Cherreads

Chapter 74 - 74

දන්නවා නපුරුකම දරන්නම

නොහැකි බව

ඒත් උඹ දන්නවද ආදරේ තරම

මම

කල්පයක් බලන් හිඳ අයිති

කරගත් උඹව

ලේසියෙන් බෑ මෙමට

අතහැරලා හැරෙන්නට.....

කොයි කවුරුත් මොන ලෙසින්

පැමිණ උඹ රැවටුවත්

ටිකක් ඉවසන් ඉඳින් මාත්

අසරණයි බන්

හැම දේම විසඳනවා එතෙක්

මගෙ ළඟ ඉදින්

නාඩා තුරලෙම ඉදින් මං උඹව

රකින්නම්....

බොරු කතා රැසක් එයි

හිත උඹේ රිදවන්න

එපා බන් ඒවලට නම්මන්න

උඹේ හිත

කඩවරගෙ දෙපා මුල යැද්ද

මගෙ ආදරය

උඹට විතරමයි බන් වෙන උන්ට

නැත උරුම.....

වචනෙන් වචනෙමයි මළත්

මං රකිනවා

යකෙක් වුණු මට උඹව

මහමෙරක් වටිනවා

ඔතින් හැකි ඉක්මනින් උඹේ

ගින්න නිවනවා

කදුලු නොම වට්ටපන් අග්නි,

උඹ රකිනවා.....

(අග්නි ...)

(akirajeon04....ස්තූතියි නංගා ඔයාගෙ ආදරනීය වචනවලට ❤️❤️)

"ඇගට අමාරුයිද මගෙ ශිවන් ....?"

මං උන්නෙ එයාගෙ කලවා උඩ....නින්දෙන් ඇහැරුන නිඛිල් ළඟ උන්න භෛරව්ට අග්නි කියලා රැවටිලා අපුච්චියෙ....බයියන්න කියලා ආයම නිදා වැටෙන්න ගත්තා ...

පුංචි එකාගෙ ඇගේ තෙහෙට්ටුව කොයි තරම්ද කියනව නම් අනේ ඒකව ආයම භෛරව් හරහට ගත්තා විතරයි තත්පරයක් යන්න කලියෙන් ඇස් පියාගන නින්දෙම්ම තලු මරනකොට මන් බලාගන භෛරව් එයාගෙ පොඩි ඇගිල්ල ලමයගෙ කටට හිර කෙරුවා .....

අග්නි මගෙ කොන්ද අත ගගා ඇගට අමාරුයි ද අහනවා....මගෙ සර්වාංගෙ වේදනා නොද්නෙ කොතනද????වෙනදට ලක්ශ කෝටි පාරක් මට අඩ ගහන සමරවීරට මගෙ නම සම්පුර්ණයෙන්ම අමතක වෙලා ගිහින් තිබුනා අද සමරවීර නෙවෙ කතා කෙරුවෙ...මම උන්නත් නෑ වගේ.....

අග්නී.....

"ඇයි මැනිකෙ..."

අග්නිගෙ කට හඩ අස්සෙ ආදරේ උතුරනවා ඇයි මැනිකෙ කියලා අහනකොටත් අග්නි කෙරුවෙ උකුලෙ ඉන්දවන් උන්න මගෙ හිස් මුදුනට හාදුවක් තියන එක වෙනකොට ඉස්සරහට හැරිල උන්න මම හරි අමාරුවෙන් පැත්තට හැරිලා මගෙ කකුල් දෙකත් හරවන් එයාගෙ උරහිස උඩට ඔලුව හේත්තු කරගත්තා ....

මං හැසිරුනෙ ඊයෙ රෑ අල්ලපු අඩව් වල වෙව්දනාවෙන් මිසක් වෙන එකියෙක් හන්දා මං බාගෙට මැරුන බවක් ඇගෙව්වෙම නෑ....මොකද අග්නි දැන්ම හැසිරෙන විදිහ එක්ක දැන් මොකක් හරි කිව්වොත් භෛරව් කිව්වා වගේම මෙ හැම දේම සුන්නත් ධූලි කරන්න ඉඩ තියනවා .....

"ඇයි මගෙ මැනිකෙ...කොතනද රිදෙන්නෙ ...ම්ම්ම්"

පැත්තට හැරිලා ඉදගත්ත මගෙ යටි බඩ උඩින් අත තියපු එයා ආයම ඇයි මගෙ මැනිකෙ කියලා අහනකොට මං එයාගෙ මූන දිහා බැලුවා තවම හෝරා ගානයි....අපේ වගෙ අම්මෙක් වෙලාද කියලා බලන්න මාසයක් යනකන් බලන් ඉන්න ඕන උනෙ නෑ...බර දවස් එනකන් බලන් ඉන්න ඕනා උනෙ නෑ ...ඒ හැම දේම හෝරා ගානකින් වෙලා තියනකොට අග්නි උන්නෙ කියන්න බැරි සන්තෝසෙකින් වෙනකොට ඒ කටින් වචනයක් එලියට පනින ගානෙ හාදුවක් ඇවිත් මගෙ කම්මුලක් උඩ නැවතුනා...නැතිනම් බෙල්ල ගාව නැවතුනා ....එයා ආයම අහනවා කොතනද රිදෙන්නෙ කියලා ....

