සුදු කකුල් මඩ උනා.....කොස්පට්ටා මඩපාට උනා.....ඒත්....ඉන්ධර් හාමු නෙවෙ නැවතුනෙ....චිරි චිරි ගාලා මඩ නොපෑගුනත්....බොරලු පාරක් කියන්නෙම දූවිලි සුවද එක්ක නෙස්ටමෝල්ට් ගංගාවකට හැරෙන පාරක් වෙද්දි මාර ගස් පිරුන...රතු කැට වගේ මැයි මල් පිපුන බොරලු පාරෙ....එක ජැකට් එකක් අස්සෙන් මං හාමුගෙ ඇගේ හැප්පි හැප්පි හෙවනක් හොයන් දිව්වා....
ඇසල...
බේබි හාමු...
මීට වඩා දිව්වොත් වෙන්නෙ නිස්කාරනේ නාන එක.....අර ගහ යටට දුවමු....
මාව ඈත් නොකරම....නොතෙමි තෙමි තෙමි ඉන්ධර් හාමු රතුකැට වගෙ මැයි මල් පිරුන මැයි ගහක් යටට දුවනකොට මමත් හාමු එක්ක...හාමුගෙ ඇගේ හැප්පි හැප්පිම මේ වැහි කදුලු මැද ගහ යටට දිව්වා....
ශිහ්....
මං තාවම එයා ගාව...ඉන්ධර් හාමුගෙ සුවද....වැහි වතුරට වත් හෝදන්න බැරි උනත්....බොරලු පාරට වැහි බින්දු වැටෙනකොට දූවිලි සුවද උඩ ගැහුවා වගෙ වැහි කදුලු වලට ඒ සුවද තවත් උඩ ගැහුවා වගේ උනා....
මං අහකට උනා....මගෙ ඔලුව බේරිලා...උරහිසකුත් බේරිලා ....ඒත්....ඉන්ධර් හාමු...හාමුගෙ ඔලුව තෙමිලා....උරහිස් දෙකම තෙමිලා....එතකොට .....
එතකොට ....
හාමු කරලා තියෙන්නෙ මාව වහන් දුවන් ආව එකද.....??
බ්..බේබි හාමු....
තෙමුන ජැකට් එක තෙමුන උරහිස උඩම දාගන උන්න ඉන්ධර් හාමු ....හාමු කෙනෙක්ටම හරියන විදිහට අර පුරුදු අහංකාර කමෙන්ම අත් දෙක පිටිපස්සට බැදන් මන්දාරම් අහස දිහා බලන් උන්නා....
හත් ගවුකටත් වඩා උසින් වැටෙන අහස් කදුලු මහපොලවට වැටිලා මැරිලා ගියත්..මේවෙනකන් මැරිලා උන්න හැම ගහ කොලක්ම පන ගහන්න නම් වැහි කදුලු වලට අහසින් බිමට වැටිලා මැරිලා යන්නම වෙනවා....
මිනිස්සු කියනවා....තරුවක් වගේ වෙන්නලු...මොකද...කඩාවැටෙන තරුව පවා කෙරුවෙ මිනිස්සුන්ගෙ හීනයක් ප්රාර්තානවක් යතාර්තයක් කරපු එක....කඩා වැටුන තරුව වගේම මේ මැරිලා යන වැහි කදුලුත් හරි පරාර්තකාමියි....
වැහි බින්දු ඉවරයක් නැතිවම බිමය වැටෙනවා....මැයි ගහ යට උන්න මාවත් ඉන්ධර් හාමුවත් වැහි කදුලින් බේරුනත් අතරින් පතර වැහි බිදුවක් දෙකක් ඇවිත් අපින්දෙන්නව තෙමාගන ගියා...
සැරින් සැරෙම අහස ගුගුරනකොට ....සැරින්සැරේම විදුලි කොටනකොට ...ඒ දෙකටම හරියන්න ඉදහිටකදි හෙන පිපුරුවා.....
මං ඉන්ධර් හාමුට මිමිනුවා....හේතුවක් නැ...අහේතුකවම...කියන්ම දෙයක් තිබුනෙත් නෑ...හැබැයි නොතිබිනත් නෙවෙ.....ඇයි හාමු මාව නොතෙමා හාමු තෙමුනෙ අහන්න කට නලියෑවත්....හාමු කිව්වොතින්...උඹ මට වඩා මිටි හන්දා තෙමුන් නෑය කියලා ...මං මක්ක කියන්නද...??
