Cherreads

Chapter 48 - 48

හෙනරාජ තෛලය ....

මම හෙනරාජ තෛල හදන හැටි බැලුවා...ඒක ලේසි නෑ.....නිකන් පොල් තෙල් හිදිනවා වගේ ..කරන්නම් වාලෙ නෙවෙ....ඒ හැම තෙලක්ම හදන්න ඕනේ පේ වෙලා.....නැකත් බලලා.....පන පොවලා...

ම්ම්ම්.....

මම අග්නි දිහ බැලුවා...මාව කිටි කිටියට තුරුල් කරන් උන්න එයා නින්දෙන්ද කොහෙද කෙදිරි ගෑවා.....මගෙ අත හිරි වැටිලා...එයා මගෙ අත උඩ දැන් සෑහෙන්න වෙලා....විනාඩියක් ඇස් පියාගන්නම් කියපු අග්නිට අනේ තදිම නින්ද ගිහින් උන්න අග්නිට නින්දෙම්ම කෙදිරි ගෑවෙනකොට අත හිරි වැටිලා තිබුනත් මට අත අයින් කරගන්න හිත දෙන්නෙ නැති උනා...

මගෙ ආදරනීයම අග්නී....

මගෙ නපුරුම අග්නී....

මගෙ ඊරිසියාකාර අග්නී....

මම එයාගෙ ඇහැ ඇරෙන්නෙ නැති වෙන්න මම එයාගෙ නලලට වගේම කොයි වෙලෙත් මට මාව මරනවා කියන කටට හිනී හාදුවක් තිබ්බා....තියලා මම ආයම් පොත දිහා බැලුවා...

මට කියවන්න ඕනා....වෙන මොකටත් නෙවෙ...මට මේ කෙම්මුරේ පහු උනායින් පස්සෙ ආයම වැඩට යන්න වෙනවා....කාර් එක..ඵෝන් එක....මේ ඔක්කොම ආයම හදවගන්න වෙනවා...එයා කිව්ව කඩවර පූජාවක් තියන්ඩයි කියලා ....අම්මලා එන්නෙ අගහරුවාදා ...බදාදා මට කලාවැවට යන්න වෙනවා....බ්‍රහ්සතිපතින්දා.....

මට ලොකුම ලොකු හුස්මක් පිට උනා.....ඔෆිස් එකට ගිය වෙලේ ඉදම්ම මූසල ලොක්කගෙ කටේ තියෙන්නෙම මගෙ නම විතරක් වෙනකොට මට ඒක එක්ක ඔලුව උස්සන්න බැරි බව මතක් වෙනකොට මට වැඩට යනවට වඩා හොදයි වහ ටිකක් බොන එක හොදයි කියලා හිතුනා.....

පුංචි එකා...අනේ ඒකට මම වැඩට ගියහම...අම්මා අප්පච්චි උන්නත්..අම්මා.ඉන්න වෙලේට අග්නියට හැම වෙලේම දරුවා ගාවට යන්නත් බෑ.....චුට්ටන්ලා එක්ක වත් උන්නොත් හොදයි අනික කොල්ලා චුට්ටන්ට හරි ආදරෙයි.....ඌත් වක්කඩයක් වගේ කට තිබ්බට කොල්ලට ආදරෙයි.....

මම අග්නිගෙ පිට හිමින් අත ගෑවා ...පොරවන් උන්න සිනිදු රෙද්ද හන්දා ඇගේ තියන හැම රේකාවක්ම පිටට පේනකොට වෙන්දට සීතල අග්නි අද උනුසුමට උන්නා....එයා නිදි...හැමදවසකම ඇහැරන් ඉන්න මගෙ ආදරනීයම අග්නි නිදි...මම ආයම පොත දිහා බැලුවා....

පුස්කොළයේ සදහන් ආකාරයට මෙමෙ තෛලයේ ගුණයන් මෙසේය...

නි....ඛි....ල්....

එයා කෙදිරුවා .....නින්දෙන් උනත් එයගෙ හිත තිබුනෙ ගෙදර උන්න පුංචි එකා ගාවට වෙනකොට මට හිතුනෙම එයා ළමයා ගාවට කාවම හරි දාන්න ඇතියි කියලා.....ඔය අමනුස්ස විමානෙ ලමයව තනි කර්න්නෙ නෑ කියන එක මට සිය දහස් පාරක් හිතෙනකොට මම මගෙ හිරි වැටුන අත උඩ නින්දෙන් නිඛිල් ගැන කියවන එයා දිහා බලලා ආයම තෛලය හදන හැටි බැලුවා....

පානය කිරීමට.....

මෙම තෙල් බිංදු හතක් පානය කිරීමෙන් කැවුන වස විස අණවින දුරුවෙයි දහ අට සන්නි,පිස්සු ,ඔල්මාද,යක්ශ ඔල්මාද විසිවැදෑරුම් ප්‍රමේහ,හන්දිපත් කොරවීම්,වාතාබාධ දුරු කරයි.....

මම අනිත් පිටුව පෙරලුවා..

හෙනරාජ තෛලය පැලදීමට..

මෙම තෙක් ඇගේ ගාගන හෝ සුරයක දමා පැළද ගෙන දඩයනෙ ගියහොත් දඩයම් හිර ඇරී සතුන් ලැබෙයි..තුවක්කු දුනු හිර ඇරෙයි..යුද්ධයට ගියහොත් වෙඩි සැර ,කැපුම් කෙටුන් නොවැද ජය ලැබෙයි..වලස් දිවි කුළු ගව ආදී සතුන්ගෙන් විපත් නොපැමිනෙයි..පිසාච යක් බිය හා රාජ උදහස් ඇති නොවේ..සූදුවෙන් ජය ලැබේ සතුරු බල මැඩ තේජස බලය රැකෙයි...

මම ඇගිල්ල තියාගන අකුරෙන් අකුර වචනෙන් වචනෙ හරියටම සිහිබුද්දියෙන් කියෙව්වා ... ගන්න පුලුවන් මොන දේවල් වලටද කියන එක මම ආය ආයම කියෙව්වා ...

වශීකරනයට....

පිටුවෙ මැද කොටසෙ හෙනරාජ තෛලයෙන් වශී කරන හැටි ලියවිලා තිබුනා.....

මෙම තෙල් සුවල්පයක් කටරොලු මල් යුසින් අතෙර් ගාගන කැමතියන් ස්පර්ශ කිරීමෙන් වශීවෙයි...

ම්ම්....වශී කරන්නත් පුලුවන් ....ඒත් ඉතින් කෙනෙක් වශී කරනවා කියන්නෙ.....අවංකවම මම ඒකට කැමති උනේ නෑ...වශියක් කියන්නෙ කෙනෙක් අකමැතියි නම් එයාව ගුරුකම් සාත්තරෙන් අපේ හිත එයාගෙ පැත්තට නම්ම ගන්න එක වෙන්නෙ....ඒත් ඉතින් ඒක මන්තර බලයෙන් මිසක් ...ස්වකැමැත්තෙන් නෙවේනෙ.....

මම කල්පනා කෙරුවා ...ඒත්....සමහර දේවල් තියනවනෙ....අදර්මිශ්‍ටයන්ගෙ හිත් ධර්මිෂ්ඨ පැත්තට නම්ම ගන්න...ඒවගේ දේකදි නම් හොදයි....ඒත්.....ආදර සම්බන්දකම් වලට නම්....අනෙ අවංකවම එපා.....

මං වශීකරනෙ පැත්තක දාලා තෛලය හදන්න ගන්න ඖෂධ ටික කියවන්න ගත්තා ...මොකද මං හොදටම දන්නවා අග්නි ආවට ගියාට මේ කිසිම දෙයක් කියවන්න නොදෙන විත්තිය ...එයා අනිවාර්යයෙන්ම මං ලව්වා මෙ තෙල් දෙකම හදවයි...

තෛලය සෑදීමට අවශ්‍ය ඖෂධ...

ඇත්දෙමට යුෂ නැලියයි (නැලි1)

වෙනිවැල් යුෂ නැලියයි

අරත්ත අල යුෂ නැලියයි

මඟුල් කරඳ යුෂ නැලියයි

කුරුඳු පොතු යුෂ නැලියයි

දෙහි පොතු යුෂ නැලියයි

කාමරංගා යුෂ නැලියයි

ගොරකා යුෂ නැලියයි

ගොරකා යුෂ නැලියයි

හරන්කහ යුෂ නැලියයි

හීරැස්ස පලු යුෂ නැලියයි

අන්කෙන්ද යුෂ නැලියයි

අමු කහ යුශ නැලියයි

වේලා යුෂ නැලියයි

යකි නාරන් යුෂ නැලියයි

ඉඟුරු යුෂ නැලියයි

වරා මුල් යුෂ නැලියයි

දොඩම් පොතු යුෂ නැලියයි

කුකුරුමුවන් ගෙඩි යුෂ නැලියයි

දෙහි යුෂ නැලියයි

නාරන් යුෂ නැලියයි

අන්නාසි යුෂ නැලියයි

කලුවා අල යුෂ නැලියයි

පනම් පෙති යුෂ නැලියයි

දෙමට මුල් යුෂ නැලියයි

බෙහෙත් අනෝදා යුෂ නැලියයි

ඉරමුසු මුල් යුෂ නැලියයි

නික මුල් යුෂ නැලියයි...

මගෙ දෙවියනේ....මට මහන්සී.....අවංකවම මට මහන්සී.....කවදාවත් අහලා ඇති ඖශධ වර්ග පවා තිබුනා....සමහර විට අහලා ඇති...ඒත් මහා ලොකුවට මතකයක් නැතිව ඇති....බෙහෙත් සාත්තරේ කිසිම කෙනෙක් ආවට ගියාට උගන්නෙ නැති කොට මගෙම අම්මා පවා මගෙන් සමහර තැන ඒ සාත්තරේ හැංගුවා...අවංකවම කියනවා නම්...මම බෙහෙත් ගැන දැනගත්තෙ කනින් කොනින් වෙනකොට අම්මා කවදාවත් මට හෙද කම...මන්ත්‍ර සාත්තර ගුරුකම් ගැන කිව්වෙ නෑ....මුලින් මුලින් මම අම්මා එක්ක තරහා ගත්තා උනත්....ඇත්ත හේතුව අග්නිගෙම්ම එලිවෙනකොට මට මහා වෙදනාවක් දැනුනා....

මට ඉගන ගන්න බෑ කියලා කියන වාරයක් ගානෙම අග්නි මට කිව්වෙ වෙන්න ලියවිලා තියන දේ එක නම්....ඒකම වෙනවා මිසක්කා.....වෙච්ච දේ වෙනස් කරන්න...ඉරනම ලියපු මහබඹාටවත් බැහැයි කිව්වා.....

මම පොත දිහා බලන් උන්නා....හෙනරාජෙ හදන්ඩ නැකැත් වේලා තිබ්බා ....ඒක නිකන් රජ්ජුරුවන් වහන්සේට අර හකුරු හදන්නා බොරු කිව්වා වගෙ හිසට ජ්ටා බැදලා කටට මුඛවාඩාම් බැදලා තවත් මොනව මොනවදෝ කරනවයි කියලා පච කියලා කිලිටි පෙරාගන හකුරු හැදුවා වගේ නෙවෙ...මේක ජීවම් කරන තෙලක්.....මහා හෙනරාජ තෛලය...මහා රාජතරංගනී තෛලයකියන්නෙම බලවන්ත තෙලක් වෙනකොට ඒකට වේලා නැකැත් නැතුව කොහොමද ...

පොතේ ලියවිලා තිබුන වත්පිලිවෙත් ....නැකැත් වෙලා ....පිරිසිදු වෙනහැටි මේ ඔක්කොම දිහා බලන් උන්න මම පොතේ වෙන දෙයක් කියවන කියල වෙන පිටුවක් පෙරලුවා...මගෙ ගාව උන්න අග්නි හිමීන් සැරේ ගොර අදින්න ගත්තා ...අනේ....තත්පරයක් ඇහැපියවන්නම් කියපු මගෙ ආදරනීයම අග්නි ....

මම පොත පැත්තකින් දැම්මා...දැම්මා කිව්වට මගෙ කොට්ටෙ යටින් තිබ්බා...තියලා මම හිමීටම අග්නි එයාගෙ විලිවහන් උන්න රෙද්ද අරන් මගෙ ඇගත් වහගන එයාව තවත් ටිකක් තුරුල් කරගත්තා ...

සුදුමැලි මූන පුරාවටම විසිරිලා තිබුන කොන්ඩෙ මම හිමින් සැරේ මූනෙන් අහක් කරන ගමන් එයාගෙ ලෙ පාටට තිබුන යටි තොල හිමින් පිරිමැද්දා...

මගෙ ඊරිසියාකාරයා....මගෙ අදර්නීයම ඊරිසියා කාරයා...

හැඩ අහිබම...දිග ඇහිපිහාටු...නලලෙ සලකුන....වගේම ලේ පාට දෙතොල කිව්වෙම හාදුවක් තියන්න කියලා කියනකොට මම ඒ මූනට පහත් වෙලා හාදුව තියන්න හදනවත් එක්කම මට ඈතින් කටහඩක් ඇහුනා....ඒකත් ගෑනු කටහඩක් .....

හාදුව තියන්න පහත් උන මම කෙලින් උනා...කෙලින් වෙලා මම දොර දිහාවට කන හැරෙව්වා...

සිංදු කියනවා.....කව්ද....මෙහෙ.....

එයාගෙ තාතගෙ අන්තප්පුර උන් ද ..නැතිනම්...

අග්නී...

මම හිමින් කෙදිරුවා....එත් එයා නෙවේ ඇස් ඇරියේ....මගෙ අත උඩ නිදාගන උන්න අග්නි කෙරුවෙ නින්දෙම්ම අනිත් අතට හැරෙන එක වෙනකොට මම අග්නි දිහා බලලා ආයම අර ඈතින් ඇහෙන කටහඩ දිහාවට කන් දෙක දික් කෙරුවා .....

ඇගේ ඇදුමක් වත් නෑ....

අමු හෙලුවෙන් උන්න මම මගෙ දිහා බලාගන මටම මුමුනගන්න ගමන් මම ඇදන් උන්න ඇදුම් හොයනකොට මට මගෙ ඇදුම් එකක් වත් හොයා ගන්න බැරි වෙනකොට මම අග්නිගෙ ඇදුම පටලවගත්තා ....

අග්නිගෙ ඇදුම මගෙ උරහිස් වලින් පහලට වැක්කෙරෙනකොට දිග ඊට හපන් උනා...යටට අදින ලෝගුව ඔක්කොටම වඩා බර වෙනකොට මම ඒක ගලවල දාල උඩට අදින එක කඩා හැලෙන පහලට වැක්කෙරෙන අත් දෙකත් අටවගන මම අග්නි දිහා බලලා හිමින් සීරුවෙ බිමට අඩිය තිබ්බා 

මගෙ දෙවියනේ....සීතලයි ..අයිස් වගේ සීතලයි.....මම ඉක්මනට කකුල් දෙක උඩට ගත්තා...ඒත් අග්නිගෙ සෙරෙප්පු....ඒක දාගන ඇවිද්දොත් හොම්බෙන් යන එක අනිවාර්යයෙන්ම වෙයි කියලා හිතුනා...මොකද අග්නිගෙ කකුල් මට වඩා පලල්...වගේම දිගයි....ඊටත් ඒවා රජකාලෙ සපත්තු වගේ.....ඈතින් ඇහෙන සිංදුව ඔක්කෝටම වඩා මාව පිස්සු වට්ටනකොට මම ආයම කකුල් දෙක ආයම බිමට තිබ්බා...

අඩියක් දෙකක් ඇවිදන් යනකොට හරි යාවි....

මම ආයම මටම කියාගන්න ගමන් හිමින් සැරෙ ඇදන් බැහැලා අර දොර ගාවට ගියා. .ඒක එසේ මෙසේ දොරක් නෙවෙ...ගනින්න බැරි තරම් කැටයම් ගොඩක් දොර ඇතුල් පැත්තෙන් කපලා තියනකොට මම ඇගේම හයිය ඒකතු කරල දොර අගුල පන්නන් මම හිමින් සැරේ එලියට ආවා.....

මෙතනින් කොහෙටද...

සින්දුව ඇහෙන පැත්ත හොයා ගන්න බැරිව මම හතර වටටම ඔලුව හැරෙව්වා....වෙනමොකටවත් නෙවෙයි....ඒම සිංදුව එක වෙලවට එක එක පැත්තෙ ඇහෙනකොට මම යාගන්න පැත්තක් හිතා ගන්න බැරුව අසරන වෙනකොට මාව පහු කරන් ගියපු ගෙජ්ජි සද්දෙ වගේම මගෙ කන් වලට ඇහුන හින වෙන මුමුන සද්දෙ....ඒ විතරක් නෙවෙ මොකක් හරි සිනීදු දෙයක් ඇගේ වැදීගන යනකොට මම හුස්ම උහලට අල්ලන් උන්නා...

ගෙජ්ජි.....අනිවාර්යයෙන්ම ඒක පා සලඹක් වෙන්න ඇති.....ඒ සුවද ..අනිවාර්යයෙන්ම උන්ගෙ කොන්ඩෙන් ආව සුවදක් වෙන්න ඇති .....පා සලඹක් බදිනවා නම්....ඒ අනිවාර්යයෙන්ම ගෑනියක් වගේම මගෙ ඇගේ වැදීගන ගියේ සේල රෙදිකඩක් වෙන්න ඇති . .....

සමහර විට ඒ අය යන්නෙත් ඒ කටහඩ ඇහෙන පැත්තට වෙන්න ඇති.....

මම මාව පහු කරන් ගියපු ගෙජ්ජි සද්දෙ හේව්වා....

සස්.....

සස් ...

සස් ...

සස් .....

ඇස් ඇරන් ඉන්නකොට ගෙජ්ජි සද්දයක් නෑහුන හන්දම මම ඇස් වහගන ඒ ගෙජ්ජි සද්දෙ හෙව්වා වගේම අවසානෙදි ඈතට ගියපු එ සද්දෙ ඇහෙන නෑහෙන ගානට ඇහෙනකොට නිරුවත් යටිපතුල් වලට දැනෙන සීතල දරා ගන්න බැරිව කකුලෙන් කකුලට මාරු වෙවී උන්න මම මටත් වඩා දෙගුනයක් ලොකු හැම පැත්තෙම්ම එල්ලෙන අග්නිගෙ ලෝගුවත් උස්සන් ගෙජ්ජි සද්දෙ පස්සෙ පන්නන්න ගත්තා. ...

සරස් ..සරස් .....

සරස් ...සරස්....

කඩා හැලෙන කොන්ඩේ.....අග්නිම එයාගෙ ලේ වලින් සායම් පාට කරපු රතු පාට තොල්...රත් අදුන් ගාපු ඇස්....මේ ඔක්කොම එක්ක ලොකුම ලොකු දිග ලෝගුව උස්සන් මේ ගල් කනු කොරිඩො මැදින් යනකොට මට මාවම සුරංගනා කතාවක ඉන්න සුරංගනාවක් ව මතක් උනා.....

නෑ....සුරංගනා කතාවක් නෙවෙ.....

අනේ මන්දා....මට තේරෙන්නෙ නෑ ..ඒක මහ අමුතු ගැහීමක්....

ගවුමක් හා සමාන ලෝගුවක් ඇදගන පෑගෙයි කියලා බයට සෙරෙප්පු නැති කකුල් වලින් ඉක්මන් අඩි තිය තිය සිංදු සද්දෙ පස්සෙ පන්නන මාව සින්ඩ්‍රෙල්ලා වගෙ දැනෙන්න ගත්තා....

ඉෆ්‍රිත් දෙවොල...

සම්පූරනම හදලා තිබුනෙ ශෛලමයෙන් වෙනකොට මේක මිලකරන්න බැරි තරම් පෞරාණික වස්තුවක් කියලා මට දැනෙනකොට මුලු කොරිඩෝව පුරාවටම අවුලල තිබුන් පහන් වලින් මම ජීවිතේට ඉව නොකරපු සුවදක් දැනුනා.....

සුවදයි ..නිකන් නෙවේ..මෝහනේ වෙලා යන තරන් සුවදයි....

ඉද හිට ඇහෙන හිනා සද්ද වගේම...ගෙජ්ජි සද්ද දැන් දැන් දැන් එක දිගට ඇහෙනකොට අර සින්දු සද්දෙට සිතාර් එකක තත් අඩන සද්දෙ පවා එකතු උනා...

අනේ දෙවියනේ.....

කන් ගාවින්ම ඇහෙන සද්දෙ පස්සෙ පන්නපු මම කොරිඩෝව දිගේ දුවගන ඇවිදින්අඩ සද හැඩේට හදපු සදලුතලේක නවතිනකොට දැකපු දේ ඒක මගෙ අත ඉබේටම පපුවට ගියා වගේම කාත් කවුරුත් නැතිව තට්ට තනීයම සිතාර් එකක් තියාගන සින්දු කියන ගෑනු රූපෙ දැක්කම මට පිස්සු හැදෙන්න ආවා....

ඒ කටහඩ.....සිතාර් එකෙන් එන සංගීතේ ....නලවලා කියන හරි වලදි කටහඩ නලවලම කියනකොට මම මෙච්චර වෙලාම උස්සනුන්න අග්නිගෙ ලෝගුව පවා අතෑරලා ගල් කනුවකට හේත්තු උනා....

ගල් පොලවෙ සීතල යටි පතුලට දැනුනා.. ඒත් මම නෙවෙ එතනි අහකට උනේ....අඩුම ගානෙ කකුලක් වත් මාරු කෙරුවෙ.....

කිව්වට විස්වාස කරන්න මට මාව පවා අමතක උනා....හුස්ම ගන්න...ඇහිපිල්ලම් ගහන්න.....මට මේ මොකුත්ම මතක නැති උනා....

සීතල හන්දා යටි පතුල් හිරි වැටිලා කකුල් ලේ පාට උනා උනත් මම උන්නෙ මෝහනේ වෙලා....

කොටිම්ම මට අග්නිව පවා අමතක වෙන තරමට මම අර සිංදුවට බැදුනා.....මටත් නොදැනි මගෙ ඇස් වලින් කදුලු වැටුනා ....හේතුව මොකක්ද කියන්න මම වත් නොදන්න කොට මගෙ ඇස් වලින්සට සට ගාලා කම්මුල් හෝදන් කදුලු කැට පහලට වැටෙනකොට මම සදලු තලෙන් පහලට එන්න පටන් ගත්තා .....

සිතාර් එකෙ තත් ඉඩ දුවන ඇගිලි මාව පිස්සු වට්ටනකොට මට මගෙ කකුල් නවත්තගන්න බැරි උනා.....නාන පොකුනක් ගාව ඉදගන් තට්ට තනියම සිංදු කියන ගෑනි මගෙ සම්පූරනම සිහිය මගෙන් උදුර ගන්නකොට මං ඒ කටහඩට පිස්සු වැටිලා උන්නා....උමතු වෙලා උන්නා....කොටිම්ම මං මෝහනෙ....ඔව්....මං මෝහනේ වෙලා උන්නා....ඉෆ්‍රිත් දෙවොලෙන් ඇහෙන මේ සිංදුව එක්ක මාව මෝහනෙ වෙලා තියනකොට මං අග්නිගෙ ලෝගුව බිම දිගෙ ඇදගන යන ගමන් පහලට දිව්වා....

හරිටයටම දේව්දාස් එකේ පාරෝ අර පොට දිගම දිග සාරිය ඇදන් සදලු තලෙන් තව පැත්තකට දුවනවා වගෙ මගෙ සර්වාංගෙම වහන් උන්න අග්නිගෙ ඇදුම් බිම දිගෙ අද්ද අද්ද සීතල උහුලන්න බැරිව රතු ගැහුන කකුල් සීතලට පැලෙන්න ඔන්න මෙන්න තියනකොට මං පඩිපෙල දිගේ උමතුවෙන් වගෙ දුවන් ආවා....

අනේ දෙවියනේ ....මාව මැරෙන්න වගෙ.....

අවසානම පඩියට පඩි දෙක තුනකට උඩින් නැවතුන මං දුවගන ආව හන්දම ගැහෙන පපුවට අතක් තියාගන හයියෙන් හුස්ම අල්ලන ගමන් අර සින්දුව කියන ගෑනු පරානෙ දිහා බලන් උන්නා...

සුවද දුම් කූරු වලින් එන සුවද හතර අතට යනකොට සුවද දුම් වලට මාව තවත් මත් වෙන්න ආවා වගේම මම වචන නොදන්නවා උනත් තාලෙට හරියන්න ඒ සිංදුව මුමුන මුමුන ඒ දිහා බලාගන උමතුවෙන් වගේ ඉන්නකොට මෙච්චර වෙලාම සින්දුව කියපු ඒ ගෑනු පරානෙ සිතාර් එක පැත්තකට තිබ්බා...

අනේ...

මට මිමිනුනා .....කනට මී පැනි වක්කරනවටත් වඩා අන්තෙට අහන් ඉන්න එකා උමතුවෙලා මැරිලා වැටෙන තරම් ලස්සනට සින්දුව කියපු ඒ ගෑනු පරානෙ නැගිට්ටා .....

චස්.....

චස්.....

චස්...

චස්.....

තියන අඩියක් ගානෙම ඇහුනෙ කකුල් වලට බැදපු සලඹෙ සද්දෙ වෙනකොටත් ඉෆ්‍රිත් දෙවොලෙ සිංදු කියපු මේ ගෑනු පරානෙට මං වහ වැටීගන බලන් උන්න තරම කොයි තරම්ද කියනවා නම් මගෙ යටි පතුල් පැලිලා ලේ පවා ඇවිදින් තිබුනා....

මං බලාගන උන්නා....

සිතාර් එක පැත්තකින් තියපු මනමෝහනීය ගෑනු පරානෙ අනිත් පාර සාම්බ්‍රානි වලටත් එහා ගියපු සුවද දුම් කුඩු දාපු දුම් කබලක් අරන් එයා ඉදන් උන්න තැන ඉදන් අඩි දෙක තුනක් ඉසාරහට ඇවිදින් මොකක් හරි දේකට දුම් ඇල්ලුවා ....

මං තව අඩියක් පහලට තිබ්බා...

ගෑනි මුමුනනවා....මුමුන මුමුන දුම් අල්ලනවා .....

නටරාජ් පිලිමයක් ...

ඒක නටරාජ් මූර්තියක් ....

සුවද දුම් කුඩු දාපු දුම් කබලෙන් එන සුවද දුමාරෙ අර නටරාජ් මූර්තිය වහගන්නකොට ඒ ටිකකිම්ම ආයම බෙර සද්දයක් ඇහුනා.....ඒක ආතත....විතත...විත තාතත වෙනකොට තත් භාන්ඩවලින් එන සංගීතයක් ඇවිදින් ආතත වලට එකතු වෙලා වෙනත්ම ලෝකයක් මවලා ඒ හැම දේම එක පාරම නැවතිලා ගිහින් තත්පර ගානකට හැම දේම නැවතිල ගියා ...

මං උන්නා...මං බලාගන උන්නා....ඇස් පිල්ලමක් වත් නොගහා මං බලාගන උන්නා.....

චස්...චස්....චස්....චස්....

අර ගෑනු පරානෙ ලතාවකට ඇවිද්දා ..ඇවිදින වාරයක් ගානෙම ඔලුවට ගහන් උන්න මල් මාලෙන් මලක් බිමට වැටුනා වගේම ආයම හරියටම හරි මැද හිට ගත්තා .....

සිතාර් එකේ තත් වල සද්දයක්...තබ්ලාවක සද්දයක් ලාවට ඇහෙනවා එක්කම අරගෑනු පරානෙ නටන්න ගත්තා ..

දෙවියනෙ....ඒක අයිගිරි නන්දිනි දුර්ගා නර්තනය නේද...

ඔව්....ඒ ඒකමයි ...ඉෆ්‍රිත් දෙවොලෙ දුර්ගා ?????

ඔව්...දෙයියනේ ඔව්.....අසුරයෙක්ගෙ දෙවොලක සුරයන් වෙනුවෙන් .....

මට හුස්ම ගන්න අමතක උනා ...අග්නිට මෝහනෙ වෙන්නෙ කොයි වගේද ඒ හා සමානවම මං මෝහනෙ උනා....

අයි ගිරි නන්දිනි,නන්ධිත මේධිනි

විශ්ව විනෝධිනි නන්දනුතේ

ගිරිවර වින්ධ්‍ය සිරෝධි නිවාසිනි

විෂ්ණු විලාසිනි ජිශ්නු නුතෙ,

භගවති හේ සිති කන්ඩ කුඩුම්බිනි

භූහිරි කුඩුම්බිනි භූරි කෘතෙ

ජය ජය හේ මහිශාසුර මර්දිනි

රම්‍ය කපර්දිනි

ශෛල සුතෙ...

අනේ..දෙවියනෙ...මට ඇස් පිල්ලමක් වත් ගහන්න මතක නෑ....මටත් නොදැනි මගෙ කටින් අයිගිරි නන්දිනි මිමිනෙනකොට අර ගෑනු පරානෙ අඩි ගගහා නැටුවා ...ඒ එක්කම සීතලම සීතල කටහඩක් ඇහුනා ...

'උඹ හදන්නෙ උමතුවෙම්ම මැරිලා යන්නද?"

මාව රත් උනා ...සින්දුවකට මෝහනෙ වෙලා ඇදිවත හොයා ගන්න බැරිව එයාගෙ ඇදුම් පටලවන් පයට සෙරෙප්පුවක් වත් නැතිව දුවන් ආව නැටුම දිහා බලන් උන්න මගෙ පපුව මටත් හොරාවට නැවතිලා තිබුනා වගේම ඇස් පිල්ලමක් වත් නොගගා කකුල් පැලනෙ සීතලෙ උමතුවෙන් උන්න මට ඇහුන සීතල කටහඩත් එක්ක මාව ගැස්සිලා යනකොට මං හිමින් සැරෙමගෙ පිටිපස්ස පැත්ත හැරුනා .....

දෙවියනෙ..භෛරව් ...ඒ උන්නෙ භෛරව් . ..නාන පොකුනෙ එහායින් තිබුන නිදාගන්න උනත් පුලුවන් පැද්දෙන ඔන්චිල්ලාවක ඇස් පියාගන උන්නෙ භෛරව් වෙනකොට මට කරකියා ගන්න දෙයක් නැති උනා ඒ එක්කම එයා වහගන උන්න ඇස් ඇරලා මාදිහා බැලුවා ...

ඒ ඇස්....මගෙ අග්නි වගේමයි.....නලල මැද තියන සලකුන.....සුදු මැලි පාට ...ලේ පාට තොල් නපුරු පාට මූන ...සීතල වගේම තෙතමනයක් නැති රළු කටහඩ මේ ඔක්කොම මගෙ අග්නි හා සමාන වෙනකොට පැද්දෙන ඔන්චිල්ලාවෙ උන්න භෛරව් ඔන්චිල්ලාවෙන් බිමට බැහැලා ගල්වලා පැත්තකින් තියල තිබ්බ ලෝගුව ඇදගන මගෙ ගාවට ආවා....

එයා එනකොට මන් පස්සෙන් පස්සට ගියා ....භෛරව් ඉස්සරහට තියන වාරයක් ගානෙම පස්සට ගියපු මාව වැටෙන්ඩ ගියා විතරයි භෛරවි මාව අලගත්තා .....නිකන් නෙවෙ එයා දත් මිටි කෑවා...

"මෝහිණී.....!!"

වැටෙන්ඩ ගියපු මං තවමත් උන්නෙ උන්නෙ වැටෙන්ඩ ගියපු විදිහටම වෙනකොට එයාගෙ එක අතක් තිබුනෙ මගෙ බද වටේ එතිලා ....එයා කෑ ගැහුවා . .එකම එකපාරයි .....අග්නිත් එක්ක මම නොදන්න භාශාවකින් කතා කරන භෛරව් අර නට නට උන්න ගෑනු පරානෙට මෝහිනී කිව්වා විතරයි මෙච්චර වෙලා ඇහුන හැම සංගීතයක්ම නැති උනා....හැම දේම නැවතුනා තාලෙට අඩි ගහනකොට ආව ගෙජ්ජි සද්දෙ ....මේ හැම දේම නැති උනා...අර මෝහිනී කියලා නම තිබුන ගෑනු පරානෙත් පස්සෙන් පස්සට ගිහින් අවසානෙදි හැරිලා යන්න යනකොට මං ඉක්මනට කෙලින් උනා හැබැයි තත්පරයි.....උපරිම ....මටත් නොදැනිම පැලුන යටි පතුල් වේදනා දෙන්න ගන්නකොට ඇදන් උන්න අග්නිගෙ ලෝගුවත් උස්සන් මං එක කකුලක් උස්ස ගත්තා භෛරව් ඇස් හීනි කරන් මා දිහා බලන් උන්නා.....

භෛ...භෛ...ර....ව්....ඔයා ..ඔයා.....

එයා මා දිහා බලන් ඉන්න ගමන් උඩට ඇදන් ඉන්න ලෝගුව ගලනවන්න හදනවත් එක්කම මම ගොත ගගහා පස්සෙන් පස්සට යන්න හදනව එක්කම එයා මාව අල්ලගත්තා ...

අත් ගොබෙම්ම ...

.හිමීට නන් නෙවෙ ....තද කරලා ... හරියටම මුරන්ඩු කමක් කරපු එකෙක්ව අල්ලනවා වගේ එයත් මාව අල්ලගත්තා ...

"උඹට ඕනෙ ඌට විතරක් දකින්න පුලුවන් දේවල් මගෙ ඉස්සරහත් එලියෙ දාගන ඉදලා ඌ ලව්වා මාව මරවන්ඩද??"

භ්....භ්....භෛර...ව්...

මට කතා කරගන්න හම්බුන් නෑ එයා එයාගෙ උඩට ඇදන් උන්න ලෝගුව ගලවලා මගෙ ඇගට පොරවලා මගෙ මූනට එබුනා....

"අග්නිගෙ අඹු සිගිත්ත...උඹ ඉන්නෙ අමු හෙලුවෙන් ...උඹට ඕන අයියා මලො අව්ලවන්ඩද ම්ම්ම්ම්"

එයා ම්ම්ම් ගෑවා...අනෙ එයා මගෙ අග්නි වගේම ම්ම්ම් ගෑවා....ඒ නපුරු බැල්මම තිබුන භෛරව් මා දිහා බලලා අග්නිගෙ අඹු සිගිත්ත කියලා වචන බර කරනකොට මට කොහෙ හරි හැංගෙන්න හිතුනා ....

එයා හරි...සින්දුවට මෝහනේ වෙලා ආව මං ඇවිත් තිබුනෙ අග්නිගෙ සිනිදු ලෝගුව පිටින් වෙනකොට ඒක ඇන්දට වඩා හොදයි නොඇද ඉන්න එක කියලා හිතෙනකොට මන් බිම බලන් තනි කකුලකින් හිටන් උන්නා විතරයි ඊලග තත්පරේදි එයා මාව හරහට උස්ස ගත්තා ...

.භ්...භෛරව් .....

"......"

භෛරව් ....මා...ව..මාව....බිමින් තියන්න...මාව....අනෙ අග්නි දැක්කොතින් මාව මරාවි ...භෛරව් ...

එයා මාව වඩාගන උන්නා මිසක්කා බිමින් තිබ්බෙ නෑ...මම කොච්චර දැගලුවත් දරදඩු වෙලා වගේ උන්නා මිසක් එයා මාවබිමින් තිබ්බෙ නෑ...

භෛරව් .....අනේ...අග්නි....අග්නි දැකොතින් මරාවි ...

"ඉතින්...."

ඉතින් කියන්නෙ.....අනෙ භෛරව් දෙවියන්ගෙ නාමෙට මාව් බිමින් තියපන්...

ආව්.....හ්හ්.....!!!!

මගෙ කොන්ද...

එයා මාව අතෑරියා ....එයා මාව එක පාරම බිමට අතෑරියා ....කිසිම හිතක් පපුවක් නෑ වගෙ එයා මාව බිමට අතෑරියා .....බිම වැටුන මම කොන්දත් අල්ලන් එයා දිහා බලනකොට එයා මා දිහා බලලා ඇස් හීනි කෙරුවා ....දෙවියනෙ...මේක අග්නිගෙ කපාපු පලුවක්...ඒ නපුරු කම එහෙම් පිටිම්ම....

"උඹ ඔය විදිහට මේ හැම තැනකම ලේ ගෑවොතින්.....උඹට වෙන්නෙ කොහොමත් මැරෙන්ඩ..."

භෛරව් ..

"අග්නි උඹට ආදරේ කරන්නෙම පිස්සුවෙන් ....උඹ උඹටම රිදවගත්තම ....ඌ කරන්නෙ ආපිට උඹටම රිදවන එක....ඇයි එහෙම කෙරුවෙ අහ අහ උඹව නොමරා මරනඑක...ඇරත්....උඹ ඔච්චර බය නම්...මොකටද මගෙ අඩවියට පය ගැහුවෙ අග්නිගෙ පුංචි මනාලි...ම්ම්ම්ම්....?"

භෛ..රව්...මේක....

මාව සීතල උනා....සීතල උනේ නෑ මට පන යන්න ආවා .....මං උන්නෙ භෛරව් ගෙ අඩවියෙ කියනකොට මට බයටම පන යන්න ආවා මං ගොත ගගහම එයා දිහා බලනකොට එයා කට කොනකින් හිනා උනා....

"මේක කාලි භෛරව්ගෙ මිසක්.....අග්නි....අග්නි අමරේන්ද්‍රන් ගෙ අඩවිය නෙවෙ පුංචි මනාලි...."

පුංචි මනාලි.....කාලි භෛරව් ....අග්නි අමරේන්ද්‍රන් ....ඒ වචන එයා බර කෙරුවා ...වෙලාවකට අග්නිගෙ අඹුව කියන එයාම ඊලග පාර පුංචි මනාලි කියලා බරකරලා කියනකොට ඒ වචන පුදුමාකාර තරම් බරයි කියලා මට දැනුනා වගේම එයා ඊලග තත්තපරේදි ආයම මාව හරහට උස්ස ගත්තා ....

"උඹ හන්දා මට මැරෙන්ඩ බෑ...."

එයා උගුරෙන් වගෙ මට කතා කරන ගමන් මාව ආයම අග්නිට දෙන්න අරන් එනකොට මං මීක් නොගා උන්නා වගේම ආයමත් එයාගෙ ගාවින් ආව සුවදට මාව මත් වෙන්න ආවා ....කොයි තරම් ඒ සුවද මාව මත් කෙරුවද කියනවා නම් මටත් නොදැනිම මම භෛරව් ගෙ බෙල්ල වටේ අත් පටලවගන්නකොට එයා ලාවට වගේ හිනා උනා .

භෛරව් .....භෛරව් ....අර අර මොකක්ද ...අනේ.....අර මොකක්ද ....?

"......?"

ලාවට හිනා උනත් හරි එයා නෙවෙ වචනයක් කතා කෙරුවෙ .....එයා නෙවෙ ආයම මා දිහා බැලුවෙ හැබැයි මම නෙවෙ එක විදිහකට උන්නෙ...මම එයාගෙ අත් දෙක උඩට වෙලා ඉදන් සක බඹරයක් වගේ කැරකි කැරකි හතර අතම කැරකෙනකොට රතු තිර රෙදි දාලා අනිත් තැන් වලට වඩා ටිකක් විශේශයෙන් සරසපු කාමරයක් දැකපු මම ඒ මොකක්ද අහ අහ දගලනකොට එයා ඇස් හීනී කරන් මා දිහා බලන් ඉදලා මාවත් වඩාගනම ඇතුලට ගුහින් මාව බිමින් තිබ්බා .....

සනීපයි ....උනුසුම් .....මෙච්චර සීතල ගල් පොලවක් තිබුන ඉෆ්‍රිත් දෙවොලෙ උනුසුම් තැනක් තියනවනවමද කොහෙද ....

මැටි ලාම්පු එලියෙන් එලිය උන.....සුවද දුම් වලින් සුවද ගහන ඒ කාමරෙ ඇතුල මට කියන්න නොතේරෙන මහා අමූතුම හැගීම් ගොඩකින් පිරිලා තියනකොට භෛරව් ගිහින් බිත්ති පදාසයක් වැහෙන්නම උඩ ඉදන් යටටම රතු පාට තිර පලු දෙකක් දාලා තිබුන තැනට ගිහින් ඔලුව.තුන් පාරක් නවලා සුවද කූරු අහුරක් අරන් අව්ලලා ඒ තිර රෙදි දෙක වහන් ඉන්න මොනවම හරි දේට ඇල්ලුවා ...හැබැයි....එයා ඒ දේ කෙරුවෙ පුදුමාකාර භක්තියකින් වෙනකොට මාත් ඇස්පිල්ලම් වත් නොගහා බලන් උන්නා ....

භෛරව් ....ඒ...මොනවද ...මං...අහන්නෙ මේ තිරෙන් පිටිපස්සෙ....තියෙන්නෙ ...

"බලන්න ඕනෙද ...."

ඔව්....අනේ ...කරුනාකරලා ....

මන් හරී හිමීට මිමිනුවා වගේම එයා ගිහින් අර තිර රෙදි ඇකිලුවා .....

.......???

ගෑනු රූප ....කාගෙද ....ඒ.....

මන් බලන් උන්නා.....කව්ද වැඩියෙම්ම ලස්සන කියලා කියන්න බැරි තරමට ලස්සන ගෑනු පරාන දෙකක රූප එකකට එකක් ලස්සන වෙනකොට එයා ඒ දිහා බලන් ඉදලා මා දිහා බැලුවා ....

"නන්දිනී.....මේධිනි..."

ඒ...ඒ කව්ද ...භෛරව් ?

"කවුරු කියලාද හිතෙන්නෙ....?"

මං එයාගෙන් ප්‍රශ්නයක් අහනකොට එයා මගෙන් ආපිට ප්‍රශ්නයක් ඇහුවා ...

එයා මා දිහා බලන් උන්නා ...

"උඹ බලාගන උන්නා නේද ....අසුර දෙවොලක ඇයි දුර්ගා නටන්නෙ කියලා ම්ම්ම්...."

ඔ...ඔව් ...අසුර දෙවොලක දුර්ගා නටන්නෙ....කොහොමද ...භෛරව් ...

"ඒකට හේතුව ...මේ ඉන්නෙ...උඹගෙ අග්නිගෙ වගේම ....මගෙ අම්මා...එකම තාත්තගෙ උනත්...වෙනස් අම්මලා ගෙ දරුවො උන අග්නිගෙ වගේම මගෙ අම්මා.....හැබැයි...මේ ඉන්නෙ....එකම තාත්තගෙ දරුවො කිව්වොත්..."

මට පිස්සු හැදෙන්න ආවා..මුලු අන්තප්පුරේටම ඉන්නෙ යක්ශනියො වෙනකොට මිනිස් දූවරු දෙන්නෙක්ට ඉෆ්‍රිත් වහ වැටිලා කියලා මතක් වෙනකොට මට පිස්සු හැදෙන්න ආවා විතරක් නෙවෙ ..අග්නිගෙ අම්මා....භෛරව්ගෙ අම්මා අක්කා නංගි කියලා කියනකොට මාව උස්සලා පොලවෙ ගැහුවා වගෙ උනා මං එහෙම්ම අග්නිගෙ අම්මා දිහා බැලුවා ...

නන්දිනී ....

මං එහෙම්ම භෛරව් ගෙ අම්මා දිහා බැලුවා ....

මේධිනී ...

හරි නේන්නම්....අගිරි නන්දිනි එකේ මේ නම් දෙක තියනව නේනම් දෙවියනේ ....මම එහෙම්ම වට පිට බැලුවා ....තවත් පින්තූර ...ඒ ඔක්කොම තෙල් සායම් පින්තූර ....

දෙවියනේ මෙච්චර ලස්සන ගෑනු පරාන දෙකක් ද ඉෆ්‍රිත් බලෙන් බඩ කෙරුවෙ .....

සාදාරනයි ...ඉෆ්‍රිත් පවා වහ වැටෙන එක සාදාරනයි ....දැන් මගෙ ඔලුවෙ ප්‍රශ්න කෝටියයි .....මෙච්චර ලොකු අන්තප්පුරයක් තියාගන ඇයි ඉෆ්‍රිත් නර පරාන දෙකකට මුල් තැන දුන්නෙ.....මං භෛරව් දිහා බැලුවා ...

භෛරව් ...මේ ඉන්නෙ.....ඔය දෙන්නගෙම අම්මලා...හරියට බැලුවම ...මේ ඉන්නෙ මම වගේම දෙන්නෙක්...ඒත්...ඉෆ්‍රිත්ගෙ මුලු අන්තපුරේම ඉන්නෙ අසුරාංගනාවො වෙද්දි....ඇයි.....මුල් තැන් දෙකම නර පරාන දෙකකට හම්බුනෙ භෛරව් .....

මම එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා වගේම එයා මගෙ අග්නි හා සමානවම ඇස් හීනි කරන් මා දිහා බලාගන උන්නා....

"ම්ම්...දැන ගන්න ඕනෙද ..."...

අනේ ඔව්නෙ....

"උඹගෙ ආදරනීයම අසුරයා නැගිට්ටොතින් ....?"

නෑනෙ.....එයා ගොර අදිනවා ...එයා නැගිට්ටොතින් මෙහෙ ඒවිනෙ නේද මල්ලි....?

සීතල කටහඩක් තිබුනත් අග්නි වගේම නොවුනත්...අග්නිට වඩා ටිකක් අඩුවෙන් තද ගති තිබුන භෛරව් මගෙන් හේතුව දැනගන්න ඕනද අහනකොට මං එයාගෙ ලගට ගිහින් හිටගත්තා ..ඒ විතරක් නෙවෙ සහෝදර කම් පවා කියනකොට එයා ලාවට ඔලුව දෙපැත්තට වැනුවා ...

"කල්පයක් පෙරුම් පුරලා අපෙ එකා කර ගගන් තියෙන්නෙ බිබික්කමක්...."

භෛ...රව්....

"මං උඹට වඩා අවුරුදු දහස් ගානක් වැඩිමල් ...අග්නිට වඩා අවුරුදු දෙක තුනක් බාලයි...කොට මගුලක්ම තමයි"

දෙවියනෙ භෛරව් .....!!!

මන් කෑ ගැහුවා ...මගෙ අග්නි වගේම එයත් මට කොට මගුල කියනකොට මං කෑ ගැහුවා ...අපෙ එකා මගෙ රෙදි ගලෝලා ...

"අහගනින් අග්නිගෙ අඹු සිගිත්ත ....මේ අසුර ලෝකෙ කොටස් පහක් තියනවා .....

දේව අසුරය...විනිපාතික අසුරය...වේමාණික අසුරය...ලෝකාන්තරික අසුරය...ප්‍රෙත අසුරය.....මෙන්න මෙතනින් ප්‍රේත අසුරයන් විතරක් නිරයේ වාසය කරනවා ...හරි...."

භෛරව් ....අත් දෙකත් පිටිපස්සට බැදගන උන්න භෛරව් අසුර ලෝකෙ ගැන කිය කිය එහා මෙහා යනකොට මං අහන් උන්නා....

"මෙතනින් දේව අසුරයො තමන්ගෙ සශ්‍රීකත්වයෙන් වගේම සම්පත්තියෙන් දෙවියන්ට සමානයි....ඒ වගේම විනිපාතික අසුරයො ඉතා බලසම්පන්නයි.....උඹලගෙ මනුස්ස පරාන පන බයෙ ගැහෙන යම රජ පවා මේ විනිපාතික අසුරයෙක්....යම පල්ලො වගේම අපායෙ රජුගෙ සේවකයෝ පවා අසුරයො....හරී..."

ම්ම්....මේ අනෙ එතකොට ඔයාලගෙ තාත්තා මල්ලි?එයා නෙවෙද අපිට ලෝදිය පොවන්න ඉන්න එක්කෙනා ...ඈ අපෙ එක්කෙනාගෙ මල්ලියෙ.....

"......මට උඹව අල්ලා විසික් කරන්ඩ හිතෙනවා අරූ ගාවටම ගුටි කාලම මැරිලා යමන් කියලාම.."

.

.

....

🤓ජොබී නිදහා ....ස්....

ජොබීත අද යෙ යෙ යෙවීන් දෙන්න බැරි උනානෙ...🥺👉👈

හෙට දෙන්නා.....ම්...

මුව පැතියා බුජි.....ඔය ලමයිනුත් බුජියන්ඩ🤓🤓🤓

..මම.....

ජොබී....මු.ක.හ.කැ.පිetc...😂

Ferdeesha ❤️💚😘 ....

More Chapters