ඉතින්...ඔන්න අවස්තාව....ආදරෙ මදී නොකියන්නම දෙන තැනදි ආදරේ ලෝභ කමක් නැතිවම විදින්න පුලුවන් තැන....

සර්වාංගෙම රිදෙනවා අග්නි ....මේ හැම තැනම කැක්කුමයිනෙ....

"යෝ....මගෙ බිබික්කමව අග්ගියා සිදවලනේ....ම්ම්...කෝ බලන්ඩ....අප්පුච්චියත පෙන්නන...ඔව්...කෝත අප්පුච්චියේ සිදෙන්නෙ..."

යෝ....හ් අග්නී....

"ම්ම්ම්...."

මං අග්ගියේ ගානකොට කැතයි කියලා කියපු මගෙ අග්නිම අනිත් පාර මගෙ නිඛිල් වගේ හුරතල් වෙන්න ගන්නකොට මං එයාගෙ බෙල්ල වටේ අත් දෙක ඔතාගත්තා .....

එතනින් පස්සෙ පුංචි එකා එක්ක නිදාගන උන්න භෛරව්ගෙ ඇස්වලට හොරෙන් මගෙ අග්නි විසේ කාර රෝමාන්තිකයෙක් උනා කිව්වොත් හරි...ඒ ඇස්වලින් බේරිලා හාදුවක් දෙනවා වෙනුවට හාදුවක් විදින්න කනට කොදුරන ගමන් රහස් කියන්න ආයමත් මගෙ අත් එයාගෙ අත්වලට පටලවන් සැරින් සැරේම මන් උඹට මැරෙන්න තරම් ආදරෙයි කියන්න විතරක් නෙවෙ අවසානෙදි හාදු දීලම එයාටම ඇතියි කියලා හිතුන තැන මං හුගාක් සතුටින් ඉන්නෙ මැනිකෙ කියපු අග්නිම ඊලග තත්පරේදි කියපු වචන එක්ක මගෙ සර්වාංගෙම බයටම හිරි වැටිලා ගියා .....

"මගෙ ශිවන් ....මන් අප්පච්චි කෙනෙක් වෙන්න යන්නෙ.....මට සතුටුයි ...උඹගෙ අග්නිට ඒ සතුට විස්තර කරන්න වචන නෑ මැනිකෙ ...මං බලාගන උන්නා....මේක මං කල්පයක් තිස්සෙ බලන් උන්නා....මං ඉන්නෙ දරාගන්න බැරි සතුටකින්.....කරුනාකරලා ප්‍රවේසමෙන් .....තියන අඩියක් ගානෙ....උගුරෙන් පහලට යන වතුර උගුරක් ගානෙ ප්‍රවේසමෙන් ....හැබැයි මැනිකෙ ....මගෙ සතුට මගෙන් උදුර ගන්න....නැති කරලා දාන්නෙ මොකාද .....මං මේ ඔක්කොම නැති කරලා දානවා ....අලු කරලා දානවා කව්ද හරි....කව්ද වැරදි කියන්නවත් මං හොයන එකක් නෑ මගෙ ශිවන් ....උඹ අදහන දෙවියන් පල්ලයි.....උඹට උනත් එච්චරයි මරන එක මරලා දානවා ..."

මං හුස්ම හිරකරගත්තා .....මගෙ වැවුන කොන්ඩෙන් කොන්ඩ කැරැල්ලක් මූනට වැටිලා තිබුනා වගේම ඒක කන පිටිපස්සට කරපු අග්නි මම උනත් එච්චරයි මරන එක මරලා දානවා කියනකොට මගෙ කැබින් එකේ දොරට තට්ටු උනේ මගෙ හිතේ තවත් ගින්නක් අවුලන් වෙනකොට මං ඉක්මනට අග්නිගෙ උකුලෙන් බැස්සා බැහැලා එලියෙ ඉන්න එකාට ඇතුලටවත් එන්න නොදී ගිහුන් බෙල්ල එලියට දානවා එක්කම අර ගෑනි හිනා වෙන ගමන් මගෙ අතට මල්ලක් දුන්නා...

ආ මහත්තයා ....

ම්ම්..මොනවද මේ....

කටේ අපුල ගතිය යන්ඩ....පහලට ගියහම දැක්කෙ...මහත්තයට අජීර්නයක් ...

මං ගෑනිගෙ අතෙ තිබුන මල්ල ගත්තා ...කටෙ තිබුන අපුල කියනකොටම මට මතක් උනේ අච්චාරු වෙනකොට කෙල උනනවා වෙනුවට මට ආයම දැනුනෙ ඔක්කාරයක් වෙනකොට මං කට තද කරගන ඉක්මනට මුල අරන් දොර වැහුවා ...

"කව්ද මැනිකෙ...මොනවද ..."

මොකුත් නොකියම කටට අත තියාගන උන්න මම ඉක්මනට එයාගෙ අතට මල්ල දීලා මගෙ අත් දෙකෙම්ම කටයි නහයයි වහගත්තා එයා උරේ ඇරලා බෙල්ල දැම්මා...

"ආ..මේ...අ.."

අනේ අග්නී.....එපා...නම කියන්න....මට...නම ඇහෙනකොටත් වමනෙට වගේ....

මං අග්නිට කෑ ගැහුවා ...ඇත්තටම මට අච්චාරු කියන නමම බඩ කලතවන්න ගත්තු හන්දම එයාට ඒ නම කියන්න නොදී පැත්තට වෙද්දි එයා ඒක දිහා බලලා ඇස් ඇකිලෙව්වා...

ඇයි අග්නී....

"නල ජරහන්ත..."

ඇයි...

"ගැට අන්නාසි...."

මං අග්නි දිහා බැලුවා ...ගැට අන්නාසිලු.....එයාට ඒක එච්චර ගානක් නොගියා උනත් මං හොරට නිදාගන උන්න භෛරව් දිහා බලනකොට එයා අග්නිට හොරෙන් ඔලුව වැනුවා හරියටම අරකි හිතලමයි ඔව්වා කරන්නෙ කියලා කියන්න...

අච්චාරු උරෙ එහෙන් පිටිම්ම කුනු කූඩෙට වැටෙන කොට අග්නියා මා දිහා බැලුවා ...හරියටම මගෙන් කන්න ආස දෙයක් තියනවද අහන්න වගෙ....

"මැනිකෙ...."

ම්ම්...

"අර කහපාට ගුලි හම්බෙන්නෙ නෑ??"

මොන කහපාට ගුලි....

"ඇයි මේ මේකටත් හම්බුනෙ....ඇරත් උඹටත් ඇටයා කාලෙදි හම්බුනෙ....?"

ත්‍රී පෝශ....??

"මන්දා.....අර අම්මෙක් බබෙක් වඩන් ඉන්නෙ.....??සුවද ගහන කහ පාට කුඩු වගේකට පොල් දාන්නෙ....ඒවා හම්බෙන්නෙ නෑ??"

මං ඔලුවට අතගහගත්තා ....මටද දොලදුක නැත්තන් අග්නියටද??මං හිතන් උන්නෙ මගෙන් කන්න ආසදෙයක් තියනවා නම් කියපන් මැනිකෙ කියයි කියලා ....ඒ උනාට සිද්ද උනේ අනිත් පැත්ත...

"අග්නිගෙ වස්තු කැටෙ....ඇත්තටම උඹට හම්බෙන්නෙ නැතිවෙයිද ...??මේ තියෙන්නෙ ....මේ තියෙන්නෙ....ශික්කෙ උඹලගෙ මේ අකුරු එක්ක නම් අපිත් අසරන වෙනවා...'

"කෝ බලන්න..."

"මේ බලපන් අග්නි...ඉරිගු සහල් සෝයා මුන් ඇට..."

දෙයියන්ගෙ නාමෙට මං ගෙදර එනකන් ඔය දෙන්නා ගෙදර යනවද අග්නි...??

මං කොන්දට අත තියාගන ඉදගන්නකොට භෛරවයා ඇහුන් නෑ වගෙ ඉදන් සාක්කුවට අතදාලා හෑන්ඩ් ෆ්‍රී දෙකක් ගත්තා...මේ ඔක්කොටම මුල චුට්ටමා...මේ හැම දේටම මුල ඕකා...

"මෙන්න මේක බේරලා දෙන්න කියපන්..."

"ඇයි උඹෙ අතපය කොර වෙලාද...එයාට බබෙක් හම්බෙන්න....ඔය වැඩ කරන්න බෑ අමාරුයි"

"බබා ඉන්නෙ බඩෙ මිසක් අත්දෙක උඩ නෙවෙනේ...මේ මගුල ඇඹරිලා තියන විදිහට මට ඉවසීම නෑ...මේ ගල්බාගෙත් එක්ක කුඩු පට්ටන් කෙරුවොත් උඹ අර හැලෝ කිට්ටා ඉන්න එක දෙනවද ....?"

"ඒක නිඛිල්ට..."

මගෙ ඔලුව පුපුරන්න වගෙ....ඉෆ්‍රිත්ගෙ පුත්‍ර රත්නයො දෙන්නා....යකා මාමන්ඩියා දැක්කා නම්.....පඩි දහතුනක් පහුකරන් ඝුන් අපායෙ දොර ඇරන් සදහටම අපායට වෙලා ඉන්නවා මිසක්කා ආයම කවදාවත් මේ පැත්ත බලන එකක් නෑ...

එහෙන් භෛරව් කෑ ගහනවා එකට ඇඹරිලා තියන හෑන්ඩි ෆ්‍රී දෙක ගලවලා දෙන්න කියලා අනිත් පැත්තෙන් අග්නි කෑ ගහනවා මට බබෙක් හම්බෙන්න කියලා .....අවසානෙදි ඉවසන්නම මලකරච්චලේ හන්දා මං හෑන්ඩ්ෆ්‍රී දෙක බේරලා උන් දෙන්නගෙම කනට එබුවා...

"මේ ඇබේ පොඩිනේ...."

"ඒකනෙ මැනිකෙ"

අනෙ අග්නි....උඹලට ඕක පොඩි උනාට අපිට ඇති...කෑ ගහලා ලමයව ඇහැරවන්න එපා අග්නි....කොල්ලට නින්දක් නෑ....

මං අග්නිගෙ ඔලුවට ඇන්නා....ඇනලා නින්දෙම්ම මූනින් අතට හැරුන පොඩි එකාගෙ පස්සට තට්ටුවක් දානකොට මං බලාගන භෛරවයා දිවත් පැත්තට දාන් දබරැගිල්ලෙන් අර ඵෝන් එකට දමාගන අනිනවා ...ඒක හරියටම අපි මුලු කී පෑඩ් එකේම හැම බට්න් එකක්ම හිමින් ඔබලා එන්ටර් බට්න් එකට විතරක් ගැලවිලා යන තරම් වේගෙන් අනිනවා වගෙ භෛරව් අර ඵෝන් එකට ඇගිල්ලෙන් දමාගන කොටනකොට මගෙ අග්නියා හැම දේම දන්න එකා වගෙ ඒකගෙ එකට හිමින් හිමින් තට්ටු කරන්න ගත්තා .මුන් දෙන්නම කරන්නෙ ඕකෙ තියන වෝල් පේපර්ස් බලන් ඉන්න එක...ඉන් එහා දෙයක් බෑ...

මන් ආයම ශීට් එකට ගියා ගිහින් ඉදගත්තා ....ඒ අතර තුර භෛරවයා මොනවා හරි අටමගලයක් ඔබලා ඔබලා මොකාක් හරි දාගන භෛරව් දිහා බලනකොට උන් දෙන්නම ලාවට ඔලුව වනන්න ගත්තා ...අරකා සින්දුවක් දාලා දීලා වගෙ....

මං ලැප් එකට එබුනා....මගෙ බඩ අස්සෙන් සැරින් සැරේම කැලතෙනවා ....එලියට පෙනුන් නැති උනත් මේ හෝරා ගානට මට නිකන් අමුත්තක් වගෙ දැනෙනකොට මං ඒ කාටත් හොරාවට පලවෙනිම පාරට මගෙ අග්නි පෙරුම් පුරාගන ප්‍රාර්තනා කරපු එයාගෙ වස්තුවට උඩින් අත තිබ්බා ....

ඔයා ඉන්නවද .....

මන් එයා එක්ක හිතින් කතා කෙරුවා ...නුපුරුදු හැගීම් මුලින් මුලින් මට ලැජ්ජාවක් ගෙනාවා උනත් තත්පරෙන් තත්පරේ ගෙවෙන කොට මං අපෙ පුතාගෙ මල්ලි බබා එක්ක හොරෙන් කතා කරන්න ගත්තා .....

එක අතක ඇගිලි ලැප් එකේ කී බෝර්ඩ් එක උඩ දුවනකොට අනිත් අත මගෙයි අග්නිගෙ ආදරේ සංඛේතෙ උඩ එහා මෙහා ගියා ....

එයා තවත් අග්නි කෙනෙක් වත් භෛරව් කෙනෙක්වත් නෙවෙ....

මම කවදාවත් නන්දිනී කෙනෙක් වත් මේධීනි කෙනෙක්වත් නෙවෙ....

අපෙ කිසිම එකතුවීමක ආදරේ හැගීම් දරා ගන්න බැරි තැන ගලපු කදුලු ආරුනම කිසිම වෙලාවක වෛරයක හැගීමක් නැති උනා ...

ඔයාගෙ අප්පච්චි ඔයාගෙ අප්පුච්චියට හුගාක් ආදරෙ කරනවා....ඉතින් ඔයා කොහොමද තවත් අග්නියෙක් වෙන්නෙ.....ඉතින් ඔයා කොහොමද තවත් භෛරව් කෙනෙක් වෙන්නෙ .....ඔයාටත් පුලුවන් නිඛිල් අයියා වගේම අප්පුච්චියෙ කියන්න....ඔයාටත් පුලුවන් ඔයාගෙ නිඛිල් අයියා වගේම අග්ගියේ කියන්න ....මං දන්නවා ..ඔයා කවදහරි නිඛිල් අයියටත් වඩා හයිය තියන කෙනෙක් වෙනවා....එතකොට මගෙ පුතා මගෙ පුතව බලාගන්න .....

මම මගෙ හිතින් හැඩයක් වත් නොදන්න එයා එක්ක කතා කෙරුවා ....

හිතට දැනෙන හැගීම් මොනවද කියන්න මට තේරුමක් නැති උනා...තේරුමක් නැති උනා නෙවෙ.....තේරුක් ගන්න හුගාක් හැගීම් මගෙ ගාව ගොඩ ගැහිලා තිබුනා...එයා ඉන්නෙ සතුටින් .. එයා ඉන්නෙ පුදුමාකාර සතුටකින්....වෙනදට කොයි වෙලෙත් ආවේස වෙන එය අද භෛරව් එක්කත් විහිලු තහලු කෙරුවා....වෙනදට කතා කෙරුවත් කා ගන්න හදන අහංකාර උද්දච්ච අයිය මලෝ දෙන්නා අද නිකන් පොඩි උන් ගානට වැටිලා උන්නා....

එයාලට ඔනෙ මාව හිනස්සවන්නද...

එයාලට ඕනෙ මාව සතුටින් තියන්නද...

හැම දේටම මාසයයිලු...

උන් තඹ තහඩු පුච්චනවලු...

භෛරවයි මායි විතරක් දන්න රහස හිත යට නිකන් අලු යට හැංගුන ගිනි පුපුරු වගේ වෙනකොට මම මගෙ අග්නි දිහා බැලුවා .....මෙච්චර වෙලාම සෝෆාවෙ නිදාගන උන්න ළමයා අනිත් පාර එරමිනියා ඔතාගන ඉදගන උන්න අග්නිගෙ උකුලෙ ඉන්නකොට අග්නි නිඛිල් ගෙ චූටි කකුල් දෙක අත ගගා දොයියන්න දොයියන්න කිව්වා....

මේ ආදරේ ගිනිගන්න මහ වෙලාවක් යන්නෙ නෑ....

මේ හිනාව නැත්තටම නැති වෙලා යක්ශාරූඪ වෙන්න මහ වෙලාවක් යන්නෙ නෑ....

කොටිම්ම මේ තියන සාමකාමි බව නැති වෙන්න මහ වෙලාවක් යන්නෙ නෑ....

අරකි ගැට අන්නාසි ගෙනාවෙ දැනගනමයි...නැත්තන්....දැනට එහෙම දෙයක් වෙලා නැති උනත් වෙන්න දෙන්න ඉඩක් තියන්න බැහැ කියන්නමයි...

දැහැමිනි . 

මට දැහැමිනීව මතක් උනා...මනුස්ස වේශෙන් ඉන්න යක්ශනී...අනෙ මගෙ අම්මා දන්නවද්.....??

කියන්න බෑ සමහරක් දේවල් තියනවා කපුවට හොයනවා තියා හිතන්නවත් බැරි....මේකිම වෙන්න ඇති අර බඩදරු ගෑනිව මරා ගත්තෙ...නැත්තන් මොකටද අහන්නෙ ඒකි ගැන කියලා නැද්ද කියලා ...

මටත් නොදැනිම මගෙ අතට කොලයක් පොඩි උනා.....අම්මගෙ කකුලට මිරිස් ගලක් වැටෙන්න හේතුව පස්සෙ ඉන්නෙත් ඒකි කියන දේ අවසානම මොහොතෙදි අම්මගෙම කටින් පැන්නා...අම්මා මට නොකියා උන්නෙ එක්කො අම්මා ඒකි ගැන දන්නවා...නැත්තන්...ඒකිලා අපිට හූනියම් කරයි කියලා හිතලා වෙන්න පුලුවන් ....

මම බෑග් එකෙ තිබුන පොත දිහා බැලුවා. උන් මගෙ ඇස් අන් දකරන්න හදනවලු.....පොතට අත ගහන්න හදන හැම වෙලේම මගෙ අත් පය අඹරවන්න හදනවලු ...

කොටිම්ම උන්ට ඕනෙ ආයම පාරක් මාව මරන්න .....කලින් පාරත් අතෑරුන අග්නිව මේ පාරවත් අල්ලගන්න....උන් දන්නවා ලෙහන්න බැරි බැදීමක් ඇති උනෝතින් සක්කරයගෙ පුතා වයිමටවත් අග්නිගෙව මගෙන් ඈත් කරන්න හම්බවෙන්නෙ නෑ කියලා .....

චටස්.....!!!

.." ශික්කෙ... හ්...."

.මගෙ කලපනා ලෝකෙ බිදුනා...මෙච්චර වෙලාම එයාව අත ගගා හුගාක් දේවල් කල්පනා ලර කර උන්න මම ගැස්සුනා .....

භෛර්වගෙ ඵෝන් එක...හෑන්ඩ් ෆ්‍රීදෙක පිටිම්ම බිම ....එයා ඒක විසි කරලා.....මගෙ අග්නියා නම් කොල්ලව තියන් වෙනම ලෝකෙක ඉන්නකොට භෛරවයගෙ අර පාන්ඩු පාට ලේ නැති මූන රතුම රතු වෙලා.....මේකට මොකක් වෙලාද

භෛරව් .....ඇයි....

මම ඉදන් උන්න තැනින් නැගිටින ගමන් ඇයි අහනකොට ඒකා ගස්සලා අහක බලාගත්තා ...

" මහ වනචර සින්දු....."

....?

වනචර සින්දුලු....ඵෝන් එක අල්ලා විසිකරල උන්න ඒකා ගස්සලා අහක බලාගත්තා ඒකගෙ කන අග්නියට හපන් රතු වෙලා...මම ඇවිත් පොලවෙ ගහපු ඵෝන් එක අරන් එක හෑන්ඩ් ෆ්‍රී එකක් කනෙ ගහන් භෛරව් දිහා බැලුවා....

..ඇයි...ඉතින් මේ සුදු අරලියා මලනෙ යන්නෙ....

"ඔව්...ඔව්...ඒක තමා යන්නෙ...අහල බලපන්කො...ශික්කෙ...උඹලා මහ නැහැදුන මිනිස්සු...."

භෛරව් සින්දුව ලියපු එකාට කියපු එකාට විතරක් නෙවෙ අපිටත් බනිනවා...

සුදු අරලියා මල....

පිපුනේ ඇයි තනිව .. .

" ඔන්න බලපන් දැන් ඕකා කියයි ලිංගික ඇසුරකට මට දැන් අවසරද කියලා....ඔන්න අග්නි උඹගෙ අඹු සිගිත්ත වලත්ත සිංදු අහලා අර බඩේ ඉන්න එකාවත් වලත්තයෙක් කරන්න යන්නෙ....ඔන්න මම කිව්වෙ නෑ කියන්න එපා...."

"මැනිකෙ.... "

දෙයියනේ භෛරව් !!!!

මම ආයම නලලය අත ගහගත්තා ..වැඩි කල් නොයා මගෙ නලල පුපුරනවා.....මුන් දෙන්නගෙ ඉවරයක් නැති මෝඩ කතා හින්දම මට නහරයක් ගහලා යන්න එනකොට මං භෛරව් ගෙ ඵෝන් එක ආයම නොදී අරන් එන්න ආවා...නැත්තන් මට වැඩක් කර ගන්න හම්බෙන් නෑ....

"මැනිකෙ මේ ඇතිද.....??"

අපි උන්නෙ ගෙදර ...හරි අමාරුවෙන් ඔලුව කෙලින් කරන් උන්න මං අවසානෙදි දෙයියනේ කියලා අටයි පහ නැතුව අටයි අට වැඩ කරලා ගෙදර ආවා ..අග්නිගෙ තැන හිස් කරන්න බැරි හන්දා භෛරව් යන්න ගියා උනත් අග්නිගෙ ඇස්වලින් වහන් වෙච්ච භෛරව් මගෙ ඔලුව අත ගාලා බය නොවී ඉදපන් කිව්වා....

පුලුවන් තරම් හිනා වෙලා ඉදපන් අග්නිගෙ වස්තුව කිව්වා....

අපි වගෙ පොඩ්ඩ බැරිවෙනකොට බෙල්ලක් අඹරන එකෙක් නැතිව උඹ වගේ එකෙක් ගෙනත් දියන් කිව්වා ....

කන බොන දේ ගැන වෙනදටත් වඩා ප්‍රවේසමෙන් කියපු භෛරව් දෙපාරක් නොහිතාම මාව තුරුල් කරගත්තා වගේම ඒ ඇස්වල කදුලු පටලයක් බැදිලා තිබ්බා...අවසානෙදි එයා ලොකූ හුස්මක් අරන් මගෙ අත් දෙක අල්ලන් උඹට ජාති ජාතිත් පින් ශිවන් කියලා එයා යන්න ගියා ...උඹට ජාති ජාතිත් අපි නයයි ශිවන් කියලා එයා යන්න ගියා...

එතනින් එහාට භෛර්ව්ගෙ කටහඩ නැති වෙලා යනකොට මගෙ අග්නි...වචනයෙ පරිසමාප්තියෙන්ම අප්පච්චියෙක් වෙලා උන්නා....කොටින්ම මේ ඉන්නෙ අමනුස්ස පරානයක්ද කියන්නවා තියා හිතන්නවත් බැරි උනා....

ගෙදර ආව ගමන්ම ලමයව හෝදවන්න වතුර බේසමට උනු වතුර පුරවලාඇදුමෙ ඉදන් ලැහැස්ති කරලා තිබ්බ එයා හිරමනේ උඩ ඉදගත්තු වෙලේ ඉදන් සැරින් සැරේම නාන කාමරේට ආවා...

පරිස්සමින් මැනිකෙ....වැටෙයි කියනවා ආය යනවා ...එයා එහෙම එනකොට අග්නි මං පිරිමියෙක් අග්නි කියලා කියන්න හිතුනත්....මං.තනි එකෙක් නෙවෙ කියන දේ මතක් වෙනකොට එක වචනෙකින් ඒ ආදරේ පොලවට සමතලා කරන්න තරම් නරුම හිතක් මට නැති වෙනකොට මං ලමයව මගෙ උකුල උඩ හරහට තියාගන නෑව්වා ....

කොල්ලව නාවන්න වෙලාවක් නෑ....රෑ නාවනවා ඇරුනම ....

එහෙන් අග්නි කෑ ගහනවා පොල් ඇතිද ගගා.....වෙනදට නහයෙන් ඇඩුවත් මේ ඇතිද මැනිකෙ ගෑවත් අග්නියා අද වත්තක හරි පොල් ගායි කියලා මට හිතුනා ..

අප්ලුච්චියෙ....

ඕ....අම්මියේ.....ඇයි...කෝ ඇස් වහන්බ ශැම්පු ගාන්න...

චැම්පු...ත.....අප්පුච්චියෙ ...ආ....පුතාත. 

ඔව්....පුතාගෙ තමයි කෝ ඇස් වහන්න නැත්තන් දයියා හැදෙයි.....

ම්ම්හුක්....ඔව්..වහගන්න....අප්පුච්චියෙ.....හැදෙයි නැත්තන් ...

මගෙ වස්තුවනෙ ඉතින්...

චූටි ඔලුව පුරාවටම මං ළදරු ශැම්පු දාලා ඇගිලි තුඩුවලින් අතුල්ලනකොට එයා ඇස් වහන් විතරක් නෙවෙ කටත් මොකක්ද කරන් ඉන්න්ස්කොට මන් ලමයව නාවලා නාවලා කන් වල වතුර යන්න කන් දෙකටත් පිඹලා කොල්ලව වඩාගන කාමරේට ආවා....

පුරුදු විදිහමයි ඇදක් නෑ....ආයමත් බිම...ඒකට මගෙ කපටි අග්නියා සාදරන උත්තරේකුත් දුන්නා එකක් මගෙ පරිස්සමලු....අනික කොල්ලව වැටෙයිලු...

සුදු මහත්තයා ...ඔහොම ඉන්න අප්පච්චි සෑට අදින සූට් එක අන්දනකන් ....කෝ පැම්පර්ස් එක අන්දවන්න එන්න.....

නාවලා ඔතාගන ආව කොලුවා හෙලුවෙන් මෙට්ටෙ උඩ එහා මෙහා දුවන්න ගත්තා .....අනෙ ඒකගෙ ඉකිල්ල රතු වෙලා හැම වෙලේම පැම්පර්ස් අන්දලා අන්දලා පස්ස රතු වෙලා...

"අනෙ මැනිකෙ...රෑටවත් ඕවා අන්දවන් නැතුව ඉදින්කො...අර ඒකගෙ පොඩි පුක රතු වෙලා...."

අග්..අග්...අගියේ....

"ඕ...ඕ...අග්ගියගෙ සුදු පුතා ජෝ නෑවා.....??"

පැම්පර්ස් එක අන්දනවද නැද්ද කල්පනා කර කර උන්න මගෙ පිටිපස්සෙන් ඇවිදින් අග්නි හිටගන උන්නා එයත් කිව්වෙ එපා කියලා වෙනකොට මං ලමයට ක්‍රීම් ගාලා පියරු ගාලා රෑට අදින ඇදුම අන්දවලා දෙනකොට අග්නියට ආයම පිස්සු හැදුනා මගෙ පුතා මගෙ පුතා අග්ගියේ රත්තරන් ගගා එයා පුලුවන් තරම් ලමයව ඉඹලා ඉඹලා අවසානෙදි කොල්ලව ඇඩෙව්වා . ....

කෝ ආ ගාන්න....ඉක්මනට බයි කෑවෙ නැත්තන් හැමදාම ඔහෝම චූටියට තමා ඉන්න වෙන්නෙ....

ළමයා අග්නි ගාව තියපු මම ගිහින් උයන්න ගත්තා ...අඩුම ගානෙ හොද්දක රසවත් බැලුවෙ නෑ.....එක වරුව දෙක ගෙවෙනකොට එලියට නොපෙනුනත් මගෙ ඇග ඇතුලින් මට දැනෙන්න සෑහෙන දේවල් වෙන්න ගත්තා . ....

කොන්දෙ කැක්කුම යට බඩ කැලතෙන්න ගන්න විතරක් නෙවෙ මගෙ කලවා පවා වේදනා දුන්නා ....

වමනෙ යන්න ආවා උනත් වමනෙ නොයනකොට ඒක ඊටත් හපන් මට වදයක් වෙද්දි දවල්ටත් හරිහමන් කෑමක් නැති උන කොල්ලට මං රෑට කන එක හරියට කන්න දුන්නා ...

"උඹට අමාරුයිද මගෙ ශිවන් මන් කවන්නද ....."

අග්නිගෙ අතේ උන්න ලමයගෙ කටට බත් ගුලියක් ඔබපු මම කොන්දට අත තියා ගත්තා ...සැරින් සැරේම දනහිස් කැක්කුම් කරන්න ගන්නකොට අග්නි මගෙන් දහපාරකට වඩා කවන්න අහනකොට මං හිනා වෙලා මම කවන්නම් කිය කිය පොඩි එකාට බොරු මායිම් දදා බඩ පිරෙන්නම කැව්වට පස්සෙ ළමයා අග්නිගෙ බෙල්ල බදාගත්තා

අග්ගියේ.....

"ඕ.....ඇයි.....බයියන්නද...?"

ම්හුක්....පුතා...ත....බයිය...මත....ඇයිල්ලනෙ....අප්පුච්චියෙ 

පුතාට බයිය මත ඇවිල්ලද ...එහෙනම් අග්ගියා එක්ක බයියන්වද.....ම්ම්ම්

අග්ගියා....එක්ක.....

"ඔව්.....අප්පුච්චිට මහන්සීලුනෙ.....මගෙ පුතාට බයි කවලා...."

මං හිටන් උන්නෙ වේදනාවෙන් ...රෑ දහයෙ කනිසම පහු වෙගන පහු වේගන එනකොට කලවා වලින් පටන් ගත්තු කැක්කුම දනහිස් ගාවට ගිහින් එතනිනුත් පල්ලම් බහින්න ගන්නකොට මං එහෙම්ම පුටුවෙන් ඉදගත්තා ...ඉදගත්තා නෙවෙ මාව ඉන්දවුනා....සැරින් සැරේම අල්ලන ඔලුවෙ කැක්කුම අග්නිට හැංගුවා උනත් වෙදනාව දරන්න අමාරු තැන් වලදි මගෙ ඇස්වලට කදුලු එනකොට මං භෛරව්ට අඩ ගැහුවා .....අනෙ උන්ව ඉවරයක් කරපන් කිව්වා....

"මගෙ ශිවන් ..."

මං.උන්නෙ කුසියෙ පුටුවෙ ඉදගන මේසෙට ඔලුව ගහන් ....ලමයව නිදි කරවපු අග්නි එනවත් එක්කම මං ඔලුව ඉස්සුවා ....

"අනෙ උඹගෙ ඇගට පන නැතිව ඇතිනෙ ....මං කවන්නද මැනිකේ....".

.

එයාගෙ ඇස් දෙක දුකින් බර උනා....මං උන්නෙ කකුල් කැක්කුමෙන් වෙන්න එයා හිතන් උන්නෙ මට තියෙන්නෙ වමනෙ ගිහින් තෙහෙට්ටුව කියලා වෙනකොට මගෙන් කවන්නද ඇහුවා ...

අග්නී...මට...කියපන් අග්නි....කොච්චර කල්...යනවද එයා එන්න .....?

තත්පරෙන් තත්පරෙ ගෙවෙනකොට මට උදෙ දැනුනට වඩා වෙනස් කම් දැනෙන්න ගත්තා .....එහෙන් එක වේදනාවක් අනිත් පැත්තෙන් තව වේදනාවක් වෙනකොට එයා මාව පුටුවෙන් නැගිටවලා එයා පුටුවෙන් ඉදගන මාව කකුල් උඩින් ඉන්දව ගත්තා .....

"ඊලග පෝයත් එක්ක මාසෙ පිරේවි ....මාසයයි.....අනෙ මගෙ ශිවන් මාසයයි...මට බය උඹ ලෙඩ වෙයි කියලා ...නොකා නොබී උන්නොත් උඹව මැරිලා යාවි..."

එයා මගෙ මූන අත ගෑවා පැලෙන්න සතුටක් තිබුනා උනත් එයාගෙ ඒ සතුට අස්සෙන් දුකක් වේදනාවක් හැංගිලා තියබ හැටි මං දැක්කා ..කොච්චර කොහොම උනත් යකෙක් එක්ක මිනිස් පරානයක් එකතු වෙන තැන තැලෙන්නෙ මගෙ පැත්ත වෙනකොට මාව දුර්වල වෙන එක ආය අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙ බව මම දැනන් උන්නා ...

..

මං උඹට කවන්නද ....අනෙ උඹ්ව ඇදිලා යයි උඹට පන නැති වෙයි කියන එයාගෙ අර සතුට තත්පරෙන් තත්පරේ හේදිලා යන්න ගත්තා ...එයාගෙ මූන තත්පරෙන් තත්පරෙ වෙනස් වෙන්න ගත්තා ...අර සතුටින් හිනා වෙලා උන්න මූන ටිකෙන් ටික අන්දකාර වෙන්න ගත්තා ...කොටිම්ම මෙච්චර වෙලාම මගෙ බඩ උඩ තිබුන අත එයා අයින් කර ගත්තා ...හරියටම මට ඕන් නෑ කියන්න වගෙ .....ප්‍රවේසම් නැති උනෝතින් මාව පවා මරනවා කියපු අග්නි චුට්ටක් වෙනස් වෙලා වගෙ දැනෙන්න ගත්තා ....

බයයි....

මගෙ හිතට නොසෑහෙන්න බයයි...

කොටිම්ම මේ ඉන්නෙ මගෙ අග්නි නෙවෙද හිතුනා ...

"මට සමාවෙයන් මගෙ ශිවන් ....එක අතකට මට තිබුනා එහෙම නොකර ඉන්න...මට තිබුනා එක්කො ඒ ගැන නොහිතා ඉන්න....."....

අග්නී....අනෙ අග්නී....ඇයි මේ...ඇයි මේ එහෙම කියන්නෙ අග්නි ..ඇයි මේ.....ඉතින් එහෙම නේන්නම් අග්නී...ඒක මට විතරක් නෙවෙ ...

"උඹට විතරයි තමයි ....ගෑනියෙක් වෙලත් අම්මටම දරා ගන්න බැරිව මැරෙන්න හැදුවා නම්...උඹ කොහොමද ඉවසන් ඉන්නෙ....තාම දවසක් ගෙවුන් නෑ....උඹ දැනටම මග මැරිලා ..."

අග්නි....මේ අහන්න මගෙ අග්නි....මං තාම කාලා නෑනෙ ..කෑවට පස්සෙ හරියාවි ....

"උඹ උඹගෙ මූන කන්නාඩියකින් දැක්කද ...?...මට බලන් ඉන්න බෑ මගෙ ශිවන් ..."

අග්නි ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා ...අර සතුට වෙනුවට එයාට කලකිරිමක් දැනෙනකොට මට බය හිතුනා ..එයා ආදරේ කර්න්න ඕන තැනකට වෛරකරාවි කියලා ...මට බය හිතුනා එයා නූපන් දරුවට වෛරකරාවි කියලා ....ඒත් ඇත්ත හේතුව ඒ නොදරුවා නෙවෙ වෙනකොට මං අග්නිගෙ අතෙ එල්ලුනා...මගෙ හිතත් සැරින් සැරේ හෙලවෙන්න පටන් ගන්නකොට මං අග්නිගෙ හිත හදන්න හැදුවා ....

අග්නී....එහෙම කියන්න එපා මේ ඉන්නෙ අපේ ...අපෙ පුතානෙ අග්නි...මේ ඉන්නෙ මගෙයි උඹගෙයි පුතානෙ අග්නි....මේ ඉන්නෙ උඹ බලාපොරොත්තු උන උඹ ඇගිලි ගැන්න දරුවා අග්නි .....

"උඹට ඒ දැනෙන වේදනා ඉවසගන්න පුලුවන්ද මගෙ ශිවන් ...එහෙම නැති නම්....එහෙම නැති නම් කියපන්...තවම....දවසක් වත් ගෙවුන් නැතිඑකේ මට පුලුවන් ...මට පුලුවන්....මේ දැන්ම එයාව අයින් කරලා ...

චටාස් !!!!!!....

"......."

මගෙ දෑහැට නොපෙනි පලයන් අග්නි !!!!

🙂ජොබීත.....නිදහාස් .....

මේ ළමයා බුජි.....ඔය ලමයිනුත් බුජියන්න ...

මම

Ferdeesha ❤️💚😘 .....

More Chapters