රතු කැට වගේ මැයි මල් පිරුන මැයි අත්තක් පහත් වෙලා තිබුනා...ඉන්ධර් හාමු උන්නෙත් හරියටම ඒ මැයි අත්ත ගාව....එකපාරක් මුමුනපු මං ඊලග පාර ඉන්ධහාමුට සමාන්තරව හිටගන ඒ මුන දිහා බැලුවා...මොකද ...මට නොබලා ඉන්න බැරි උනා.....

ඒ ඇස් තිබුනෙ මන්දාරම් අහස දිහා බලාගන...හාමු මන්දාරමට ආසද කොහෙද ....කවදා හරි දවසක දූ පැටියෙක් හම්බ උනෝතින්....."අහස්නා මන්දාරමී" කියලා නම තියන්නත් පුලුවන් .....
විකාර....
මම...මටම බැනගත්තා .....හාමුට ඕන නමක් මිසක්....ඉදුල් හෝදන්ට ඉන්න අපිට ඕන නම් දමාවිද.....
හාමු තෙමිලා....
පැත්තට පීරපු කොන්ඩෙ ඉත්තෑකූරු වෙලා ගිහින් තියෙද්දි හැම ඉතෑකූරක් අගම වතුර බින්දුවක් ඉතිරි වෙලා තිබුනා.....හරියටම වැහි බින්දුවට පවා හාමුව දාලා යන්න ලෝභයි කියන්න වගේ....
ඇදපු චිත්‍රයක් වගේ....ඒ තරමට මේ නපුරු හාමු ලස්සනයි....අපල බපල පැත්තකින් දැම්ම්ත්....වයස පනහට කිට්ටු උනත්...මොන ගෑනිද මේ මනුස්සයට අකමැති වෙන්නෙ දෙයියනෙ...
තවත් චුට්ටක් දුර හිතාපු මං එහෙම්ම වැස්ස දිහා බැලුවා...දැන් දැන් අහස දුක කියන එක ඉකිගහන එක නවත්තලා ...
ඇසල...යමු....
මෙච්චර වෙලාම වැහි වතුර මහපොලවට වැටෙන හැටි ඇහිපිල්ලමක් වත් නොගහම උන්න හාමු මහත්තයා මගෙ දිහාවට හැරිලා ඇසල යමු කිව්වත්....එක තත්පරෙන් එහා මෙහා වෙන මගෙ කල්පනාව තිබුනෙ ඉන්ධර් හාමුගෙ ඉහට උඩින් තිබුන රතුකැට වගේ මැයි මල් පිරුන මැයි අත්ත දිහාවට වෙනකොට මට මැයි මලක්.කඩාගන්න ඕනා උනා...හේතුවක් නෑ.....ඒත්....කඩාගනින් කියලම හිත බලකරනකොට....ගොරහැඩි උන අත් මැයි මලට රිදවාවි කියන බයට මං හරි සීරුවට මැයි මලක් ඇල්ලුවත්...සිද්ද උනේ මං හීනෙකදින්වත් නොහිතපු දෙයක්.....
මල් වැස්සක්.....
ඉන්ධර් හාමුව තෙමාගන මැයි මල් වැස්සක් වැස්සා.....!
මම අත තිබ්බෙ එකමලකට උනත්...මම නොදැනුවත්වමද කොහෙද....ගල්පතුරක් වගෙ ගොරහැඩි වෙලා තිබුන මගෙ අත මැයි අත්ත රිදවලා තිබුනද කොහෙද ...මං මැයි අත්ත තදිම්ම අල්ලලද කොහෙද ....
මෙච්චර වෙලාම අහසෙ දුක අහන්...වැහි කදුලු දරාගන උන්න මැයි අත්තට ඉවසන්න බැරිම තැන අර හැම මැයි මලක්ම එයාගෙ නටුවෙන් ගලවලා වැහි කදුලුත් එක්කම බිමට දානකොට ඒ වැස්සට තෙමුනෙ....ඉරුගල්බන්ඩාර වලව්වෙ තෙහස් ඉන්ධර් හාමු...
ඉ...න්ධර්...හාමු....
මැයි මල් වැටුනා.....
හාමුවත් තෙමාගන මැයි මල් හැලුනා....හීනි වෙලා ගියපු ඇස් දෙක එක දශමෙකින් ලොකු වෙනකොට අර රැලි වැටුන ඇහිබැමේ රැලි දිගෑරුනා වගේම ඉන්ධර් හාමු වචනයක් නොබලම මැයි අත්ත දිහා බලද්දි මගෙ අතින් තවපාරක් ඒ අත්තම හෙල විලා ගියා.....
නටුවෙන් ගිලිහුන මැයි මල් වැස්සක් හාමුව තෙමුවා.....

මගෙ කටත් ඇරුනා....ඇසුත් ලොකු උනා....රතුපාට මැයි මල් අහුරක් හාමුට හාදු දීගන මහ පොලවට වැටෙනකොට හාමුට ලෝභ කමේද කොහෙද එක මැයි මලක් අර තෙත උරහිසේ යන්න බැහැයි කියන්න වගේ නැවතිලා ඉන්නකොට මං තත්පර ගානක් හාමු දිහා බලන් ඉදලා අර මැයි මල ගන්න අත දික් කෙරුවා ...
තිබ්බ දෙන්....
මන්දාරම් අහස දුක කියන එක හරි හිමින් හිමින් නැවැත්තුවා...ඉන්ධර් හාමු උන්නෙ බරම බර කල්පනාවක වෙනකොට සැරින් සැරේම බරම බර හුස්මවල් පිටකර කර එක අතකින් නලල මිරිකගත්තා ...
මැයි මල එහෙම්මයි.....අහක් කරන්න හදනකොට තිබ්බ දෙන් කියලා මාව නවත්තපු බේබි හාමු මුරන්ඩු මැයි මලට උරහිස උඩ ඉන්න දීලා කාර් එක ඩ්‍රයිව් කරන ගමන් මොනවා හරි ලොකූ දෙයක් කල්පනා කෙර්... ...
විනාඩි පහක් දහයක් වත්....නෑ...ඊට වැඩියි
මන් හිතන්නෙ ඔව්...මාර ගස්...මැයි ගස් පිරුන බොරලු පාරත් පහු කරන් ඇවිදින් විනාඩි පහ දහයකට වැඩි උනා...මල් වැස්සකින් පටන් අරන්.....වැහි කදුලු ලොකු වෙලා...අවසානෙදි ආයමත් පොද වැස්සකට හැරිලා තියනකොට මෙච්චර වෙලාම කල්පනා කර කර ආව ඉන්දර් හාමු අවසානෙදි මගෙ දිහා බැලුවා...
ඇසල....
බේබි හාමු....
සුද්දිට අරුංගල් දෙකක් ආහුවා නේද....
එ...හෙමයි හාමු....ලොකු ගානකට නෙවෙ හාමු....පුලුවන් කාලෙක අරන් දෙනකන්
මං උඹගෙන් ඇහුවෙ එක ප්‍රශ්නයක් ඇසල....ඔව් නම් ඔව්....එච්චරයි ...ඇයි ඔච්චර කියවන්නෙ...
.......
මං බිමබලාගත්තා ...ඉන්ධර් හාමුගෙ පැත්තෙන් මගෙ කියවිල්ල කරච්චලයක් උනත්...මගෙ පැත්තෙන් ඒක කරච්චලයක් නොවුන කොට අපරාදෙ නාකි බිබික්කමට අරුංගල් දෙකක් ගැන කිව්වෙ කියලා හිතුනා....
අරුංගල් දෙකක් අරන් දෙන්නම්....
බෙ..බේබි...හාමු....
ඔලුව බිමට පහත් කරන් උන්න මං එකපාරම ඔලුව ඉස්සුවා....අරුංගල් දෙකක් අරන් දෙන්නම්ලු...
ඇයි ඇහුන් නැද්ද....?
අනේ..බේබි හාමු...ඔය ඇත්තමද.....අපෙ හාමුව...උඩ ඉන්න..දෙවියොම බලාගන්න ඕනා හාමු....
පිනට නෙවෙ ඇසල.....දෙවියො බලාගන්ඩ ඕනයි කියලා මට වචන වලින් කියලා තේරුමක් නැ..
හ්...හාමු...
....
මගෙ හදවත එක පාරම කන්නාඩියක් ඉරි තැලුනා හා සමානවම ඉරිතැලිලා.ගියා.....මට රිදුනා....එකම එක වචනෙකින්...උඩ ඉන්න තිස්තුන්කෝටියක් දෙවිදේවතාවොම හාමුව බලාගන්න ඕනා කියන තැනට හිත නැවුන මගෙ හදවත එක පාරම බිදුනා.....
පිනට නෙවෙ කිව්වා..දෙවියො බලාගන්ඩ ඕනයි කියලා වචනවලින් කියලා තේරුමක් නැහැයි කියාපු ඉන්ධර් හාමු ආයම නලල රැලි කරගත්තා ...මං දන්නවා....මේ ඉරුගල්බන්ඩාර වලව්වෙන් වැලි ඇටයක් වත් නිකන් හම්බවෙන්නෙ නැහැයි කියන්න දන්න මං අවසානෙදි එක තත්පරේකට හරි හිත රවට්ට ගත්තු එකට මටම දොස් කියා ගත්තා ....
කාරි නෑ බේබි හාමු....අපේ එකීට මෙච්චර කාලෙකට අරුංගල් තිබුන් නෑනෙ.....
කැමැත්තක්.....
.....
මං එහෙම්ම මගෙ ඔලුව ශීට් එකට ගහගත්තා .....කැමැත්තක්ලු...ඔව්...ඉතින් කැමැත්තක් තමයි...ඇරත් මං බිබික්කමට කිව්වද මට උඹගෙන් අරුංගල් දෙකක් ඕනෙ කියලා....නෑනෙ....කමක් නෑ...කාගෙන් වත් නයට අරුංගල් ගන්නවට වඩා හොදයි..ගුනේ මාමා ගාවට ගිහින් වැඩ කරලා ගන්නවා....මන්චාඩි කාලක් උනත්...එතන තියෙන්නෙ මගෙ මහන්සිය මිසක්..බිබික්කමගෙ වලව් රැස් නෙවෙනෙ....
ඇසල.....
ඉන්ධර් හාමු.....
ඇසල..ආස...කොයි කැම්පස් එකටද....
.......
මං අතේ ඇගිලි එකට එක මිරිකගත්තා ...බේබි හාමු මේ කබලෙන් ලිපට වැටුන මගෙන් අහනවා මොන කැම්පස් එකටද ආස කියලා .....ඉස්කෝලේ පොත් ටිකට සදහටම යන්න ඇරපු මං....ගුනෙ.මාමා එක්ක සිමෙන්ති එක්ක හැලහැප්පෙන්න හිත හදාගන්නකො ඉන්ධර් හාමු මගෙ තුවාලවලට පාර පාර ලුණු ඉහිනවා....
.මං යන්න ආස කැම්පස් එකක් නෑ බේබි හාමු...දුප්පත් අපිට....ඔය හැම දේම හීන.....මට තියන එකම හීනෙ....සුද්දි ගැන හාමු.....තුන්වේල බඩට කාපු දවසක්...අමතක අපිට ඔය සරසවි හීන තනිකරම හීනම විතරයි හාමු...
ම්න්....ඇසල....දනන්වද.....පේරාවලට....හඳ පායනවා ලස්සනට...කහපාට ඇහැල මල්....පිපුනම....මුලු පේරම ලස්සන වෙන්නෙ ඒ ඇහැල මල් එක්ක.....හන්තානෙට පායන හද එලිය....ඇහැල මල් වලට වැටුනම...බලන් ඉන්න ආසයි...ඒ වගේමයි...දැන් වලව්වෙ පිපෙන ඇහැල.....සරසවි...හීන වගේමයි...ඇහැල හීනත්....සමහර වෙලාවට....භාවනාවක් වගේ.....කහපාටට...හිත නිවනවා.....දන්නවද...ඇහැල හිනාවෙනවා....හැබැයි හරි කලාතුරකින් .....ඒ වගේම බයෙන්...බය වෙලා හිනාවෙන තැන...ඒ ඇහැල..හරි ලස්සනයි.....
මම අහගන උන්නා.....ඉන්ධර් හාමු උගන්නපු කැම්පස් එක ගැන හරි ලස්සනට කියනකොට මං බිබික්කමගෙ මූන දිහා බලන් උන්නා...ඇහැල මල් ගැන කියන වාරයක් ගානෙම නාකි බිබික්කමගෙ මූන පාට වැටුනා....මට පේන්නෙ බිබික්කම් සවානට ඇහැල ගස් යට කවුරු හරි එකියක් ආදරේ කරලා වගේ....ඒකත් එකටම...මේ මූනට ආදරේ නොකර ඉන්නෙ මොන මෝඩයද.....එ ඇහැල ලස්සන උනාට....මේ ඇහැල....මට උරුම දුක විතරක් වෙනකොට ජීවිතේ පටන් ගන්නකොටම මගෙ පෙති තැලිලා ඉන්ධර් හාමු....ඉතින්..හාමු දකින ඇහැලයි...මේ ඇහැලයි පරස්පරයි.....
බේබි හාමු...ආයම කැම්පස් යන්නෙ නැද්ද....
.යනවා.....
මං ලාවට හිනා උනා...හාමු ආයම කැම්පස් යනවා කියනකොට මං ලාවට ඔලුව වනලා මගෙ ඔලුව වැස්සට තෙමිලා සීතල උන ශටර් එකට තියා ගත්තා ...හාමු කැම්පස් යාවි....මං ගුනේ මාමා එක්ක කොක්‍රීට් අනන්න යාවි.....දවසක සුද්දි හරි යන්නