ආ....ව්ව්හ්.....ආ....ව්ව්හ්...
මගෙ කකුලක කෙන්ඩයක් පෙරලුනා .....
අග්නි මගෙ කන් පෙත්තට රහස් මුමුනලා යන්න ගියායින් පස්සෙ මම හිතන්නෙ මට සෑහෙන්න වෙලා නින්ද ගියා...හබැයි මගෙ නින්ද තව දුරටත් දික් ගැස්සුනෙ නෑ.....
මගෙ කකුලක මස් පෙරලුනා....එක පාර ආව හිරිවැටීමක් එක්ක දනහිසට පහලින් දැනුන වේදනාවට මගෙ වැහිලා තියන ඇස් පියන් ඇරුනේ මාවත් කෙදිරි ගාගනම වෙනකොට මම නැගිට්ටා...නැගිටල ඉදගත්තා....
කකුල වේදනාවයි....ආව්හ් .අම්මා....ආව්හ්හ් .....
මම මෙට්ටෙ උඩ ඉදගනම කකුලට අතින් තට්ටු කරන්න ගත්තා.....ඒ කකුල පුදුම විදිහට වේදනා දෙනකොට මම ලමයව අතපත ගෑවා.....මොකද කාමරෙ විතරක් නෙවෙ ගෙයි එක තැනකවත් ලයිට් පත්තු උනේ නෑ අඩුම ගානෙ බුදු පහන වත්...ඒත් පහන් පැලක් එලිය නොකර කොහොමද ....ඇරත්....අම්ම තියන පහන.....අම්මා කතරගම දෙයියන්ට තියන පහන.....යහන කවදාවත් අන්දකාරෙ තියන් නෑ....ඒත් අග්නි කිව්වා මෙට්ටෙන් එහා මෙහා යන්ඩ එපාය කියලා ....ඒත්...නොයා කොහොමද .....
මම හිමින් සැරෙ නැගිට්ටා...නැගිටලා නොන්ඩි කෙටුවා...නොන්ඩි කොට කොටම ස්විච් එක ගාවට ගිහින් ලයිට් එක දාල ඇවිදින් මගෙ කොල්ලා දිහා බැලුවා...අනේ ඒකා නින්දෙන් පෙරලිලා මගෙන් ඈතට ගිහිල්ලා...
අප්පුච්චියේ.....අග්ගියෙ....තුත්තාන්...
අමන්ජියේ...කාක්කයෝ...ගගා රටටම කෑගහන ඇබිත්තන් කට එයා තදිම්ම වහගන නිදාගන උන්නා....
මට ලෝබයි.....ඇහැරන් ඉන්නකොට සැර උනාට අනේ කොල්ලා නිදා ගත්තම මට හරි පාලුයි....ඌ මගෙ හුස්ම වගේ....
මගෙ පුතා....
මං නින්ද ගිහින් උන්න කොලු පැටියව අරගන මෙට්ටෙ මැදින් තියලා ජනේලෙ ගාවට ගියා.....
මුලු පැත්තම අදුරුයි ....අද බර දවසක්...එහෙම වෙලත් යහන එලි නොකලොත් වස් වදින්න පුලුවන් කියන එක මගෙ හිත එකම දිගට මට වද දෙනකොට මම අග්නිට අඩගැහුව ...
අග්නීහ් ...
ඒත් එයාගෙන් නෙවෙ සද්දයක් ආවෙ....දෙවියන්ගෙ ඇල්ම බැල්ම වැටෙන දවසකම යහන අන්දකාර උනාම දෙවියෝ කෝප වෙන්නෙ නැද්ද...මං වෙලාව බැලුවා ...ගොම්මන පහුවෙලා ....කරන්න දෙයක් නෑ මට එලියට බහින්නම වෙනවා පුංචි එකාව තනි කරන්න හිතකුත් නෑ...මට ඒකව අරන් ගිහිල්ලත් බෑ...තියලා ගියා වගෙ නෙවෙ කොලුවව අරන් ගියෝතින් අග්නි මාව දෙකට ඉරාවි..... ආදරේ ගාවදි කොහොම උනත් මුරන්ඩු කම් ගාවදි හිතුවක්කාර කම ගාවදි මට අග්නි දිහා බලන්නත් බයයි....ඒ මූන ඒ තරම්ම නපුරුයි ...හිතන්නවත් ඉඩක් නොතිබුන එයා මාව පොලවෙ ගහනවා ...මැරිලා වත් යන්නෙ නෑ කිව්වම අග්නි මාව මරලම දාන්න හැදුවා ....
මම එහෙම්ම එලියට ආවා....අග්නි මැරුවත් කමක් නෑ...වස් වද්ද ගත්තොතින්.....
සාලෙ ලයිට් එකක් වත් නැතිව කට්ට කලුවර වෙලා යනකොට මම ගෙදරම එලිය වෙන්න ලයිට් ඇවිලුවා.....අවුලලා ගිහින් මූන හේදුවා...අතපය මේ ඔක්කොම හෝදන් ආයම ගිලන් පස හැදුවා...හදන වාරයක් ගානෙම මම සමාව ඉල්ලුවා...මට නින්ද ගියා.. මම එහෙම්ම හදා ගත්තු ගිලන් පස එකත් අරගන පහන් පැල ගාවට ගිහින් තිබ්බ අනිත් දේවල් ඔක්කොම අයින් කරලා මෙච්චර වෙලාම අන්දකාරෙ උන්න බුදුහාමුදුරුවන්ව එලිය කරලා එතනම තිබුන සුදු මල් ගහෙන් මල් ටිකක් කඩාගන වතුර ටිකක් ඉහලා බුදුන් වදින ගාථාව කිව්වා...එහෙන් මෙහෙ ඇහෙන අතු බිදෙන සද්ද . ඈතින් ඇහෙන බලල්ලු කා කියා ගන්න සද්ද එක්ක මම මගෙ පාඩුවෙ ඇස් පියාගන බුදුන්ට ගාතා කියලා එහෙම රත් මල් ගහ දිහාවට හැරුනා...කතරගම දෙයියන්ට තියන්නෙ රතු මල්....රත් මල් ගහටම තිබුනෙ මල් පොකුරු දෙක තුනක් වෙනකොට මම දාස් පෙතියා මල් තුන හතරක් කඩාගන අම්මගෙ දේවාලෙ ඇතුලට ගියා ගිහින් මෙච්චර වෙලාම අන්දකාරෙ උන්න කතර ගම දෙයියන්ගෙන් සමාව ඉල්ල ඉල්ල යහන එලි කරන්න ගත්තා..රත් මල්...පහන් සුවද කූරු මේ ඔක්කෝම අවුලලා අවසානෙදි අග්නි වෙනුවෙනුත් දෙවියන්ට තියන පහන ඇවිලුවා...එයා වෙනුවෙන් පහන් දෙකක් තිබ්බා...එකක් එයාව අම්මා ගාව තියා ගන්න එක අනික එයා වෙනුවෙන් දෙවියන්ට තියන එක....මම එතනින් එකක් විතරක් පත්තු කරල කතර ගම දෙයියන්ට මල් පහන් පූජා කරන ස්තෝත්‍ර කියන්න පටන් ගත්තා.....
ඕං පුත්තා ගමුකුලාශොක
නීප පාට ලිජානිච
සත් මල්ලිකා විල්වජාති
පුෂ්පානි ප්‍රති ගෘහ්‍යතාං
නානා විධානි පුෂ්පානී
ඍතු කාලෝද් භවානිච
මය,හිතාති දේවේශ
පූපාර්ථ ප්‍රතිගෘහ්‍යතාම්
රාජාභි රාජ දෙවේශ
පරිපූර්න දයා නිධෙ
මන්ත්‍ර පුෂ්ප ප්‍රද්‍යාශ්‍යාම්
කරුණා කර වල්ලභ
ඕං පුෂ්පාය නමං..
ඕං ආජ්‍ය ත්‍රිවර්ති යුක්නං
වභ්නි නායොජිතං මයං
දීපං ශ්‍රහාතං ස්කන්ධ
ත්‍රෛ ලෝක්‍ය තිමිරා පහං
ඕං දතං ගුග්ගුලු පේතං
සුගන්ධංච මනෝහරං
කපිලාග්‍රත සංයුක්තං
ධූපොයං ප්‍රතිගෘහ්‍යතා
මං මල් ටික පුජා කෙරුවා ....ඊට පස්සෙ පහන්..අවසානෙදි සුවද දුමාරේ....අත් දෙක වැදගන මං වචනෙන් වචනෙ කිය කිය වැදලා මං හිමින් හිමින් පස්සෙන් පස්සට ආවා...අම්මා වගේම අග්නි කියනවා කවදාවත් පස්ස හරවලා එන්ඩ එපාය කියලා .... .මං පස්ස හැරෙන්නෙ නැතිව එනවත් එක්කම මගෙ පිටිපස්සෙන් කවුරු හරි උන්නා....ඉදලා හැප්පුනා....මන් හැරිලා බැලුවා .....ඒත් කවුරුත් උන්නෙ නෑ... අග්නිද .....
අග්නී.....ඒ...ඔයාද...අග්නී...
තත්පරයක් දෙයක් ගියෙ නෑ මගෙ සර්වාංගෙම හිරිගඩු පිපුනා ...වෙරලු ගහෙ අත්තක් දෙකක් හෙලවුනා එතනින් එහා මං හුස්සමක් වත් ගත්තෙ නෑ එකම හුස්මට මං ගේ ඇතුලට දිව්වා ...හැබැයි නිකන් නෙවෙ ..මාව දෙතුන් පොලකම වැටුනා ...
අනෙ දෙවියනේ ඒ උන්නෙ අග්නි නෙවෙ....ඒ උන්නෙ මගෙ අග්නි නෙවෙ ....මගෙ අත් පය ඉදම්ම ගැහෙන්න ගත්තා .....වැටි වැටි ආව මගෙ කකුල් අතපය තුවාල උනාද මේ මොකුත් නොබල කෙලිම්ම ඇවිදින් ඔලුවෙ ඉදන් පොරවගත්තා ..
ඉ...ඉති...ඉති...පිසෝ...
අනෙ දෙවියනෙ මට ඉතිපිසෝව වත් මතක් උනේ නෑ...මගෙ කොදු ඇට පේලිය දිගේම ගියපු හිරිය සර්වාංගෙම අඩපන කරලා යනකොට මම බයේ ගැහි ගැහි කොල්ලව ලගට ඇදලා අරන් තුරුල් කර ගත්තා ...
ටික්.....
ටික්....
ටික්....
ලබ් ඩබ්...
ලබ් ඩබ්....
ලබ් ඩබ්....
බිත්තියෙ එල්ලලා තියන ඔරලෝසුවෙ කටු ටික් ටික් ගගා කැරකෙනකොට ඔක්කොටම වඩා මගෙ පපුව පුපුරලා යන්න ආවා ...පිටිපස්සෙ උන්න එකා මොකාද කියලා නොදන්නව උනත් ඒකගෙ සද්දන්ත කම ඇගට දැනුන හැටි මතක් වෙලා මාව බයෙ ගැහෙන්ඩ ගත්තු හැටියට සිහි විකල් වෙන්ඩ වගේ ආවා.....මට ඇදි වතේම මුත්‍ර යන්ඩ අවා....මොකාද උන්නෙ...මොකාද උන්නෙ කියලා හොයා ගන්ඩ බැරිව මට ඉන්න යක්කුන්ගෙ මුල් පුරුක් දෙක මතන් උනා.....රිටිගල ජයසේනයා....ඒත් නැත්තන් ඒකට විතරක් දෙවනි වන රීරියකා...සන්නි දහ අටේ එකා.....ඒ නැත්තන් පිරිමින්ට හදි කරන එකා ...
මං කොල්ලව අත් දෙකෙම්ම තුරුල් කරන් අකුරු පටලව පටලව ඉතිපිසෝව කියන්න ගත්තා ....
ඉතිපිසෝ භගවා අරහන්
සම්බුද්ධෝ
විජ්ජා චරණ සමපනෙනා සුගතෝ
ලෝකවිදු අනුත්තරෝ
පුරිසදම්ම සාරථි සත්ථා දෙවමනුස්සානං
බුද්ධෝ භගවාති .....
මං හිමින් හිමින් වචෙන් වචනෙ කිය කියෝම මගෙ හිතේ තිබුන බය තුනී කර ගන්න ඉතිපිසෝව කිය කිය නින්ද ගිහින් උන්න පුංචි එකාගෙ ඔලුව අත ගෑවා ....මෙච්චර වෙලාම ගැහිලා ගැහිලා පුපුරලා යන්න හදපු හදවත හිමින් හිමින් නිවිලා යනකොට මං අහගන ගහක අත්තක වහපු බස්සෙක් අඩන්න ගන්නවා....
අග්නී....
බස්සගෙ සද්දෙත් එක්ක මට මතක් උනේ මගෙ අග්නි වෙනකොට එයා තව අඩ හෝරාවකින් එනවා නේද කියන එක මතක් වෙච්ච මම හිතේ බය අඩු කරගන ඔලුවෙ ඉදන් පොරවන් උන්නා ...
නේ අග්නී....අනේ...අග්නී...ඉක්මනට් එන්නකො...අනෙ...ඉක්මනට එන්නකො මගෙ අග්නී....
ගෙවෙන තත්පරයක් තත්පරයක් ගානෙම මම කෙරුවෙ මගෙ හිතින් අග්නිට අඩගහපු එක වෙනකොට බය වැඩි කමට..මාවයි ලමයවයි යක්කුන්ට පෙනේවි කියලා බයට මම කාමරෙ ලයිට් එකත් නිවලා ගුලි උනා....
ම්ම්ම්හ්...ම්ම්ම්...ම්ම්....හ්හ්...
ආ..හරි..හරි...හරි මැනික....අප්පච්චි ආවම කුක්කු එකක් හදවගමූ....
මගෙ දැගලිල්ල හන්දම කොලුවා ඇස් ඇරියා අනේ ඒකට දවල් කවපු පිටින් නේද මතක් වෙනකොට මට වාවන්නෙ නැතිව ගියා...මම කෙදිරි ගාපු ලමයව හරහට අරගන හිමින් හිමින් නලව නලව අවසානෙදි අප්පච්චි ආවම කුක්කු හදලා දෙන්නම් කියනකොට එයාගෙ ඇස් දෙක ආයම පිය වෙලා ගිහින් තිබුනා... .....
අප්පච්චි ආවම කුක්කු හදා දෙන්නම්....වෙන වෙලාවට නම් මට අග්නිගෙයි ලමයගෙයි කෝලම් හිස රදයක් වෙන කොට අද මේ දැන් මගෙ ළඟ නැති උනත් අග්නිට අප්පච්චි කියලා කතා කරනකොට ඒ වචනෙ මට පුදුමාකාර හයියක් ගෙනාවා...
තත්පරෙන් තත්පරේ ගෙවුනා....විනාඩියෙන් විනාඩිය ගෙවුනා ....මගෙ හුස්ම පිරිලම ඔලුවෙ ඉදන් පොරවන් උන්න රෙද්ද උනුසුම් වෙන්න ගන්නකොට මං හිමීට ඇස් දෙක විතරක් එලියට දැම්මා එත් එක්කම එලියෙ උන්න බස්සා ආයම කෑ ගහනකොට මං මගෙ මූන ආය හන්ග ගත්තා .....
කිරීස්.....
කන් දෙකත් එක්ක හිරි වැටුනා ..තෙල් නැතිව හිර වෙන සරනේරුවෙ සද්දෙ ආයමත් මාව බය කරලා මරන්න හදනකොට මං අහගන ආයම කිරීස් සද්දෙන් වැහිලා ගියා ....එයාගෙ අඩි සද්දෙ එනවා...ඒත් ඒ අඩි සද්දෙ අද පොලවටත් බරට දැනෙන කොට මේ ඉන්නෙ නගෙ අග්නි නෙවෙද හිතුනා වගේම මං අතින් කටවහන් ලමයව කිටි කිටියට තුරුල් කර ගන්නකොට පොරවන් උන්න රෙද්ද කාමරේට ආව කෙනා ඇදලා ගත්තු පාරට දෙකඩ වෙලා ගියා ....මං බයේ විලාප තිබ්බා....
අග්නී....හ්....අනේ....අග්නී....ග්..
මං එයාගෙ නම කිය කිය කෑ ගැහුවා ...අඩුම ගානෙ ඇස් දෙක වත් ඇරියෙ නෑ..මගෙ ඇඩිල්ලට අතේ උන්න ලමයත් ඇහැරිලා අඩන්ඩ ගන්නකොට එකපාරම ගොරනාඩුවක් ඇහුනා ....
"නැගිටපන්...."
දෙවියනේ ඒ කටහඩ...හරියටම තදිම්ම වහින වෙලේක කන් අඩි පුපුරන්න ගොරවනවා වගේ....
මං ඇස් උස්සලා බැලුවා ....එතන උන්නෙ අග්නි...මගෙ අග්නී.....
අනේ අග්නී.....
"මරලා දානවා ....එක අඩියක් ලගට තිබ්බොතින් ...මරන එක මරලා දානවා
..."
අග්...අග්..නී....අනේ....අග්...නී.....
මට දරා ගන්න බැරි උනා...එයාගෙ තරහව ඉස්සරහ මට කතා කරගන්න වචන නැති උනා.....මං බයේ ගැහෙනකොට එයා මාව අතකින් ඇදලා නැගිට්ටෙව්ව පාරට මං හිතුවා අවංකවම මගෙ අත ගැලවේවි කියලා.....
අ...අග්නී...අනෙ...අග්නි....
"උඹ ගාව අමනුස්ස කුයිලයි...ඇත්ත කියපන්.....ඇත්ත කියපන්..උඹ එලියට ගියාද නැද්ද ?"
අනෙ මගෙ කකුල් පන නැති උනා.....මට ඒ ඇස් ගාව...ඒ තරහව ගාව හිටගන ඉන්න වාරු නැති උනා....මං ගියා කිව්වොතින් මාව මරලා දායි....අතෙ උන්න ලමයා නැගිටන් අඩනවා දැකපු අග්නි මගෙ අතෙන් ලමවයව ඇදලා ගන්නකොට මං අග්නිගෙ කකුල් ගාව වැද වැටුනා ....
අනේ...අග්නී....අග්නී....එපා....ලමය....ට....ලමයට...
"නෑ....ලමයට නෙවෙ...හැබැයි මං උඹව මරනවා...."
මට මෙතනින් එහා හුස්මක් ගන්නවත් හයියක් තිබුන් නෑ ..මං නැගිට්ටෙ නෑ....මට නැගිටින්න කකුල් වලට හයියක් තිබුන් නෑ.....බය වැඩි කමට මාව වෙව්ලනකොට එයා මාව ආයා ඇදලා ගත්තා ...
"මම උඹට එලි බහින්ඩ කිව්වද...එපාද....??"
අග්...
"කිව්වද.....එපා ...ද . ම්....ම්ම්ම්...."
එයා එනවා ....එයා මගෙ ගාවට අඩියෙන් අඩිය එනකොට මං අඩියෙන් අඩිය පස්සට ගියා ...එයා අහන දේට උත්තර දෙන්න හයියක් නොතිබුන මාව කකුල් පැටලිලා බිමට වැටෙනකොට එයා තොටිල්ලට දාපු පුංචි එකා බය වෙලා අඩනකොට මං අඩ අඩ පස්සෙන් පස්සට ගියා ...
"උඹට...මම.....මෙතනින්...යන්ඩ ...කිව්වද.....එපාද ...??"
අග්..නී....අනේ....එපා...කිව්...වා..
"එහෙනම් තෝ මොන මගුලටද යකෝ ගියේ??"
අනේහ්.....අම්මාහ්.....අන්....අනේ....හ්....
මං හිතන්නෙ මගෙ කොන්දෙ සම්පූරනම ඇට බිදුනා...මගෙ උත්තරෙත් එක්ක එයාගෙ ඇගෙ නිදාගන උන්න ඉෆ්‍රිත් නැගිට්ටා වගේම මාව උස්සලා පොලවෙ ගහපු පාරට මගෙ කොදු ඇට පේලිය කුඩු පට්ටම් වෙලා යනවා හා සමාන වේදනාවක් දැනෙන කොට මට ඉබේටම අම්මා කියලා කෑ ගැස්ස උනා ...
"නැගිටපන්...."
එයා මට නැගිටින්ඩලු.....මං නැගිටින්නෙ කොහොමද ...අනේ....අනේ අම්මෙහ්...මං නැගිටින්නෙ කොහොමද දෙවි හාමුදුරුවනෙ...මගෙ කොන්ද නෑ...
අග්..නී...අනේ....මට..මට...
"උඹට නැගිටින්ඩ බෑ.....උඹට නැගිටින්ඩ බෑ එහෙමද ....ආ...උඹට නැගිටින්ඩ බෑ.....??"
එයා නැවුනා...බිම ඇකිලීගන උන්න මගෙ දිහාවට නැවුනා...ඒ ඇස් ඒ ඇස් ගැන මට විස්තර කරන්න වචන තිබුන් නෑ....ඒ මූන බලන්ඩ මට හයියක් තිබුන් නෑ...අනෙ දෙවියනේ එයාව එයාටම දරා ගන්න බැරිව වෙව්ලනකොට පොලවෙ ගහපු පාරට මට හුස්ම අල්ලගන්න බැරිව මං වේදනා වින්දා ..මගෙ ඉල ඇට බිදුනා....මං හිතන්නෙ මගෙ ඉල ඇට ඔක්කෝම බිදිලා ගියා ....
අග්...නී....අනේ...
"මම උඹට ආදරෙයි ...උඹ ඒක දන්නවද ....?"
එයා මගෙන් අහනවා .....එයා මගෙන් අහනවා එයා මට ආදරෙයි ...ඒක මම දන්නවද කියලා ..අනේ මං ඒක දන්නවා ...
මං...මං....දන්නවා මගෙ....අග්නී....
වේදනාව දරන්නම බැරි තැන මං ඉකි ගැහුවා ...මට ඉකි ගැහුනා ....එයා උන්නෙ දත් මිටි කාගන....එයා උන්නෙ අත් වල නහර වැල් ..ඇස් වල නහර වැල් උලුප්පගන...
"උඹ දන්නෙ නෑ....උඹ දන්නෙ නෑ.....මට කියපන්...හොදට හිතලා කියපන්.....මම උඹට ආදරෙයි කියලා ....දන්නවද ...නැද්ද....ම්ම්ම්...
දන්නවද .....නැද්ද ...කියපන්....මං මේක අහන අවසානම වතාව....තව උන්නොත්...මං උඹව මරයි.....එහෙම උනොත් ...අරූට අප්පත් නෑ...මට උඹත් නෑ.....මට මාවත් නෑ....හරී....මං උඹට එකම එක විනාඩියක් දෙන්නම්...හොදට කල්පනා කරපන්....හොදට...කල්පනා කරලා උත්තරයක් දියන්....."
අග්...නි...අනේ...මගෙ...අග්...
එයා ගියා....මගෙ කම්මුල් වලට නොගහා ගහපු එයා යන්න යනකොට තොටිල්ලෙ උන්න නොදරුවා අනේ මේ මහ රෑ ඔක්කෝටම අඩ ගගහා පුලුවන් තරම් ඇඩුවා ...
අප්...අප්..අපුච්චියේ...අ...ග්...අගීයේ...හ්හ්...අපා...නෙ....තු...ත්තා....න්.....ත්...තුත්තා....න්.....

අම...න්...ජි....යෙ....හ්.....අපා...නේ...අපානේ....අග්...අගියේ.....හ්....
අප්පච්චිගෙ....සුදු...පුතා....න්...නාඩා...නාඩා....ඉදින්....
මං බඩ ගෑවා...නැගිටලා හිටගන්න කොන්දට තියා කකුල් වලට වාරු නැති මං බිම දිගේ බඩ ගෑවා ...එයා මට විනාඩියක් දෙන්නම් කිව්වා ....එයා...මට....විනාඩියක් ....දෙන්නම් කිව්වා .....
අම...න්ජී....යේ....එන්...ද...අප්...පුච්චියේ...හ්හ්හ්...
ළමයා අඩනව..අනේ...ඒකගෙ චූටි මූන රතු වෙලා....හුස්ම අල්ල අල්ල අඩන පුංචි එකා ගාවට බිම දිගේ බඩ ගාපු මට.හුස්මත් නැති උනා...ඒ තරම් වේගෙකින් එයා මාව පොලවෙ ගැහැව්වා ...අනෙ එයා මට ආදරෙයි කියලා දන්නවා ...එයා මට ආදරෙයි කියලා දන්නවා ..අනේ....මං දන්නවා...මගෙ අග්නි මට පන ඇරලා ආදරෙයි කියලා ...ඒත් දෙයියනෙ මං ගියෙ පහන තියන්නනෙ....
මං අඩ අඩ තොටිල්ලෙ එල්ලීගන නැගිට ගත්තා ...හැබැයි දැනුන වේදනාව එක්ක මගෙ ඇස් වලින් කදුළු කැට සට සට ගාලා වැටෙනකොට මං අඩන දරුවව වඩා ගන්ඩ අත දික් කෙරුවා විතරයි මාව තල්ලු වෙලා ගියා ...ගිහින් ආයම බිත්තියක වැදුනා ....
එයා ඇවිල්ලා....අග්නි....අග්නි ඇවිල්ලා ...විනාඩියක් දෙන්නම් කියපු අග්නි ඇවිල්ලා ....එයා
"උඹට ඕනෙ උඹෙ ඇගෙ කුයිලෙ මේකටත් ගාවන්ඩද.....ආ...හ්හ්??"
මං අත් දෙකෙම්ම කන්දෙක වහගත්තා ....ඒ කටහඩ යවුල් බස්සනවා වගේ...අග්නිගෙ ආදරේ දරා ගන්න බැරි මට අග්නිගෙ තරහව දරා ගන්න හයියක් තියෙයිද දෙවියනේ ...
මන් අත් දෙකෙන් කන් දෙක වහගන්නකොට ලමයා පුලුවන් තරම් ඇඩුවා ..... ...අනේ ඒකා බය වෙලා....අග්ගියේ...අග්ගියේ ගානකොට හුරතල් කරන එයාගෙ අප්පච්චි ඉන්නෙ අමු යකෙක් වෙලා වෙනකොට එයා ඇඩුවා.....
අග්...අග්නී...අනේ....පින්....පින් .අයිතිවෙයි ...අග්නී.....පින්....අයිති...වෙයි ..දරුවව..බය...කරන්ඩ එපා...අනේ...එකා...අඩනවා..අග්නී...
මං අග්නිගෙ කකුල් ගාව වැද වැටුනා ...මං ඒ ඇස් වලින් මගෙ මුන හංගගත්තා ....එලිය පුරාවටම පූසො මරා ගන්නකොට ඈතින් බල්ලො උඩ බුරන සද්දයක් ආවා වාගෙම අග්නි අඩන ළමයා දිහා එකම එක පාරයි බැලුවෙ.....අයියො...මගෙ නොදරුවා අඩන එක නවත්තලා හුස්මත් හිරකරන් කදුලු පුරවගන තොටිල්ලෙ මුල්ලක ගිහින් ඉදගත්තා ....


එයා ඇඩුවෙ නෑ... එයා ඇඩුවෙ නෑ....හුස්ම ඉහලට පහලට ගත්තා හරි වේගෙන්....මං අග්නි දිහා බැලුවා ..එයාගෙ නලලෙ අර රතු සලකුන මතු වෙලා වගේම ඒකම මගෙ නිඛිල්ගෙත් මතු වෙලා තිබුනා ...අඩ අඩ උන්න මගෙ පපුව ගැලවෙන්න තරම් ගැහෙනකොට එයා ළමයා දිහා බලාගන උන්නා...ඊටත් පස්සෙ මගෙ ජීවිතේට අහලා නැති භාශාවක් කතා කෙරුවා .....
"ඩාඕර් කොස්ටිලුස්...(daor kostilus)"(කරුනාකරලා එපා..)
මං මගෙ නිඛිල් දිහා බැලුවා ...පුංචි එකා නෙවෙ එතනින් පස්සෙ මීක් ගෑවෙ.....එයා ඇස් වල කදුලු පුරවන් බලන් ඉදලා මොනවා හරි කියන්න කට ඇරියා ...
කේපේ...(kepe)(තාත්තෙ)
"කෙස්සා....(kessa)ඔව්....."
ම්ම්හුක්....ම්....හුක්...
"අවි ජොර්රයිලන් ....avy jorraeln..(මං ඔයාට ආදරෙයි..)
මං ඇස් ලොකු කරන් හුස්ම හිරකරන් බලන් උන්නා දෙයියනෙ මගෙ දරුවා මොනවද මේ කියවන්නෙ....අග්නි කොලුවගෙ ඔලුව අතගැවා ....අනිත් පාර මගෙ ගාවට ආවා ....මං බිත්තියෙ මුල්ලට බඩ ගාලා දනහිස් අස්සෙ ඔලුව ඔබා ගත්තා .....
"මම උඹට ආදරෙයි ද.....නැද්ද ...."
ඒ ප්‍රශ්නෙමයි....ආයමත් ඒ ප්‍රශ්නෙමයි.....මං අග්නි දිහා ඔලුව උස්සලා බලනකොට ඇස්වලින් පහලට වැටුන කදුලු කැට කම්මුල් හෝදන් පහලට වැටෙනකොට එය බලන් උන්නා..
ආදරෙයි ..අග්..නි...
"ම්න්...එහෙනම් ...ඇයි උඹ අකීකරු කම් කෙරුවෙ ...."
අග් නි...අනෙ...අනේ...අග්නී...ගහ...න්..න
."නෑ ගහන් නෑ....මං උඹට ආය හහන් නෑ ..එක පාර මරනවා....කියපන්....ඇයි ..මගෙ වචනවලට ඉහලින් ගියෙ ....?"
අග්නී...අනේ...අග්නී පහන් .පහන්....පැල...පහන් ..පැල...
"උඹට මම එනකන් ඉවසන්න බැරි උනාද. ම්ම්...උඹට මං....එනකන් ....ඉවසන්න බැරි උනාද.."
..ආ...ව්හ් ආ.ව්හ් ....
එයා මගෙ උරහිස් දෙක කැඩෙන තරම් තදින් අල්ලගන ඇයි එයා එනකන් ඉවසන්න බැරි උනෙ අහනකොට මට ඇගෙ වේදනාවට වඩා මරන බයට ඇඩෙන්න ගත්තා . ....එයාට අනක් ගුනක් නෑ....පපුව පැලෙන්න ආදරේ දෙන අග්නිටම මරලා දාන එක මහ දෙයක් නෙවෙ වෙනකොට මන් ඇඩුවා ...
"උඹ ගාව කුයිලෙ එනවා. පලයන් ගිහින් නාපන් පලයන් නැගිටපන් ..."
එයා මට නාන්නලු....දෙවියනෙ....අනෙ නානවා තියා මට හුස්ම ගන්නවත් පන නෑ ....මං අග්නි දිහා බැලුවා මගෙ ඇස්වල අසරන කම පිටාර ගලන්ඩ තියෙන්න ඇති ...එයා මා දිහා බලලා දත් මිටි කාගන නැගිට්ටා ...නැගිටලා මාව හරහට ගත්තා . . ..
ඒ උස්සපු හැටියට මට කෙදිරි ගෑවුනා ...හෙමීට නෙවෙ මහ හයියෙම්මම....වෙනදට එයා උස්ස ගත්තම මගෙ අත් එයාගෙ බෙල්ලෙ වටේ පැටලුනත් අද මට ඒකටවත් පනක් නැති උන....පනක් නැති උනාට වඩා මම එයාට බය උනා....එයා නෙවෙ මා දිහා බැලුවෙ...එයාගෙ ඇස් දෙක සැරින් සැරේම එහා මෙහා වෙනකොට මම බලාගන එයාගෙ කන් දෙක පවා හෙළ උනා ...
" නාපන්.....වරුවක් හරි නාපන්.....ඒකගෙ කුයිලෙ යනකම්ම හෙට එලිවෙන කන් හරි නාපන්..."...
එයා මාව හිට ගැස්සුව..එකම එක ඇදුම නැති වෙන්න ඒ හැම ඇදුමම එයා කීතු කීතු වෙන්ඩ ඉරලා දැම්මා.....ඒ ඇස් රතු වෙලා....වතුර මලෙන් පහලට වැටෙන වතුර වෙලාවකට ලෝදිය...වෙලාවකට අයිස් වගේ වෙනකොට මම අඩ අඩ හුස්ම අල්ල අල්ල.නෑවා වගේම එයා සැරින් සැරේම මාව ඉවකෙරුවා ....
" වරෙන් එලියට ..උඹට ජල සන්නිය හැදෙන්ඩද"
එයා ආයම සැර කෙරුවා ....
අග්නී.....
" එපා....කෑ නොගහා ..කට පියාගන ඉදින්....උඹට ජීවත් වෙන්න ආස නම්...කට පියවපන්..හරි .....කට පියාගන ඉදපන්...."
එයා නෙවෙ මට කතා කරන්න දුන්නෙ...මාව රෙද්දකින් ඔතා ගත්තු එයා කාමරෙට ගෙනත් මෙට්ටෙ උඩට අතෑරියා ....මගෙ ඇස් වල කදුලු ආයම අලුත් උනා.....එක තත්පරයයි...එයා ආයම අතුරුදහන් උනා....විනාඩි දෙකයි එයා ආයම කාමරේට ආවා...හැබැයි නිකන් නෙවෙ ..එයාගෙ අතෙ කිරි බෝතලයක් තිබුනා ..මං එහෙම්ම ළමයා දිහා බැලුවා පුංචි එකාට ආයම බඩගින්නෙ නින්ද ගිහින් තිබුනා ...එයා ලමයව හරහට අරන් කිරි පොවනකොට මං ගාට ගාට අල්මාරිය ගාවට ගියා .. .ඇගෙන් දැනෙන වේදනාව වචනවලට පෙරල්න්න බැරි වෙනකොට මට අතක් උස්සලා ටී ශර්ට් එක දාගන්න බැරි උනා අත උස්සනකොට මගෙ ඉල ඇට පුදුමාකාර විදිහට වේදනා දෙනකොට අනෙ මගෙ සර්වාංගෙම පන නැතිව මාව ඇදගන වැටුනා ...
එයා මාව දැක්කා .....කිරි බෝතලෙ අවසානම කිරි බින්දුවත් පොවපු ලමයව ආයම මෙට්ටෙන් තියලා මගෙ ගාවට ආවා ඇවිදින් මට ඇදගන්න බැරි උන ඇදුම් ආයම ඇන්දෙව්වා .....
නපුරු ඇස් අස්සෙ කදුලු ...
ඒ ඇස් අස්වලට කදුලු උනලා තිබ්බා . .ඒත් එයා වචනයක් කතා කෙරුවෙ නෑ...සැරින් සැරේම උඩ පහල වෙන උගුරු ගැටෙ දිහා බලන් උන්න මම එයාගෙ උරහිසට ඔලුව ගහගන්නකොට එයා මාවත් අරන් මෙට්ටෙට ඇවිදින් මෙට්ටෙන් දිගෑදුනා ....එයා මාව තුරුල් කර ගත්තා අත් දෙකෙම්ම . හැබැයි කතා කෙරුවෙ නෑ....
අග්නී....
"...."
අග්නී.....
"උඹ ඇයි අකීකරු උනේ මැනිකෙ...කෙම්මුරක් බව දැන දැනම..."
බැරිම තැනද කොහෙද එයා කතා කෙරුවා ...ඉවසලා ඉවසලා බැරිම තැන එයා කතාකෙරුවා ....මං බලන් ඉන්නකොටම ඇස් කොනකොන් කදුලු බින්දුවක් කඩන් වැටුනා ...මට සමාව ඉල්ලන්න බෑ ....මං සමාව ඉල්ලන්න වත් හයියක් තිබුන් නැති වෙනකොට මං අග්නිට තුරුල් උනා....ඒත් එයා වෙනදා වගෙ මාව තුරුල් කරන් හාදු තිබ්බෙ නෑ.....කොටිම්ම .එයාට මගෙ ඇග උඩ නගින්න ඕනා කියලා වත් ඇගෙව්වෙ නෑ...එයා උන්නෙ වෙන කල්පනාවක....මං බලාගන මගෙ අග්නිගෙ කන් දෙක සැරින් සැරේම හෙළ වෙනවා .....
අග්නී....
"ශ්ශ්....සද්ද කරන්න එපා...
මම එයාට කතා කෙරුවා ඒත් මගෙ අග්නි මට කතා කරන්න දුන්නෙ නෑ කටට ඇගිල්ල තියලා සද්ද කරන්න එපා කියන ගමන් වහලෙ උඩ දිහා බැලුවා.... ඒ එක්කම වහල උඩ කවුරු හරි ඇවිදිනවා වගේ උලු කැට තදවෙන්න ගත්තා ....
" ඒකා ඉන්නවා ගිහින් නැ...."
එයා මට මිමිනුවා...ඒකා ඉන්නව ගිහුන් නෑ කියනකොට මට ඉබේටම.අග්නොගෙ ඇගට.මගෙ අත් කකුල් ඔක්කෝම.දැමුනා...
" උඹට මම එලියට යන්ඩ එපා ..මෙට්‍ටෙන් එහා යන්ඩ එපා කිව්වනෙ....මෙතන ඉඩන් අඩ හූවක දුර අද තොයිලයක් ...එහෙන් එලවන උන් ඉබාගාතෙ යනවා...උඹගෙ ඇගේ හැප්පුනෙ අන්න ඒකෙක්.....මම හෙතුව නොකොයා ගියෙ උඹහෙ හිත ගැස්සෙන හන්දා.....ඒත් උඹගෙ අකිකරු කම්වල සීමාවක් නෑ..."
එයා මුනු මුනු ගගාම මට බැන්නා..බැන බැන මගෙ පිට් කොන්ද අත ගෑවා හැබැයි මට කතා කරන්ඩ දුන්නෙ නෑ....ඒ ඇස් කලබලයි ...ඒ ඇස් පුදුමා කාර විදිහට කලබලයි ....වෙලාවකට කොහෙ දුවනවද හොයන්න බෑ.....එක පාරම වහලෙන් උලු කැට තද වෙන සද්දයක් ආවා...එයා ඉක්මනට මගෙ කට අතින් වහගත්තා හරියටම මං බය වෙලා කෑ ගහයි වගෙ ....ඉහට උඩින් අඩාගන ගියපු බස්සගෙ සද්දෙ එක පාර නැවතුනා ...කුරුල්ලෙක් හයියෙන් තටු ගහන ඇවිදින් නැවතුනා වගේම මහ පොලවට මොකක් හරි දහ් ගාල වැටෙන සද්දයක් ආවා ...මෙට්ටෙ උඩ ඉදගත්තු අග්නි මගෙ කට අතින් වහගන වහලෙ දිහා බලන් උන්නා වගේම මගෙ දිහා බලලා මගෙ නලලට හාදුවක් තිබ්බා ..
"ඒකා ගිහින් නෑ.....ඒකා මේ වටේ මායන් වෙනවා...දැන් වත් ප්‍රවෙසමෙන් ඉදපන් මගෙ ශිවන් ....මං ආවොත් එහෙමයි මං නාවොත් .....".
අනේ...අග්නී...අනෙ.....හ්....
එයාගෙ වචන ..අනෙ දෙයියනෙ...ඒ වචන මගෙ හදවත පොඩි පට්ටම් කෙරුවා ....වහල උඩින් එන සද්දෙ එන්න එන්න වැඩි වෙනකොට එයා නැගිට්ටා .....නැගිටලා දොර ගාවට ගියා...ගොහින් ආයම කටට ඇගිල්ලක් තියලා සද්ද කරන්න එපාය කිව්වා....
"මං නාවොත් .....හිත හදාගනින් මගෙ ශිවන් ..."
අග්නී...හ් ...අනේහ්....!!!!!

ගුත් මෝනිම් තූයු...
ජොබී බුජි ...ඔය ලමයිනුත් බුජියන්න....
පයිස්සමින් ඉන්ඩ අයියෝ.....අජ බජාජා....කෙම්මුර ජවසක්....!!!!
ආයම එන්නම් ඈ....
මීට..
මම
.ferdeesha 😘❤️❤️