙවෙ....උඹ කියන්නෙ මට මගෙ අම්මව අදුනන්න බැහැයි කියලද....උඹ හිතන්නෙ මට මගෙ අම්මව දැනෙන් නැහැ කියලද....???

" ශිවන්..."

" එපා අග්නි...උඹ කොච්චර කිව්වත්...දැන් තේරුමක් නෑ...ඒකි මේකව අල්ලන් ඉන්නෙ.....තව තව එකම දේ කියන්න ගියෝතින් .....එයා වෛරබදින්න පටන් ගනීවි .....අමතක කරන්න එපා....එක සිතිවිල්ල පවා අපිට පලදෙයි .....එක සිතිවිල්ල පවා වස් වදී අග්නි..."

අග්නිගෙ ඇස් රතු වෙලා.....මම සැරින් සැරේම අම්මාදිහා බැලුවා...අම්මා ලමයව උකුලෙ ඉන්දවන් ජෑම් බනිස් කවනවා....ඒකට බනිස් ගෙඩියක්ම කන්න බෑ...ඒත් අම්මා කවනකොට කොල්ලා කට අරිනවා.....බඩගින්නෙද මන්දා ළමයා ඉන්නෙ.....

අච්චර ආදරෙන් ලමයව බලාගන්න අම්මට පව් කාර කතා කියන්න එපා අග්නි.....ලෙඩත් තියාගන අච්චර අහරෙ ඉදන් ආව අම්මට ඔහොම කතා හදන්න එපා අග්නි ....මාව අතෑරපන්...මට අම්මා ගාවට යන්න ඕනා...උඹ මට උඹව එපා කරවනවා....ඇත්තමයි...අම්මා කිව්වා හරි අම්මා කිව්වා හරි....දඩාවතේ යන යකු ගෙටදාගත්තම මෙහෙම වෙනවා.....පෑහෙන්ඩ බැරි උන් එක්ක හැමනෙන්න යනකොට මෙහෙම වෙනවා හිතක් පපුවක් නැති අසමජ්ජාතියො...

"....."

"ශිවන් ..උඹගෙ වචන ප්‍රවේසමෙන්...උඹ මොනවද ඔය කියවන්නෙ....ආ....උඹ මොනවද ඔය කියවන්නෙ...??"

මම දැගලුවා...මම දත්මිටිකෑවා.....මාව අල්ලන් උන්න අග්නිහෙ ඇගේ එල්ලි එල්ලි මම අග්නිට නොහොබිනා කතා කිව්වා...යකෙක්ට් උනත් දරාගන්න බැරි තැන් තියනවා කියන දේ අමතක කරපු මම අම්මා මට කියපු හැම කතාවක්ම මම අග්නිගෙ මූනටම කිව්වා....

කොටිම්ම මට දැන් අග්නිව අප්‍රසන්න වේගන ආවා....මම අග්නිව පිලිකුල් කරන්න ගත්තා....මගෙ ඇස් වලට අග්නිව නයාට අදුකොල වගේ පේන්න ගත්තා....

මම කියන වචනයක් වචනයක් ගානෙම අග්නිගෙ ඇස් ගැස්සෙනකොට මම බලාගන ඒ යටි තොල පවා වෙව්ලනවා....එයාගෙ ඇගිලි සමහර වචන ගාව බුරුල් උනත් ඊලග තත්පරේදි ආයම තද උනා. ඒත් මම නෙවෙ නැවතුනෙ ...භෛරව්ට පවා මම එක එක කතා කිව්වා....

වචන ප්‍රවේසමෙන් වචන ප්‍රවේසමෙන්.....මොකටද මම ප්‍රවේසමෙන් කතා කරන්නෙ.....උඹලට අම්මා ගැන අගයක් තියනවද...ඔව් ඉතින්....අයියලා මල්ලිලා ඉපදුනේම ආදරේ අදුනන් නැතුවනෙ.....

" ශිවන්...."

.ඇයි....ඇයි භෛරව් ...කියනකොට අහන් ඉන්න අමාරු ඇතිනේ.....

" ඔව්...අහන් ඉන්න අමාරුයි.....ඒත් එහෙමයි කියලා උඹව ඇස් පනාපිට නැතිවෙනවා බලන් ඉන්න බැරි හින්දයි මම වගේම අග්නි තව ඉවසන්නෙ.....ඒත් එ සිමාව පන්නවන්න එපා ශිවන්.. ...ඒ සිමාව පන්නවන්න එපා....උඹට නොතේරුනාට..උඹ දෙන්නෙ එසේ මෙසෙ ගින්දරක් නෙවෙ..."

ගින්දර .....ඇයි ඉතින් උහුලන්න අමාරු ගින්දර ඉවසන් ඉන්නෙ .යමල්ලකො....ආව දිහාවකටම පලයල්ලකො.....යක්කුත් එක්ක මිනිස්සු කවදද පෑහුනෙ?උඹලට පුලුවන්ද අපි එක්ක එකට පෑහෙන්න...අම්මා හරි...අම්මා කිව්වා හරියටම හරි...උඹලා අපේ අතකොලුවො මිසක්....උඹලා කවදද අපි එක්ක සමතැනට වැටෙන්නෙ...උඹලා හැමදාම ඉන්න ඕනා අපේ පයපාමුල මිසක්...අපි එක්ක සමතැන නෙවෙ භෛරව්...

"ශිවන්...!!!"

මම කියෙව්වා...කිරි එකක් හදලා දෙන්න ගියපු වෙලාවෙ ඉදන් මගෙ අම්මා ඔලුව අත ගගා...ඔලුව අතගගා කියපු දේවල් මම එකින් එක එකින් එක කියවනකොට අග්නිගෙ ඇස්වලට කදුළු පටලයක් බැදෙන්න ගත්තා...භෛරව් දෙවනි පාරටත් මගෙ නම කියලා මං දිහා රවාගන බලන් උන්නා. ඒ උනත් මම නෙවෙ නැවැත්තුවෙ මම නෙවෙ අග්නිගෙ කදුලු මායිම් කෙරුවෙ....මම නෙවෙ ඒ දෙන්නගෙන් එකෙක් ගෙ වත් වේදනාව ගැන තඹේකට මායිම් කෙරුවෙ ....මම නෙවෙ කට පියාගත්තෙ ..

මම කෙරුවෙම අග්නිට භෛරව්ට රිදෙනම තැන බලලා පහර දීපු එක.....සැරින් සැරේම අම්මව මරාගත්ත උන් කිය කිය රිදවපු එක.....උන් අපි කවදාවත් පෑහෙන්නෙ නෑ කිය කිය රිදවපු එක....මගෙ හිත ගලක් . .මට අග්නිගෙ වත් භෛරව්ගෙ වත් වේදනාව දැනුන් නෑ....මට මගෙ අග්නිගෙ වේදනාව තේරුම් ගන්න උවමනාවක් තිබුනෙත් නෑ...කොටිම්ම මට අග්නි කියන්නෙ තනිකරම වදයක් උනා .....

...."උඹ ඔයකියන වචන වල තේරුම දන්නවද මැනිකෙ....?"

තේරුම නොදැන කතා කරබ්නෙ මොකටද අග්නි ..උඹලා ඉන්නෙ අපේ ඕනා එපා කම් කරන්න නෙවේද....? කරවල කෑල්ලකට වහ වැටිල උඹලා නොකරන පර වැඩක් තියනවද?? එහෙම බැලුවම උඹලා අපිඑක්ක පෑහෙන්න පුලුවන් උන්ද කියපන්...?

අනික...උඹලට කොහෙද හිතක් පපුවක්....එලියට ආවෙම බඩවැල නැතුව...උඹලා දරපු ගැබට පවා වස් වදින්න අති....

." මං හිතන්නෙ උඹ දැන් සීමාව පිට පනිනවා මගෙ ශිවන් ....."

.සීමාව....මොන සීමාව.....මම මේක කියන්න තිබුනෙ මීට කලින්..මගෙ අම්මා හරි....මගෙ අම්මා හරියටම හරි ...අම්මෙක් මරාගන ඉපදෙන උන් ගාව මොනවා තියනව කියලද...??

"......"

"....අ..ග්...නී..."

අම්මෙක් නැතිව හැදෙන උන් අම්මෙක්ගෙ ආදරේ ගැන දන්නවද....බලෙන් ජාතක කරපු උන්...උන්ට කොහෙ හැගීම් තියනවද....අනුන්ගෙ තැන්වල තමුන්ගෙ වගේ රිංගන්නෙ හැදියාවක් නැති කමටනෙ....ඔව් ඉතින් ඒවා උගන්නන්න අම්මෙක් උන්නෙ නෑනෙ...අනික උඹ මට කොහෙ ආදරේ කරන්නද මේ ලෝකෙ කොහෙවත් යක්කු එක්ක මිනිස්සු ආදරේ කරලා තියනවද අග්නි.....

.මම බැන්නා...මම අග්නිගෙ අත අල්ලන් උහුලන්න අමාරුම කතා කියනකොට ඒ දෙන්නම අහන් උන්නා....භෛරව් අග්නිගෙ අත්ගොබේ මිරිකන් උන්නා.....මම කියපු වචන වලට ඒ ඇස් වල කදුලු පිරුනා උනත්..මම නෙවෙ ගානකට ගනන් ගත්තෙ.....මම නෙවෙ එක දශමෙකට වත් හිතුවෙ...

." ශිවන්....උඹට මගෙ ආදරේ දැන් විහිලුවක්ද...?"

සෑහෙන්න වෙලාවකට පස්සෙ අග්නි මගෙන් එයාගෙ ආදරේ විහිලුවක්ද ඇහුවා....මම හිනා උනා...හිනා වෙලා ඔලුව හෙලෙව්වා....හරියටම උඹට පිස්සුයි කියන්න වගේ...

ආදරේ ....උඹලට පුලුවන්ද බන් අපිට ආදරේ කරන්න ....

" උඹට මගෙ ආදරේ දැනෙන්නෙ වත් නැද්ද මගෙ ශිවන් ....."

ආදරෙ ...මොන ආදරයක් ගැනද උඹ ඔය කියන්නෙ අග්නී ..මොන ආදරයක් ගැනද.....උඹයි මමයි... උඹයි මමයි ආඩරේ කරන්න තියා එක ගාව ඉදගන්නවත් වටිනවද කියපන්....ආ.....

.මම අග්නිගෙ සලුවෙන් අල්ලන් හොලවනකොට එයා ඇස් හීනි කරන් මගෙ දිහා බලන් උන්නා භෛරව් සැර්න් සැරේම මාව නවත්තන්න හදනකොට මම භෛරව්ට පවාබැන්නා.....

මගෙ වචන සැර වැඩියි....මගෙ වචන නොසෑහෙන්න සැර වැඩියි.....මෙච්චර වෙලාම යක්ශාරූඪ වෙලා උන්න අග්නි අවසානෙදි අවසානෙදි ඔහේ ඉන්න ගත්තා.....එයා ඇහුවෙම එයාගෙ ආදරේ විහිලුවක්ද...එයාව දැනෙන්නෙ නැද්ද කියලා...ඒත් මම නෙවෙ අග්නිගෙ වචන හැගීම් තඹේකට මායම් කෙරුවෙ ...

මම සැරින් සැරේම බැලුවෙ අම්ම දිහාව...අග්නිව තඹේකට මායිම් නොකර උන්න මම ලමයව හුරතල් කරන අම්මා දිහා බලලා ආයම අග්නි දිහා බැලුවා...

උඹ ආදරේ ගැන අහන්නෙ ආදරේ ගැන දන්නවද...??ආදරේ කියන්නෙ මොකක්ද කියන්න උගන්නනවත් අම්මෙක් නැතිව හැදුන උඹ ආදරේ ගැන කතා කරන්නවෙත් කොහොමද අග්නි....???

"...."

" ශිවන්....උඹ ඔය අපහස කරන්නෙ උඹ වෙනුවෙන් බලන් උන්න හදවතකට ...උඹ වෙනුවෙන් නොසෑහෙන්න අඩපු ඇස් දෙකකට....උඹ වෙනුවෙන් දරන්න බැරි තරන් විදවපු එකෙක්ට ශිවන්...උඹ ඔය තරම් පද හදන්නෙ අම්මෙක් නැතුව උනත් ආදරෙ ඕනාවටත් වඩා උඹට දුන්න එකෙක්ට....මට සමාවෙයන්.....උඹ සීමාව පැන්නුවා ශිවන් ...උඹ අවසිහියෙන් උනත් සීමාව පැන්නුවා...."....

"කාලි.....ඇති....."

"ඇති...මොනවද ඇති.....ම්ම්....මොනවද ඇති අග්නි...ඇත්ත...අපිට අම්මෙක් නෑ...අපි හැදුනෙ අම්මෙක් නැතුව.....ඒක උඹගෙ වස්තුව ඇගිල්ලෙන් ඇන ඇන කියන්න ඕන් නෑ....."

මෙච්චර වෙලාම සැරින් සැරේම අග්නිව නවත්තන්න හදපු භෛරව් මේ පාර මගෙ ගාවට ආවා.....සැරින් සැරේම අග්නිව නවත්තන්න හදපු භෛරව් මේ පාර ඇස් රතු කර ගත්තා .....මගෙ ලගට අඩියෙන් අඩිය ලන් වෙනකොට ඇස් රතු කරගත්තු භෛරව් ව අග්නි අතින් අල්ලගත්තා උනත් එයා අග්නිගෙ අත ගසලා දැම්මා විතරක් නෙවෙ... අග්නිව තල්ලු කරලා දාලා මා ගාවට එනකොට මම පස්සෙන් පස්සට ගිහින් බිත්තියට හේත්තු වෙනකොට භෛරව් හිතේ තියන තරහව වැඩි කමට වගේම මට ගහගන්න බැරි කමටද කොහෙද අත මිටිමොලවලා බිත්තියට පාරක් ගහනකොට බිත්තියෙ පිපිරුමක් ගියා .....

" කාලි....ඇති ඔය..."

" ඇති කියන්න මම තවම පටන් ගත්තෙ වත් නෑ අග්නි ....උඹගෙ වස්තුව කතා කෙරුවා නොසෑහෙන්න...අපිත් අහන් උන්නා නොසෑහෙන්න....අග්නී...අග්නි....අග්නි....අපි යක්කු..උඹගෙ වස්තුව කියන විදිහට උන්ගෙ පයට පෑගෙන උන් ගානට වැටුන

උඹගෙ වස්තුව කියන විදිහට උන්ගෙ අතකොලුකම් වලට ඉන්න.....උඹගෙ වස්තුව කියන විදිහට. උන් අපි එක තලේක ඉදගන්න බැරි තරම් පහත් වෙච්ච ....අම්මෙක් නැතුව හැදුන අපි ආදරේ ගැන දන්නෙ මොනවද අහනවා....එහෙම නේද අග්නිගෙ මැනිකෙ..ම්ම්ම්ම්..."

අග්නි උන්නෙ අහක බලාගන...භෛරව්ව නවත්තන්න හැදුවත් භෛරව් නවතින්නෙ නැති බව තේරෙනකොට අග්නි ඔහේ උන්නා...අඩුම ගානෙ මටවත් මොකුත් නොකියම...ඒත් මම නෙවේ ඒ දේවල් වත් ගනන් ගත්තෙ....

" උඹ කිව්වා...අපි අම්මා නැතුව හැදුන උන් කියලා ....ඇත්ත...අපි අම්මා නැතුව හැදුන උන්....එතකොට අර එලියෙ උන්න එකා ...ඒකා...ඒකා හැදෙන්නෙ අම්මා නැතුව නෙවේද.....?? ඒකගෙ අම්මා නෑ කියලා ඒකට ආදරේ කරන්න තහනම්ද?? අනික... ඒකගෙ ඇගේ දුවන්නනෙ කාගෙ ලේද.....???ම්ම්ම් එතකොට ඔය බඩේ ඉන්න එකා.....ඒකට?????"

මම බලන් උන්නා.....සැරින් සැරේම ඇස් හීනි කර කර උන්න අග්නි අවසානෙදි සම්පූරනම බිම බලාගත්තා .....දැන් පාලනේ සම්පූර්නම තියෙන්නෙ කාලිගෙ අතේ වෙනකොට අග්නි ඔහේ උන්නා...ඒ උනත් මට ඒ කිසි දෙයක් ගානක් උනේ නෑ..කිස්ම දෙයක් ගානකට ගියේ නෑ...මගෙ ඇස් තිබුනෙ අම්මා ගාවට.....අම්මා එන්න කියලා නොකිව්වත් මගෙ කකුල් දෙක අම්මා ගාවට දුවන්න සැරසිලා උන්නා ..මම කාලිව තල්ලු කෙරුවා ....ඒ ඇස් වල තියන වේදනාව ගැන තඹේකට මායිම් නොකරපු මම කට කොනකින් හිනා උනා ..කාලිගෙ මූන බලාගන සමච්චලේට හිනා උනා...

" උඹ හිනාවෙනවා....උඹ හිනා වෙනවා.....උඹ දන්නවද...උඹ හිනා වෙනකොට අනිකට දැනෙන හැගීම මොකක්ද කියලා....ආ...නෑ...අපි හැගිම් දැනීම් නැති උන් නේද ....සංසාරගත ආදරයක් අස්සට හිත් අමනාප කම් රිංගවන්න එපා ශිවන්...උඹ ඔය දැනුවත්ව හරි නොදැනුවත්ව හරි කරන්නෙ රිදවන එක....."

ඉතින් ඒක දැනෙනවා නම් පලයව්කො....තවත් මෙතන බින්න බැහැන් ඉන්නෙ...මේක අම්බලමක්ද....නෑනෙ.....අනික යක්කුන්‍ටයි මිනිස්සුන්ටයි පෑහෙන්න බෑ..එක දැන් මම සියවතාවක් විතර කිව්ව්නෙ නේ.....???

මම දත්මිටි කන්න ගත්තා... .මම කාලිව සූරන්න ගත්තා ..... එයා බලන් උන්නා ...මගෙ මූන අල්ලන්න හැදුවා...ඒත් මම කාලිව පිලිකුල් කෙරුවා .....අග්නි දිහා පිලිකුලෙන් බැලුවා.....කොටිම්ම අග්නි එක්ක නිදිවැද්දා කියන එකත් මට මහ අපුලක් ගෙනාවා....මම ඒක අග්නිගෙ මූනටම කිව්වා... .අග්නි නෙවෙ වචනයක් කිව්වෙ...අග්නි නෙවෙ ඇයි උඹ මට මෙහෙම කියන්නෙ ඇහුවෙ එයා කෙරුවා ඔක්කොම අහන් බිම බලන් උන්න එක විතරක් වෙනකොට මම බලාගන සුදු පාට ටයිල් කැට උඩ වතුර බින්දු වැටිලා තියනවා....

." උඹට දැන් අග්නිවත් පිලිකුල්ද අග්නි වස්තුව....."

අගිනි දිහා හැරිලා බලපු කාලි මගෙ කම්මුල් දෙකෙන් අල්ලන් අග්නිව පිලිකුල්ද අහනකොට මට අග්නිගෙ වස්තුව කියන නම ඇහෙනකොට පවා ආවේස වෙන්න ආවා....කොටිම්ම මට අග්නිගෙ නමවත් ගෑවෙනවට මම කැමති උනේ නෑ වගේම මම කාලිව තල්ලු කරලා දැම්මා....තල්ලු කරදල දාලා කාලිගෙ සලුවෙන් අල්ල ගත්තා....

අග්නිගෙ වස්තුව...අග්නිගෙ වස්තුව...කොයි වෙලෙත් උඹ ඔය කියන අග්නිගෙ වස්තුව කියන පඩත්තර කතාව නවත්තපන් කාලි.....මට උඹලා වගෙ උන් එක්ක පෑහෙන්න කොහෙත්ම උවමනාවක් නෑ....හැගීමක් දැනීමක් නැති උන් .....ඉපදෙනකොටම අම්මව මරාගත්තු උන්...උඹලද ආදරේ ගැන කියලා දෙන්නෙ. .. උඹලයි අපි කොහෙද යකො පෑහුනෙ.....

මම කෑ ගැහුවා ..සමහර විට අම්මට පවා ඇහෙන්න ඇති.....ඇහෙන්න ඇති නෙවෙ අනිවාර්යයෙන්ම අම්මට ඇහුනා.....එයා කියපු කතාම ආපිට අග්නිගෙ මූනටම කියන හැටි අම්මට ඇහුනා...ඒත් අම්මා නෑහුනා වගේ ලමයව හුරතල් කෙරුවා .....අග්නි තවමත් බිම බලාගන...අග්නි තවමත් බිම බලාගන...වචනයක් වත් නොකියම බිම බලාගන අඩුම ගානෙ ඕක නවත්තපන් වත් නොකියම බිම බලාගන...

" හරි....ශිවන්....උඹ ඔය තරම්ම අග්නිව පිලිකුල් කරනව නම්....මම ආයම උඹට ඒ නම ගාවන්නෙ නැතුව ඉන්නම්....."

" කාලි.....උඹටයි මටයි තව දුරටත් මෙතන අයිතියක් නෑ...."

"අනිවාර්‍යෙම්ම.....අනිවාර්යයෙන්ම ....උඹට වත්..මටවත්...මෙතන අයිති නෑ අග්නි....අග්නි...උඹගෙ අඹුසිගිත්ත.දන්නෙ නැතුව ඇති....ඌ හන්දයි....මම තවමත්..."

" කාලි..."

" තවත් සුද්ද කරන්න එපා අග්නි....උඹ මම මුන්ගෙ අතපල්ලෙන් වැටුන උන්....එහෙමනෙ උගන්නලා තියෙන්නෙ....හැබැයි අතපල්ලෙන් වැටුන එකෙක් වෙච්ච මම අදටත් තනිකඩ උනේ ඒකගෙ හුස්ම රකින්න මැදට පැන්නෙ මගෙ එකා හින්දා.....උඹ කියන්නෙ....මට ඒක අමතක කරන්නද අග්නි අමරේන්ද්‍රන් ...???"

"......උඹට මොනවද ඕන කාලි.....?"

මම කාලි දිහා බැලුවා රතු පාට ඇස්වල කදුලු පිරිලා තියනකොට අග්නිගෙ කටහඩ සම්පූරනම දියාරුවෙලා ගිහින් තිබුනා..මගෙ හුස්ම රකින්න අවසානෙදි කාලි සදහටම තනිකඩ උනා කියනකොට වෙච්ච දේ මොකක්ද කියලා අහන්න ඕනා උනත් මගෙ තිබුන මහන්තත්ත කමටම මම කටපියාගන ඉන්නකොට කාලිගෙ මුන දිහා බලපු අග්නි මොනවද ඕනෙ අහනකොට කාලි කට කොනින් හිනා උනාහිනා වෙලා මගෙ දිහා බැලුවා.....බලලා මගෙ දිහාවට පහත් උනා.....

" උඹ දන්නෙ නැතුව ඇති මටත් ප්‍රාර්තනාවක් කරන්න පුලුවන් කියලා .....නේ...ම්ම්ම්...උඹ දන්නෙ නැතිව ඇති....අග්නිට. උඹට වගේම මටත් අවස්තාවක් තියනවාය කියලා නේ...."

" කා....ලි....."

"මට සමාවෙයන් අග්නි...මං හිතන්නෙ....ප්‍රාර්තනාවකට හරිම නැකත මේකයි.....මම හිතන්නෙ....මගෙ ප්‍රාර්තනාව ප්‍රාර්තන කරන්න පුලුවන් හරිම වෙලාව මේක..."

.මම වෙලාව බැලුවා...යක්කු ගස් වලින් බහින මද්දහන...කාලි ප්‍රාර්තනා කරන්න යන්නෙ එසේ මෙසේ දෙයක් නෙවේ වෙන හින්දද කොහෙද අග්නි ඇවිදින් කාලිගෙ අතින් ඇල්ලුවත් කාලි නෙවෙ ගනන් ගත්තෙ.... ....කාලි නෙවෙ අග්නිව තඹේකට මායින් කෙරුවෙ ...මම දොර රෙද්දෙන් එපිට බැලුවා.....අම්මා ඉන්නවා....නැට්ට නොකඩපු බුලත් කොලේකට හුනු ටිකක් අරන් බුලත් කොලේට ගාපු අම්මා දුන්කොලකෑල්ලක් මැදට තියලා පුවක් නොදා කටෙ ඔබා ගත්තා.... 

මම ආයම කාලි දිහා බැලුවා එයාගෙ හිනාව තවම ඒ වගේමයි අග්නිගෙ මූනම අන්දකාරයි....එයා කාලිදිහා බලන් බලන් අනේ එපා කාලි කියන්න වහෙ ඇස් දෙක අමූතු කරන් උන්නත් සමාවක් දෙන්න වටින් නෑ කියල කියන්නද කොහෙද කාලි ඔලුව හෙලෙව්වා හොලවලා මගෙ ඔලුව අතගෑවා....

." උඹගෙ වචන බර වැඩි ශිවන් දන්නවද.. උඹට බන්න හැම දාකම...ගහපු හැම දාකම උඹ විදවනවට වඩා දෙගුනයක්...උඹගෙ අග්නි....ආ. නෑ...උඹගෙ නෙවෙ... උඹගෙ නෙවෙනෙ...අග්නි විදෙව්වා .. .. ඌ උඹට ඉහල පහල දාන හුස්මක තරම් ඉදන් ආදරේ කෙරුවා .... උඹගෙ ඇස්වලට අපි උඹලගෙ පයට පෑගෙන දූවිලි තරම් වටුන් නැතිව ඇති ශිවන් ....හැබැයි ...ආයම උඹව ප්‍රාර්තනා කෙරුවෙත් උඹ ඔය ගරහන උන්මයි....

ශිවන්...මම ප්‍රාර්තනා කරනවා....උඹට අග්නිව නැතිවෙන්නම ඕනා....උඹට අග්නිව අහිමි වෙන්නම ඕනා.....

කාලි මගෙ මුන දිහා බලාගන අග්නිවමට නැති වෙන්නම ඔනා කියනකොට අග්නි අනිත් පැත්ත හැරුනා...හරියටම එයාට වත් ඒ ප්‍ප්‍රාර්තනාව ආපස්සට ගන්න බැහැයි කියන්න වගේ කාලිගෙ හුස්ම පුදුමාකාර වේගෙකින් උස් පහත් වෙන්න ගත්තා එයා ඇස් හීනි කරලා දෙපාරක් තුන් පාරක්ම එකම දේ කිව්වා.....

." අද අග්නිට දැනුන වේදනාවම උඹත් විදවාවි...උඹ අඩන හැටි... කෑ ගහන හැටි .. අග්නිවම ඉල්ලල මේ හතර දිග් බාගෙ පිස්සුවෙන් දුවන හැටි.....මට මගෙ ඇස්වලිම්ම දකින්න ඕන ශිවන්...උඹ අඩන කොට හූල්ලනකොට මට ඒ වේදනාව බලන්න ඕනා ශිවන්.....උඹ විදවාවි.....උඹ ඇහුවා උඹගෙ මරනය කොයි වගේද කියලා ...මරන මංචකේදි උඹ තරම් අසරන වෙන එකෙක් නැති තරම් වෙයි ශිවන්...."

"කාලි.....ඔය ඇති..."....

"ඇත්ත ..මේ ඇති...මේ හොදටම ඇති........අග්නි යන්න ලැහැස්ති වෙයන්.....උඹට මට ඉන්න තැන් නැතුව නෙවෙ... උඹට මට ආදරෙ කරන්න උන් හොය ගන්න බැරිව නෙවෙ....උඹට ළමයි හදන්න බැරිව නෙවෙ ...

ශිවන්...තව සති තුනයි.... උඹ අද ඉදන් නිදහස්..මං අග්නිව අරන් යනවා...මොකද උඹ වචනවලින් ඌව මරලා ඉවරයි. .....අර එලියෙන් ඉන්න එකාටයි....ඔය බඩේ ඉන්න එකාටයි ආදරේ කරන්න උගන්නපන්.....මොකද ..උඹ ඔය කියන විදිහට අපිට හැගීම් නෑ.....ඉතින් උන් දෙන්නට තියෙන්නෙත් අපේ ලේනෙ....එහෙනම්....උඹ මෙතන ඉදන් උඹගෙ මතේට වැඩ කරපන් ශිවන් .....තුන් සතිය ගෙවුනම....අපිඑන්නම්.....අපිට අයිති දේ අරන් අපි යන්න ආයම එනකන්...උඹ මෙ අම්මා නැතුව හැදුන උඹලට පෑහෙන්න වටින්නෙ නැති උන්ගෙන් නිදහස් ශිවන්...."

මම බලන් උන්නා...වචනයක් වත් නොකියන් මම බල්න් උන්නා....නපුරු කම් කරපු මට අවසානම මොහොතෙ පපුවට වේදනාවක් දැනුනා උනත්....මම නෙවෙ ආයම අග්නි දිහ බැලුවෙ....එ වෙනුවට මම කෙරුවෙ ඊටත් වඩා හිත රිදෙන වචන කියාගන කාමරෙන් එලියට ආව එක....

..ඊටත් වඩා පපුව පාරන වචන කියාගන එලියට ආව එක.....ආය ආයමත් හෑල්ලු කරලා අම්මා ගාවට ගියපු එක.....

.යන එකයි ඇත්තෙ.....උඹලා අපි පෑහෙන්නෙ නෑ....වසංගත හැත්ත.....

මයෙ පුතා.....මොකද උඹ ඔය නහින්න හදන්නෙ....

මොකුත් නෑ අම්මා...

මම අම්මා ගාවට ගියා...ගිහින් ඉදගත්තා බුලත් කොටන පොඩි ලී වංගෙඩිය අස්සෙ තවත් බුලත් විටක්....

ඔහෙ කවදා ඉදලද විට කන්ඩ පුරුදු උනේ අම්මා.....

මම ඇගිලි දෙක මැදින් බුලත් කෙල ආර ගහපු අම්මගෙන් කවදා ඉදලද බුලත් විට කන් අ පුරුදු උනේ අහනකොට අම්මා ගාව උන්න නිඛිලා ගිහින් අම්මා ගෙනාව බඩු මල්ල අදින්න ඒක පෙරලන්න ගත්‍තා...

නිඛිල්....නිඛිල්....ඔය මොකද ඔය කරන්නෙ....ආ....මෙහෙ එන්න....එපා ඔව්වා අදින්න.....

අම්මගෙ බුලත් කෙල පාර දිහා බලන් උන්න මම අනිත් පාර කෑ ගහනකොට ලමයා මාදිහා බලාගන ඉදලා කදුලු පුරවන් අට හැදුවා ....

අ...ග්...ගි.....යේ....අප්පුච්චියේ.....

කොල්ලා මිමිනුවා....දුක හිතුන ගමන් අග්නිව හොයන පුංචි එකා අග්ගියේ ගාලා මුමුනකොටම අම්මා කාරලම මිදුලට කෙල පාරක් ගැහුවා....අනිත් පාර නිඛිල්ටත් බැන්නා...

මොකාද බොල අප්පච්චි ...මේ ඉන්නෙ අප්පච්චි ....තව කොහෙද අප්පච්චි ලා.....

මයෙ පුතා උඹලා යක්කු ගෙට දාගත්තා මදිවට නෑ කම් කියන්ඩත් ඉගැන්නුවද.....ගනින් ඕකව මෙහාට.....අප්පච්චියේ ගාගන යන්ඩ මෙතන...

....

මම දැනගත්තා...සැරින් සැරේම ගොරකා කැලාවට රිංගනකොට .....මුලු මුලු ගානෙ ඉදන් කුටු කුටු ගානකොට ...ආ බොල....තොට තිබුනනෙ අර දැහැමිනියා එක්ක යන්ඩ ඔය තරම්ම තදියම නම්.....

කැහ්...කැහ්....

.මම කැස්සා...අම්මා බනින වාරයක් ගානෙම අර වංගෙඩියට කොටන්න ගත්තා....නිකන් නෙවෙ තරහෙන් ...අම්මා එහෙන් බැන බ්ණ කොටනකොට අසනීපෙන් උන්න මගෙ ඇගම කැක්කුම් කරන්න ගත්තා....එහෙන් අග්නිට අප්පච්චි කියපු නිඛිල් අනේ එයාම තනියම ගිහින් එයාගෙ චූටි පුටුවට නැගලා ඉදගන ඇබිත්තන් කකුල් දෙකත් ඉස්සරහට දික් කරන් කකුල් දෙක දිහා බලාගන ළමයා පොඩි කමට උනත් මොනවදෝ කල්පනා කරනකොට මම කොර ගගහා කොල්ලා ගාවට ගියා....

අප්පච්චි ගෙ පන.....ඇයි මේ.....

අ...ප්පුච්චියෙ....අම්මියා....පුතාත.....

මගෙ පුතාට කුක්කු හදලා දෙන්නද....

පුතාත..අපා කියන්න..න්න.....අග්ගියත.....අපා....කියන්න...

.මම ලමයා දිහා බැලුවා...චූටි ඇස්වල කදුලු පිරෙනකොට කොල්ලා ඔක්කාරෙ කරන්න ගත්තා .....

සුදු පුතා නිඛිල්....නිඛිල්....අම්මා ...අනේ....අම්මා...මේ බලන්ඩකෝ.....

මොකද...

කොල්ලා ඔක්කාරෙ කරනවා....

ඒ කා මොනවා හරි කටේ ඔබාගන්න ඇති ..මං බලාගන සැරින් සැරේම මොනවා හරි කකා දුවනවා.....

ඇයි අම්මා දැක්ක නම් බලන්ඩ එපැයිනෙ....නොදැක්ක වගෙ ඉන්නෙ....ඔයත් අනේ මන්දා අම්මා.....

කොච්චර කොහොම තරහවක් හිතේ තිබුනත් යන්න ගියපු අග්නිගෙ.....කාලි වචන එක්ක අම්මත් ලමයා කන්නෙ මොනවද කියලා දැක දැක නොදැක්ක ගානට උන්නා කිව්වම මට තරහා ගියා...අම්මනෙ අම්මනෙ කියාලා කරබාගන ඉන්න පුලුවන් තැන් තියනවා බැරි තැන් තියනකොට අග්නි සම්බන්දව බනින හැමදේම මම කරබාගන ඉවසන් උන්නත් මට මගෙ ලමය ගැන පරිස්සමක් නැතිවෙනකොට තරහා ගියා ....

අනේ මන්දා කියන්නෙ...උඹලත් ඔහොම නේන්නම් පොඩි දවස්වල....අහුවෙන හැම එකම කටේ ඔබාගත්තෙ...එහෙමයි කියලා උඹලට මොකුත් උනාද.....

.නිඛිල්.....අප්පච්චිගෙ රත්තරන් ....කෝ ආගාන්න ආගාන්න ....මොනවද මගෙ පුතා කෑවෙ....

මම කදුලු පුරවන් ඔක්කාරෙ කරන කොල්ලගෙ කට ඇරලා කට දිහා බැලුවා ..රතුම රතුයි ...

මොන මගුලද නිඛිල් උඹ කෑවේ ....මොන මගුලද උඹ කෑවෙ.... ඇයි යකො කනවා දැක්කා නම් ඔහේට බලන්ඩ බැරි උනාද.....ළමයා දන්නවද මොනවා තියනවද කියලා ...

මම ලමයගෙ කට ඇරලා උගුරට ඇගිල්ල ගහන ගමන් අම්මට කෑ ගැහුවා...අම්මා නෙවෙ ගනන් ගත්තෙ එයා බුලත් කෙල පාරක් ආයම මිදුලට ගහලා නොන්ඩි කොට කොටම මගෙ දිහාවට ආවා....

මයෙ පුතා....පැත්තකට වෙයන් උඹලා මෙතන නහින්නෙ හරියට කොල්ලට වහ කැවිලා වගේනෙ ..... අහකට පලයන්...ගිහින් වතුර ටිකක් ගෙනෙන්.....කෝ...සුදු මහත්තයා....අත්තම්මට කට පෙන්නපල්ලා....

ලමයව වඩාගන උගුරට ඇගිල්ල දාගන උන්න මාව පැත්තට කරපු අම්මා කදුලු පුරවන් උන්න කොල්ලගෙ කට ඉඹලා බැලුවා.....බල බල මාව වතුර එකක් ගේන්න එලෙව්වා....තියන අඩියක් පාසාම සර්වාගෙම වේදනා දුන්නා උනත් මම වතුර එකක් ගේන්න කුසියට දිව්වා...

අම්...මියේ....හ්...බ්බ්....වෑක්.....අ...ප්....අපු....ච්චි...අග් ...බ්වෑක්.....

කියවන්නෙ නැතුව වමනෙ දාපන්....තවත් කියවනවා..යකෙක් හින්දා උඹලා ඔය අරන් තියෙන්නෙ...

අග්....ගි.....බ්වෑක්...

කොල්ලගෙ අඩන සද්දෙ...වමනෙ දාන සද්දෙ එක්ක මම අනේ වතුර එක අරන් දුවනකොට ඒකා ආයමත් වමනෙ දදා කෑ අඩගැහුවෙ අග්නිට වෙබකොට රතුම රතු පාට වමනෙ තලියක් එලිය දාන ගමන් කොල්ලා අග්ගියේ ගානවත් එක්කම අම්මා ලෙඩ කියලා නොබලා පොඩි එකාට ගහනකොට මම අම්මට කෑ ගැහුවා....

අග්....ගි....

කටවහපිය....තවත් අඩගහනවා.....තොපිට මෙච්චර හරියක් කෙරුවෙම ඔවුන් තමයි....

අම්මා.....!!!!

ගනින් මේකව...අප්පච්චි ලා පුතාලව මම මකවනවා...

...අම්මා....මමයි වැරද්ද කෙරුවෙ ...මමයි යකෙක් ගෙට දාගත්තෙ එහෙම කියල හය හතර නොතේරෙන අම්මත් නැති දරුවට ගහන්නෙ කොහොමද අම්මා???

අම්ම නැති හන්දා තමයි අපි බලන්නෙ.....ජෑම් බනිස් ගිලලා ගිලලා....ඔරොත්තු දෙයිද.....

මම අම්මා අතේ උන්න කොල්ලව මගෙ අතට අරගන ගහපු තැන අතගෑවා.....අම්මා කෑ ගහනවා....අග්නිව ගෙන්න ගත්තු තරහව ලමයගෙන් පවා පිට දානවා....වමනෙ දාපු කොල්ලා....කට අපුල කර කර ආයම ඔක්කාරෙ කරනකොට මම නොන්ඩි ගගහම කාමරේට එන්න ආවා....එ දෙන්නම යන්න ගිහිල්ලා....සුවදක් වත් ඉතිරි නොකරම.....

මම එහෙම්ම අඩන්න හුස්ම අල්ලන ලමයගෙ පිට අතගාන ගමං කොහෙද රිදෙන්න අහනකොට අම්මා සාලෙ ඉදන් ආයම කෑ ගැහුවා...

..නිඛිල් .....මගෙ...පුතාට.....කොහෙද රිදෙන්නෙ...

ඔන්න ඕකට පැනි ටිකක් පොවපන්.... උඹලට යක්කු එක්ක නටනකොට හොදයි...ඕකට ඇති අමාරුවක් නෑ...මයෙ පුතා ලමයි හදන හැටි මට උගන්නඩ එපා.....ලමයි හදන්ඩ ඕනා නම් යක්කුන්ට අප්පච්චි කියන්ඩ උගන්නවද.....මං උඹගෙ නඩුව ව්සදන්නම්කො ඉක්මනටම.....

..

🥺 ආයම එන්නා.....ම්...

ජොබීත නිදහාස්.....

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters