Cherreads

Chapter 31 - 31

අග්නි යන්න ගියා .....අග්නි යන්න ගියෙ නිකන් නෙවෙ මටත් ඊලගට වෙන්නෙ ඔය දේ තමයි කියන එක කියාගන වෙනකොට මම ආයම කාමරේට හැරුන.....

කොල්ලා නිදි.....අම්මලා මුන්නේශ්වරම් යනවලු...මෙහෙ ඉදන් හත් ගව්වක් යන්න ඕනා මුන්නේශෙවරමට....බාරයක් නිදහස් කරන්ඩද...නැති නම් බාරයක් වෙන්ඩද දන්නෙ නෑ...හැබැයි අම්මා මට මෙලෝ දෙයක් කිව්වෙත් නෑ....

ම්ම්හු....අප්...පිච්චියේ.....අපා...නේ.....නේත...අපා...කිය...න්න...අපා...කිය...න්න...දයියයිනෙ...දයි....දයි....යයි....

නිඛිල්....නිඛිල්....සුදු පුතා....සුදු මහත්තයා ...ඇයි පුතේ මේ....ඇයි මේ....

මම උන්නෙ ලමයව තුරුල් කරගන...ඉදලා හිටලා කෙදිරි ගාපු කොල්ලා තත්පරෙන් දෙකෙන් නිදා ගත්තා....හීනෙන් අඩන එක පුංචි එවුන් ගාව තියනම දෙයක් උනත් මේ තත්පර ගාන ඇතුලත ලමයා ඇඩුවෙ එසේ මෙසේ හීනෙකෙට බය වෙලා නෙවෙ කියන්නද කොහෙද ඒකා නින්දෙම්ම අත් කකුල් ගසන්න ගත්තා ...හුස්ම ඉහලට අල්ලපු පාරට ඉල ඇට පෑදෙන්න ගත්තා...

නිඛිල්....සුදු පුතා...සුදු මහත්තයා ....

අපා...අපා....කිය...න්න....අම්මියෙ....අපා...නෙ...පුතා...ත...පුතා....ත .....

අනේ අම්මා.....

මම කෑ ගැහුවා.....ලමයව උකුලට අරන් නැලෙව්වා උනත් කොල්ල්ල නෙවෙ ඇස් ඇරියෙ....හීනෙන් අඩන හැම වෙලාවකම ඇස්ව්ලින් කදුලු නාවා උනත් එයගෙ ඇස්වලින් කදුලු ආවා..කටේ තිබුන සූප්පුව බිම වැටෙනකොට කොල්ලා මගෙ උකුලෙ ඉදන් අත පය ගැහුවා වැඩි හරියක්ම කිව්වෙ එපානෙ එපානෙ අම්මියේ කියන එක.වෙනකොට ම්ම ඉතිපිසෝව කිව්වා...

සාරන්‍යා....

මට ඉබේටම ඒ නම කියවුනා...ලමයා අම්මියෙ එපා එපා කියනකොට මට හිතුනෙම සාරාන්‍යා ලමයව බය කරනවා අඩගහනවා අරන් යන්න හදනවා කියන එක....එතනින් එහාට කොලුවා කියවපු කිසිම දෙයක් නොතේරෙනකොට ලමයා කියවනවට වඩා කෙරුවෙ අඩපු එක වෙද්දි මම එයාගෙ කකුලෙ මහපට ඇගිල්ල තද කෙරුවා ...මොකද නින්දෙන් කියවනකොට මහපට ඇගිල්ල තද කරපුවාම පේන දකින දේ හැම දේම කියන්න ගන්න බව දන්න නිසාම මම ඒ පොඩි ඇගිල්ල හිමීට තද කෙරුවා ...

එතනින් එහාට ලනයා කියපු මෙලෝම වචනයක් තේරුන් නෑ....පැහැදී කටහඩක් වෙනුවට ආවෙම සෙම පැටලුනා හා සමාන කට හඩක් වෙනකොට ඉදලා හිටලා අම්මියෙ අම්මියෙ ගාපු ලමය අවසානෙදි කෑ ගහලා අඩන්න ගත්තා.....

අනේ අම්මා.....අම්ම මෙහෙ එන්ඩකෝ ....අම්මා....

මම කොල්ලව වඩාගත්‍තා ....දේවාලෙන් ඇහෙන යක් බෙර සද්දෙ හන්දා මම යට ගිරියෙන් බෙරිහන් දුන්නත් නෑහෙනකොට මම ලමයව උස්සන් දුවන්න හදනවා එක්ක අග්නි ඇවිත් දොරකොඩ හිට ගත්තා.....

අග්..නී...

අග්නිගෙ මුලු මූනම සම්පූරනම වෙනස් වෙලා...මෙච්චර කල් නොදැකපු වෙනස්ම මූනක් අග්නිට තිබුනා නලල මැදම රතුපාට සලකුනක් එක්ක බලාගන ඉන්නකොට අග්නිගෙ හැම ඇදුමක්ම එයාගෙ ඇගේ ගින්දරින්ම පිච්චිලා ගිහින් රිදිඋ පාට ඉනකඩක් විතරක් ඉතිරි උනා...පිරුන මස් ගොබ කනෙ තෝඩු ඇස් වල රතු අදුන්....හිස් මුදුනට වෙන්ඩ ගැටගහඖ කොන්ඩ ගෙඩිය . හරියටම සිංහලෙ පරනම රජකෙනෙක් හා සමාන රූපයක් අග්නිගෙන් මතුවෙනකොට එයා අතේ උන්න ලමයා දිහා බැලුවා.....

" අධීර මහේන්ද්‍රන් ...."

අදහන්න.....මාව අඩි දෙක තුනක් ලමයත් එක්කම පස්සට විසික් උනා...එයාගෙ කටහඩ ...හරියටම පතුලක් නොපෙනෙන ආගාදයක් තරමට ගැඹුරු වෙනකොට මාව බයේ වෙව්ලන්ඩ ගත්තා ...එයා කතා කෙරුවෙ මගෙ පරන නමින්... එයා කතාකෙරුවෙ එයා මාව දැකපු දවසෙ තිබුන නමින්...

අග් ...නී.....

මම රීට්ටුවා...අතේ උන්න ලමයා අඩලා කෑ ගහලා දැවිල්ලයි කිය කිය ඉදලා කිසිම හැල හොලමනක් නැතිවෙලා යනකොට ඒකව බලාගන ඉන්නකොට සුදු රෙදි කඩක් වහෙ සුදුමැලි වෙලා ඇස් දෙක ඇරිලා කලු ඉන්ගිරියාව උඩට ගියා...

න්න්..නෑ.නෑ...නෑ.....නෑ....නෑ...නිඛිල්...නිඛිල්.....සුදු මහත්තයා ...අනේ...අනේ...අප්පච්චිගෙ රත්තරනේ...නෑ...නෑ...අනේමගෙ කොල්ලො....එපා...එපා...අනේ....අග්නීහ්....එපා....අනෙ මගෙ කොල්ලවමගෙන් ගන්ඩ එපා...අනේ..අම්මා...අප්පච්චි ....

මම කෑ...මොර දුන්නා....අග්නි එනවා...අඩියෙන් අඩිය ලගට එන්වා...ඒමූන සම්පූරනම හැගීම් දැනීම් නැති හිස් පිටුවක් වෙලා තියනකොට අතේ උන්න ලමයව එයා ඉල්ලුවා..හැබැයි කටින් නෙවෙ....

බ්..බෑ.....බැ...මට .බෑ...මං...දෙන්නෙනෑ..මං...දෙන්නෙ නෑ...උඹ මගෙ අග්නි නෙවෙ...උඹ මගෙ නිඛිල්ගෙ අප්පච්චි ත් නෙවෙ....අනේ....අම්මා....හ්...

මම කෑ ගැහුවා...අඩ අඩම කෑ ගැහුවා...දේවාලෙන් ඇහෙන බෙර සද්දෙ එන්ඩ එන්ඩ වැඩිවෙන්වා මිසක්කා වෙන කිසිම දෙයක් නෑ හුනා....කෙම්මුරේකද යක්ශ ප්‍රේත භූත කුම්භාන්ඩයො පිසාච හැම අශුද්ද ආත්මයකටම හයි හත්තිය ලැබෙන කොට මම මගෙ ඉස්සරහා උන්න වෙනස්ම අග්නි දිහා බලලා ලමයව දෙන්ඩ බෑ බෑ කිව්වා....

" උඹට ඕනෙ කොලුවව මරා ගන්ඩ...නෑ.....ඌ දැනටම මැරිලා ඉවරයි ..."

අග්නීහ්.....!

මම කෑගැහුවා...අතෙ උන්න මගෙ නොදරුවා තත්පර ගානක් ඇතුලත සීතලා වෙලා දර දඩු වේගන යනකොට මම මගෙ දරුවා මැරිලා ඉවරයි කියපු අග්නිට කෑ ගැහුවා....නිකන් නෙවෙ....ඒ කෑ ගහපු කෑ ගැහිල්ලට ජනෙල් ග්‍රීල් පවා දෙදුරුම් කෑවා...මෙච්චර වෙලාම පායලා තිබුන ඉර වලාකුලු අස්සෙ හැංගුනා.....වට පිටාව වැහි අන්දකාරෙකින් වැහිලා යනකොට ඇරපු ජනෙල් දඩ බඩාන් ගාලා වැහුනා....ඇරලා තිබුන දොර වැහුන වැහිල්ලට සරනේරු ගැලවිලා යන්න ඇති කියලා හිතෙනකොට අග්නි සම්පුර්ණයෙන්ම ඉෆ්‍රිත් කෙනෙක් උනා...එයා දිහා බලනවා තියා ඒ නම කියන්න පවා මට බය හිතෙනකොට මම ලමයව දෙන්න බැහැයි කියන්න අත් දෙකෙම්ම තුරුල් කරන් කටට හුස්ම පිඹ පිඹ ඒ පොඩි පපුව අතගෑවා.....මට දුවා ගන්න බෑ.....කකුල් පන නෑ....මෙතන උන්නෙ මම ආදරේ කරන මගෙ අග්නි වෙනුවට සම්පූරනම ඉෆ්‍රිත් කෙනෙක් වෙනකොට එයා ලමයව ඉල්ලනකොට මට දෙන්ඩ හිතන්ඩවත් බැරි උනා....

" අධීර මහේන්ද්‍රන් ....ඉර මතුවෙන්ඩ කලියෙන්....ඔය කොලුවව නොදුන්නොත්....ඕකව අත් දෙක උඩම අලු වෙලා යාවි...."

අග්නී ..එපා...මට මෙච්චරයි ඉතුරු ...අනේ...වදින්නම්....වදින්නම්...මට මගෙ ලමයව නැති කරන්ඩ එපා...අනේ...පින් අයිති වෙයි දෙයි හාමුදුරුවනේ....නිඛිල්....අනේ බුදු පුතෙ නැගිටපන්...නැගිටපන් ....රත්තරන්....අනේ...අප්පච්චිගෙ රත්තරන් .....එපා...අනේ උඹට මොන මගුලක්ද උනේ මගෙ පුතේ.....

මම ලමයව ඔබ ඔබම කෑගැහුවා...එයා කිව්වා ලමයව ඉර මතු වෙන්ඩ කලියෙන් නොදුන්නොත් මගෙ පුංචි එකාව අත් දෙක උඩ අලුවෙයි කියලා .....අග්නි වැහුන ජනේල් පියනක් ඇරලා එලිය බැලුවා....

" අධීර.....අද සූර්‍යග්‍රහනයක් ...රාත්තිරියෙ චන්ද්‍රග්‍රගනයක්...උඹ සුනංගුවෙන මුරන්ඩු වෙන තත්පරයක් තත්පරයක් ගානෙම...ආය කවදාවත්ම හදන්ඩ බැරි වැරදි දෙකක් වෙයි අධීර.....ආය කවදාවත්ම හදන්ඩ බැරි දේවල් වෙයි .උඹ මාලෙ අමුනලත් කෙරුවෙ අපබ්‍ර්ංසයක්...උඹ දැන් කරන්නෙත් ඒව ගේම මුරන්ඩු කමක්...තව තත්පර ගානයි ...ඔය කොලුවව උඹ මට නොදුන්නොත් ....උඹ ජීවත් වෙන අවසානම දවස අද වෙයි....මම ජිවත් වෙන අවසානම දවසත් අද වෙයි ....අදින් පස්සෙ ...හැම නැතිවෙයි ....."

එයා කෑගැහුවා. .එයා ගිගිරුවා.....එයා කිව්වා සූර්‍යග්‍රහනයක් ...රෑට චන්ද්‍රග්‍රහනයක් කියලා.....එයා කිව්වා එයා අද දවස වෙනකන් බලන් උන්නා කියලා...එයා කිව්වා...මාව එයාගෙ කරගන්ඩ අද දවස වෙනකන් බලන් උන්නා..කියලා .....දෙවියනේ.....චන්ද්‍රග්‍රහනයක්...සූර්‍යග්‍රහනයක් ...මේ දෙකම....එක දවසෙ.....එයා දත් මිටිකාගන මා දිහා බලන් උන්නා...මගෙ නිඛිල්.....හීනෙන් අඩපු මගෙ මැනික....අප්පුච්චියෝ ගගා හුරතලේට පස්ස පාරෙන් ආව මගෙ වස්තුව ...

අග්නී...උඹ මට පන තරම් ආදරේ දුන්නත්....මනුස්සයෙක් විදිහට සමහර තැන්වලදි මම උඹ ගාව පුදුම තරන් අසරනයි අග්නි....අප්පච්චි කෙනෙක් විදිහට මගෙ ආදරෙ උන යකෙක් ගාව මම හරි දුර්වලයි මගෙ අග්නී....

මම ඇඩුවා....හෙතුවක් හොයන්නවත් බැරිව පන ගියපු ලමයව තුරුල් කරගන ඇඩුවා ....එයා බලන් උන්නා...තව චුට්ටම චුට්ට වෙලාවයි කියපු එයා ඊලග පාර මාව එක අතකින් ඇදල ගත්තා...ඇදල අරන් මල ලමවයව පිටින්ම මාව ජනෙලෙ ගාවට ඇදගන ගියා ...මෙච්චර වෙලා පායලා තිබුන ඉර කවුරු හරි ගිලගන...වැහි අන්දකාර හැම තැනම පැතිරිලා යනකොට අහු මුලු ගානෙ යක්කු මලපෙරේතයො ගෙට ඇදෙන්වා කියන්ඩද කොහෙද ගස් කොලන් හෙලවිලා යනකොට සුදු මැලි වෙලා දරදඩු වෙලා ගියපු නිඛිල්ව මම පපුවට තුරුල් කරන් ඉන්නකොට එයා කනේ දාගන උන්න තෝඩුවක් ගලවගත්තා ...

" අධීර මහේන්ද්‍රන් ...මම දෙයක් අහන්නෙ එක පාරයි .....මේක අවසානම අවස්තාව .....අහන දේට සිහිබුද්දියෙන් උත්තර දීපන්.....එච්චරයි ....."

මම ඔලුව වැනුවා...මොකද මට කරන්න ඉතුරු වෙලා තිබුනෙත් ඔලුව වනන එක විතරක් වෙනකොට මම ඔලුව වැනුවා...ඇස්වලින් වැටුන කදුලු මලගිය කිරිසප්පයාගෙ මූන උඩට වැටෙනකොට එයා මගෙ වම් අතේ වෙදැගිල්ල ඇදලා අරගත්තා ....

" උඹට එදා දැකපු දේවල් වලින් කොච්චරක්ද මතකද ..?"

අග්..නී.....

" මම අහනෙ උඹ එදා අර මාලෙ අමුනනකොට දැකපු දේවල් වලින් උඹට කොච්චර මතකද කියලා විතරයි....කෙටි උත්තරයක් දීපන්...ටිකක් නම් ටිකක්..ඔක්කොම නම් ඔක්කොම...මෙලෝ මගුලක් මතක....."

මට...මට මෙලෝ මගුලක් මතක නෑ අග්නී...මට...ආව්....හ්....

මගෙ වම් අතේ වෙදැගිල්ලට ඇගිල්ලට ඇනයක් බැස්සුවා හා සමාන වේදනාවක් දැනුනා...මෙලෝ දෙයක් මතක නෑ කියපු මට කට වහන්න හම්බුන් නෑ...එයාගෙ කර්නාබරනේ නැට්ටෙන් මගෙ වෙදැගිල්ල එයා හිල් කෙරුවා...එහෙම්ම එයාගෙ දකුනු අතේ වෙදැගිල්ලත් එයා හිල් කෙරුවා ...

" අදින් පස්සෙ එයාට මේ කිසිම දෙයක් මතක නැති වේවි...කොල්ලගෙ ජීවිතෙර් අම්මෙක් කියන එකෙක් උන්නද කියන්න ඒකා දන්නෙ නැති වේවි.....කොටිම්ම හෙට එලිවෙනකොට උඹටවත්..මේකටවත් උඹේ ගෑනි ගැන මෙලෝම මතකයක් නැති වේවි..."

එයා මගෙ ඇගිල වගේල එයාගෙ ඇගිල්ල ලමයගෙ වැහිලා තිබුන කටට උඩින් ඇල්ලුවා.....දර දඩුවෙලා සීතල වෙලා ගියපු පුංචි එකාගෙ රෝස පාට තොල්පට පොල් කෑල්ලක් වගේ සුදුපාට වෙලා තියනකොට එයා අනු වැටිලා තිබුන ඇබිත්තන් කට බලෙන් වගේ ඇරෙව්වා...අන්දකාර ගතිය පහ වෙන්න තව ඕනා නම් තත්පර ගානක් ඇති...මම දෙවියන්ට බුදුන්ට නෙවෙ....මේ ලෝකේ මම නොදන ආගම්වල දෙවියන්ට පවා හිතින් කන්නලව් කෙරුවා...මගෙ පන අරන් හරි කොල්ලගෙ පන දෙන කියලා මම පලි ගැහුවා.....අවසානෙදි එයාගෙයි මගෙයි අතෙන් ආව ලේ බින්දුවක් මගෙ දරුවගෙ කටට ඇතුලට වැටෙනවා එක්කම එයා ගමිමිරිස් ඇටයක් සයිස් කලුම කලු පාට මොකක් හරි පොඩි ගුලියක් එබුවා වගේම මම බලන් ඉන්නකොටම නලලට මහපට ඇගිල්ල තියලා තද කරගන උන්නා...එකම එක කැලැලක් වත් නොතිබුන ලදරු හම ඇසිඩ් එකක් හැලුව හා සමනවම පිච්චිගන පිච්චීගන යන්අ ගන්නකොට මම අග්නිට එපා කියලා කෑ ගැහුවා...ඒත් වැඩක් උනේ නෑ...අග්නි මගෙ උගුර හිර කරලා...මම දගලයි කියලා මගෙ අත පය හිර කරලා...මට ඉතිරි කරලා තිබුන එකම දේ කදුලු නාලිකා විතරක් වෙනකොට සුදු මැලි උන පොඩි මූනෙ නලල හරිය ගින්දර වගෙ රතු පාට වෙනහැටි බලන් උන්න....

" නාඩා ඉදින්...එකට මේක දැනෙන්නෙ නෑ....."

.එයා මිමිනුවා....මම අඩන නිසාමද කොහෙද එයා මගෙ හිත සනසන්න ගත්තා ...වැහි අන්දකාර ගතිය ටිකෙන් ටිකෙන් ඈත් වෙන්න ගත්තා .මෙච්චර වෙලාම හෙළ වුන ගස් කොලන් තිබ්බා හා සමානවම පලොහේ තිබුනා...එක තැන ගල් උන වලාකුලු ආයම හුලගත් එක්ක යන්න ආව ගමන යන්න යනකොට රාහු ගිලගත්තු ඉර ආයම පාරක් වමෑරලා තියනකොට ඒ ඉර එලිය රෑන් රෑන් ජනෙල් කූරු අස්සෙන් පෙරිලා මගෙ අතේ උන්න පුංචි එකාගෙ මූනට වැටෙනකොට අග්නි අතින් පිච්චුන නලලෙ සලකුනක් මතු වෙන්න ගත්තා ....

දෙ ...දෙයියනෙ.....අග්.....අග්නී ....අග්නී..මේක...මේක...

"මමයි ඒකට ආයම හුස්ම දුන්නෙ...මමයි ඒකව ආයම මරනයෙ දොර ගාවින් හරව ගත්තෙ එහෙව් එකේ..උගෙ ඇගෙ මගෙ ලේ දුවන්න බැරි කමක් නෑනෙනේද....ම්ම්ම්....?"

අග්...නි....

මට කට උත්තර නැත්තටම නැති උනා...එයා කිව්වා එයයි මගෙ පුතාට හුස්ම දුන්නෙ කියලා ..එයා කිව්වා එයයි මගෙ කොලුවව මරනයේ දොර ගාවින් හරවගත්තෙ කියලා ...එයා කිව්වා හෙටින් පස්සෙ අපි දෙන්නටම සාරන්‍යව අමතකම වෙලා යනවා කිව්ව...ඒ කියන්නෙ .....මගෙ නිඛිල්ගෙ ඇගෙ සාරන්‍යගෙනුයි කියන්න කිසිම දෙයක් නෑ....

අග්නී ...එතකොට....මගෙ....පුතා ...

"අපේ පුතා ...කතා කරනකොට වචන කල්පනාවෙන්..."

අපේ...

"ඔව් ...අපේ....උගෙ ඇගෙ දුවන්නෙ මගෙ ලේ නම්.....ඌ මගෙ නෙවෙද .....ඉෆ්‍රිත්ගෙ ලකුන මගෙ නලලෙ තියනවා නම්...මගෙ ලකුන නෙවෙද මේකගෙ නලලෙ තියෙන්ඩ ඕනේ ...ආ ආධීර...???"

මම මගෙ ...නෑ.....අපෙ....මට දැන් මගෙ පුතා කියන්නත් බය හිතුනා...මොකද අග්නි ගෙ වචන පපුවට පිහි තුඩවල් බස්සනවා වගෙ තනි කෙලින් වෙනකොට මම එයාගෙ නලලෙ තිබුන අග්නිගෙ ලකුන දිහා බලන් උන්නා ..

අග්නී ....අම්මා .....

"එයා දකින් නෑ ....නියම කාලෙ එනකොට විතරක් ඕක මතු වෙවි...දැන් නාඩා ඔය කදුලු පිහිදගන පුංචි එකාව ඇදෙන් තියපන්....පව් මගෙ නොදරුවට තෙහෙට්ටුයි . .."

එයා මට ලමයව ඇදෙන් තියන්න කිව්වා . ...නිකන් නෙවෙ මගෙ නොදරුවව කියන එක එයා බර කෙරුවා හරියටම මට අමතක වෙයි කියලා වගේ ... මම හිමින් හිමින් හුස්ම වැටෙන ...හිමින් හිමින් ඉහල පහල යන ..හිමින් හිමින් සුදු මැලි ගතිය මැකිලා යන....හිමින් හිමින් අග්නිගෙ ලකුන හැංගිලා යන දරුවා දිහා බලන් ඉදලා මගෙ දබැරැගිල්ල නාස් පුඩු ගාවට ලන් කෙරුවා ...මොකද මම උන්නෙ තවමත් විස්වාස කරන්ඩ අමාරු මායාවක් ඇතුලෙ....මගෙ අත්වලම පන ගියපු පුංචි එකාගෙ හුස්ම වැටෙන එක මට ව්ස්වාස කරන්න බැරි උනා....මම බය උනා මේකත් මායාවක්...මගෙ දරුවා හුස්ම ගන්නෙ නෑ ඒයා හුස්ම ගන්නවා වගෙ මට පේනවා විතරයි එයා මාව දාලා ගිහිල්ල කියන හිතන්ඩවත් අකැමැති තිත්ත වේදනාව මාව කරකවලා අතාරිනකොට මම ආයම ලමයගෙ නාස් පුඩු ගාවට ඇගිල්ල තියලා බැලුවා.....

උඩ ඉන්න තිස් තුන් කෝටියක් දෙවියොම මගෙ කොලුවව බලා ගන්ඩ ඕනා...මගෙ එකා ජීවත් වෙනවා.....

අවසානෙදි මගෙ නැවතිලා තිබුන හුස්මත් ආයම වැටෙන්න ගන්නකොට මම එයා දිහා බැලුවා ....

"දැන් හරිද.....හිතේ බය ගියාද .....".

....

"පව්....ගිහින් තියපන් මැනිකෙ....."

එයා වෙනස් උනා...අග්නි වෙනස් උනා.....අග්නි වෙනස් උනාට මම උන්නෙ රෝලර් කොස්ටර් එකකින් එලියට විසික් උන එකෙක් වගේ ....වෙන්නෙ මොනවද .....උනෙ මොනවද වෙන්න තියෙන්නෙ මොනවද කියන්න මට කතාවෙ අවසානම පරිච්චේදෙ වෙනකන් හිතන්න බැරි උනා....

මං කොලු පැටියව ඇද උඩින් තිබ්බා....ඒකා චූටි කට උල් කරන් නින්දෙම්ම සූප්පුව හොයනකොට මම කලින් දවසෙ තම්බලා අරන් තිබුන එක අරන් එයාගෙ කටට ගහලා මගෙ අග්නි දිහා බැලුවා .....එයාගෙ රතු සලකුන..අර දිලෙසෙන ඇදුම් මේ මොකුත් නෑ....කන් වල කලු පාට කරාබු දෙක දිග කොන්ඩෙ රතු ඇස් ඇරුනම එයා ආයම කාලවර්න පොරවන් උන්නා...

අග්නී . .....

"මං දන්නවා ....උඹට මේක අමාරුයි කියලා ....හෙට එලිවෙනකොට වෙන්න තියන දේ විතරක් ඉතිරි වෙලා ඕන් නැහැයි කියන හැම දේම මේ ඔලුවෙන් යන්න යාවි ....."

එය මාව තුරුල් කර ගත්තා ....එයා මටත් කලුපාට ගුලියක් ගිල්ලවයිද ...

අග්නී....

"ම්න්..."

ඔයා...මටත් කලු පාට ගුලියක් ගිල්ලවනවද...?ලමයට පෙව්වා වගෙ එකක්....

"උඹට ගිල්ලනවා නම් ගිල්ලන්නෙ මදන මෝදකයක් තමයි නැත්තන් ඉතින් දෙයියනෙ කියලා වැඩ අල්ලන්ඩ ගන්නකොටම මොකුත් කරගන්න බැරි වෙන්න අනේ අග්නී.....හ්හ් ගෑවොත් ... .ආය හද නැති දවසක් එනකන් ඉන්ඩද?"

ශික්කේ....අග්නීහ්.....මොන මගුලක්ද අග්නි...උඹ ඉන්නෙ ඒ සිහියෙන්ද....මගෙ බඩෙ බිත්තර තැම්බෙනකොට විකාර කතා කියන්න එපා අග්නි.....

"බිත්තර....? ගම්බිත්තරද ..නැත්තන් කොටු බිත්තරද ...ඒත් ඒක වෙන්න බෑ කියලා හිතෙන් නැද්ද...."

දෙයියනේ අග්නී ..

" ඉතින් ඇත්තනෙ...මම මොකුත් කරන්ඩ කලින් බිත්තර හිටින්ඩ විදිහක් නෑ.....ආහ්ක්....අනවශ්‍ය තොරතුරක් ...."

වැඩක් නෑ...මම එයාව තල්ලු කෙරුවා ...මාව අත් දෙකෙම්ම් බදාගන උන්න අග්නිව මම තල්ලු කෙරුවා .....මං එයාව දාලා යන්ඩ හැදුවා ....ඒත්.. ඒ සැනිම්ම එයා මාව ඇදලා අරගත්තා ...

"ඇයි උඹ මාව දාලා යන්ඩ හදන්නෙ.....මට විහිලුවක් කරන එක අකැපයි ද මගෙ ශිවන් ....??"

අග්නී...

මං ඉක්මනට එයාගෙ පැත්තට හැරුනා ...එයා එහෙම්ම මාව බිත්තියට හේත්තු කරන් මගෙ නලලට එයාගෙ නලල හේත්තු කර ගත්තා ...වෙන වෙලාවක නම් බෙල්ල කඩාගන එයාගෙ දිහා බලන්ඩ වෙනකොට එයා මට වඩා අද ටිකක් විතර උස උනා...

"ආදරේට විහිලු කෙරුවට....විහිලුවට ආදරේ කෙරුවෙ නෑ ශිවන්....වෙච්ච වැරදි ආයම හරි ගස්සවන එක....ඒක ඒතරම් ලේසි දෙයක් නෙවෙ ....උඹ මම...අපි දෙන්නම ඉන්නෙ තවම දිය සුලියකට අහු වෙලා...අත දික් කරන් උන්නට තවම අල්ලගන්න බැරි උනා...උඹ මම වටේ තවම පෙරුන් නැති කුනු රොඩු පාවෙනවා....ඒහැම දෙම....ඈතට ගහගන ගිහින්....අවසානෙදි අපිදෙන්නා විතරක් ඉතිරි වෙන්න ඕනා මගෙ ශිවන්..."

මගෙ අග්නී.....

"මං උඹට ආදරෙයි .....වචනයේ පරිසමාප්තියෙන්ම ....මට උඹලාගෙ මිනිස්සු වගේ බොලද කතා කියන්න දන්නෙ නෑ....අහගන උන්නොත් දෙයක් කියනවා ඇරෙන්න.....ඇරත්...මිනිස්සු දිහා බලලා ආදරේ ඉගන ගන්න බෑ....උඹලගෙ මිනිස්සු ගාව මවාපෑම විතරයි ....ආදරේ තියෙන්නෙ දූවිලි අංශුවක් තරමටයි ..බොරුව විතරමයි ...උන් ඉර හද ගෙනල්ලා දෙන්න පොරොන්දු වෙනවා...ඒත් මේ තාක්...අග්නිගෙ කනට ඇහිලා නෑ....කවදාවත් එක හිතක් මත්තෙ නැහෙන්ඩ පොරොන්දු වෙනවා...ඉතින් මගෙ ආදරේ උඹට තිත්ත ඇති....".

අනේ මගෙ අග්නී ....එපා....එපා...ඒ වචන බරයි මගෙ අග්නි.....මං ආසයි....මං ආසයි අග්නි....තිත්ත අස්සෙන් එන පැනි රසට මම ආසයි...

"ඇත්තටම....?උඹ තිත්ත පැනි වලට ආසද මගෙ මැනිකෙ....???"

මට වේදනාවක් දැනුනා....ඇත්ත ...අග්නිග් ආදරෙ තිත්ත රසයි...ඉවසීම නැති තැන එයා කෙරුවෙ මරන්න හදපු එක.....දරාගන්න බැරි තැන එයා කෙරුවෙ මගෙ ඇස් වලින් හැංගිලා උන්න එක...ඒත් ඒ හැංගුනත් මා දිහා බලන් උන්න එක....එයා කියපු කතාව ඇත්ත....මිනිස්සු ආදරේ කරන දිහා බලන් ආදරේ කරන්න බෑ....එහෙම උනොත් වෙන්නෙ අපි එක එකාව සසදන එක..."එයාට පුලුවන් උනා නන් ඒ දේ අරන් දෙන්න...ඇයි මගෙ කෙනාට බැරි මටත් ඒ දේ අරන් දෙන්න...."සසදන්න හැදුවොතින් වෙන්නෙම ඔය වගෙ දේවල් ...ඒත්....ඊට වඩා හොදයි .....තමන්ට දැනෙන විදිහට ආදරේ කරන එක....එහෙම බැලුවම මං මගෙ අග්නිගෙ තිත්ත ආදරේට ආදරෙයි .....මං ඒ ආදරේට පෙරේතයි.....අග්නි...හරියටම මහ පර්වතයක් වගෙ...මට බයක් හැකක් නැතිව ඒ පර්වතෙ උඩ මට පුලුවන් මගෙ කූඩුව හදා ගන්න...වැලි පොලවක හදන කූඩුව කුනාටුවලට අහුවෙලා කැඩිලා බිදිලා යනකොට ඉතුරු වෙන්නෙ දුකක් වෙනකොට මට ඕනෙ පර්වතයක් උඩ මගෙ කූඩුව හදා ගන්න.....

මගෙ අග්නි.....උඹ පර්වතයක් .....උඹට පුලුවන් අපේ කුඩූව කැඩෙන්න නොදී බලා ගන්න....උඹට පුලුවන් අපේ කූඩුව බිදෙන්න නොදී බලා ගන්න.....මගෙ අග්නි...උඹ රාජාලියෙක්...උඹට පුලුවන් මාව ඕනම උසකට අරන් පියාඹන්න ....උඹට උඹගෙ තටු ගැන විස්වාසයි ....අන්න ඒ තරම්ම මට උඹව විස්වාසයි මගෙ අග්නි.....මගෙ අග්නි උඹගෙ ආදරේ තිත්ත රසයි....ඒත්.....ඒ ආදරේ පතුලක් නොපෙනන ආගාදයක් තරමට ගැඹුරුයි.....කටට මිහිරක් ගේන පැනි රසට වඩා....කවුරුත් එපාය කියලා පැත්තට කරන ඒ තිත්තට මන් ආදරෙයි මගෙ අග්නි....

මං කියෙව්වා කටට එන වචන මොනවද කියන්න මං දන්නෙ නෑ මං කියෙව්වා ....එයා ඇස් පිල්ලමක් නොගහා බලන් උන්නා ..අවසානෙදි මගෙ නිකටෙන් අල්ලගන එයා හිනා උනා .

"මගෙ පන්ඩිත කොට මගුල...කොහෙන්ද කියවන්න ඉගන ගත්තෙ ම්ම්ම්ම්...විහිලු ඇති ..මං කියන දේ හොදට අහගනින් මගෙ ශිවන් ...උඹ දැන් එහා මෙහා වෙවි උන්නා ඇති....අද රෑ....අද රැයෙන් පස්සෙ හුගාක් දේවල් වෙනස් වේවි ..මට සමාවෙයන් මගෙ ශිවන් ....අද රෑ උඹට නොසෑහෙන්න වේදනාත්මක වේවි...හරියටම මගෙ අම්මට වගෙ ...උඹ අඩාවි ...හූ තියාවි ....ඒත්.....උඹට ඉවසන්නම වෙනවා....යක්ශ...මිනිස් රමනයක් ....සුලුවෙන් හිතන්න පුලුවන් දෙයක් නෙවෙ මගෙ ශිවන්....අතර මගින් දුවන්න හදන්න එපා....එහෙම උනෝති ඒ වෙදනාවත් උඹටයි....අද රෑට රාහු ඇවිදින් හද ගිල ගනීවී....උඹ මගෙ වේවි....මං...මං උත්සහ කරන්නම් උඹව අඩවන් නැතුව ඉන්න....ඒත්.....මට අමාරුයි පොරොන්දු වෙන්න....

උඹගෙ අම්මා අප්පච්චි තව හෝරා දෙකතුනකින් වයඹ රටට යාවි.....කෝවිලේ මංගල්ලයක් ....උඹ දන්නවා...කතරගම වහේමයි....වෙද්දුන්ට කපුවන්ට මුන්නේශ්වරම ....එන්ඩ සතියක් යාවි ....කොච්චර අමාරු උනත්...උඹ හෙට නැගිටින්ඩ ඕනා.....ඉර පායන්ඩ කලියෙන් උඹ නැගිටලා නාගන්ඩ ඕනා ...පහන් පැලට පහන තියල උඹ කතරගමට යන්ඩ ඕනා ගිහින් අතගහපන් මුරුතැන් බතට ...හිතේ කිසිම කහටක් තියා ගන්ඩ නරකයි.... .එ අහවර කරලා ....උඹ ලවන් වෙනුවෙන් පින් ඉල්ලන්ඩ ඕනා...ඒකව ඒ පවෙන් මුදවන්ඩ කියලා කන්නලව් කරන්ඩ ඕනා .....උඹගෙ ඉස්සරහට හම්බවෙන්නෙ මොන හස්‍තියවද...උඹ ඇත් ගොව්වා එක්ක ගිහින් නාවන්ඩ ඕනා....

උඹට කියවන්ඩ පොත් බොහෝමයි මගෙ ශිවන් ...සාත්තර කෙරුවාව ලේසි පහසු නෑ....උඹලට තේරෙනවද...කියන අකුරු....වචන...පන පොවලා කියන්ඩ ඕනා.....සමහර විට ජප කරන වචන....කඩ කඩ බැලුවම එවට හරි හමන් තේරුමක් නොඑන්ඩ පුලුවන් ඒත්මැනිකේ....අකුරු වලට පන පොවපුවාම කරන්ඩ බැරි දෙයක් නෑ...ඒක හන්දා බොහෝම කල්පනාවෙන්....මේ ඔලු ගෙඩියට දාගන්ඩ දේ බොහෝමයි මගෙ ශිවන්.....උඹගෙ අම්මා උඹට වෙද කම දුන්නෙ නෑ....ඒත්...උඹ ඉගන ගන්ඩ ඕනා....

වෙද කම ඉගන ගන්නවා කියන්නෙ පත අට එකට හින්දලා කසාය මුට්ටි තම්බන්ඩ කියන එකම නෙවෙ.....ගුලි චූර්න කල්ක.....තෛල ...ඔව්වා හදන්ඩ ලේසි නෑ....ආවට ගියාට ඔව්වා අබරලා බෑ....බෙහෙත් වලට පන කවන්ඩ ඕනා.....

උඹ දන්නවා.....බෙහෙත් තෙල් වල ගුන මොනවද කියලා ....මන්තර මතුරන්ඩ කටපාඩම් කරන්ඩ සුභ අසුභ වෙලාවල් තියනවා වගෙ තමා මගෙ ශිවන්...ඔය තෙල් හිදින්ඩත් වෙලා තියනවා....යෝග තියනවා...මුහුර්ත තියනවා....

මං දන්නවා...උඹට මේ ඕකොම ඇහුවම අමාරුයි කියලා ..ඒත්....උඹ වැඩ කරන්ඩ හදන්නෙ අර්ධ යක්ශ ...අර්ධ දේව කඩවරට .....හොදට හොදයි...නරකට නරකයි...ඒක හන්දා ....මගෙ ශිවන් ...කරන කියන දේවල් බොහෝම කල්පනාවෙන් ...."

එයා කියෙව්වා ...කිව්වත් වගේම මගෙ ඔලුව පුපුරන්න ආවා....එයාගෙ මේ කියුම් අහලා....

"මගෙ ශිවන් ....මගෙ පැංචගෙ අප්පච්චි ....මේ අහපන්....උඹලා අහලා තියනව නේද රත්තරනේ සංසාරෙන් එතර කරවන උන් ගැන....."

මට අග්නි ගැන කියා ගන්න බැරි තරම් ආදරයක් දැනුනා ....ඇත්තමයි....මේ "යක්ශ ආදරේ නම්....අධිමාත්‍රාවක්....අග්නි කියන්නෙම මන මෝහනීය ගින්දරක්..."මගෙ පැංචගෙ අප්පච්චි .....එයා මගෙ පැංචා කිව්වෙ නිඛිල්ට .....එයා මට කතා කෙරුවෙ මගෙ පැංචගෙ අප්පච්චි කියලා ...මං ඒ වචනත් එක්ක තවත් ටිකක් මගෙ ආදරනීයම යක්ශ්යට ලන් උනා ....

"මගෙ ශිවන්...උඹ ඇවිදින් ගගකින් මිනිස්සු එගොඩින් නෙගොඩට ගෙනියන තොටියෙක්වගේ.....පව් කරපු උන්ට පින් එකතු කරන...සංසාරෙන් එතෙර කරන ඒ දන්ඩක් වගෙ...උඹලා ඇවිදින් මැනිකක් මගෙ ශිවන්...ඉවසපන් ....හැම දේම ඉක්මනට විසදේවි...උඹ දන්නවා මගෙ ශිවන් ඉඩෝරෙක උනත් අවසානයක් තියනවා.....ඉඩෝරෙකින් පස්සෙ ...නියගෙකින් පස්සෙ වහිනවා...මැරිලා ගියපු ගස් වැල් ආය පන ගහනවා...ඉතින් ඒ වගේමයි.....මේ පැටලුන නූල් බෝලෙ ආයම හරි ගැස්සේවි.....එතකන් ඉවසපන් ....තේරුනාද මගෙ මැනිකට....."

මගෙ අග්නී....එයා සෑහෙන්න කතා කෙරුවා...කියන්ඩ තියන දේවල් එයා මට හරී හෙමින් කියලා දීලා අවසානෙදි මගෙ නලලට හාදුවක් තිබ්බා....තියලා ඔලුව අතගෑවා....

" පුංචි එකා දැම්ම නැගිටින එකක් නෑ...ඒකට අද හෝරා හතර පහක් වත් ඔය නින්ද අල්ලාවි....උඹගෙ මගෙ මුහුන් වෙච්ච ලේ හන්දා ඒකට සෑහෙන්ඩ නින්ද යාවි....එක හන්ද උඹලත් බඩ පිරෙන්ඩ කාලා ටිකක් නිදා ගනින්..."

.එයා මට කාලා නිදා ගන්ඩ කිව්වා.....ඉලව් රකින්ඩ එන මිනිස්සු එකා දෙන්නා එකා දෙන්නා අඩු වෙලා ගිහින් අවසානෙදි සාරාන්‍යාගෙ අම්මා තාත්තත් යන්න යනකොට මගෙ අග්නි විතරක් මට ඉතිරි උනා .....මෙච්චර වෙලාම මාව තුරුල් කරන් උන්න අග්නි මට කන්න කියලා යන්න හදනකොට මම එයාගෙ හයිය හත්තිය පිරුන අතෙන් අල්ල ගත්තා .....

අග්නී....

"ම්න්...."

ඔයාට ...

"දැන් කෑවොත් බඩ එනවා...බඩ ආවම බඩ වදිනවා... රෑට කන්න බැරි වෙනවා...."

අග්නී...හ්හ්හ්හ්හ්හ්!!!!

🤭ජොබී....නිජහා....ස්ස්ස්!!!

😘ආයම.හෙච එන්නාම්.....

කායයියා චේ බොන්න නන්නෙ.....ඔය ලමයිනුත් චේ බොන්ඩෝ....

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters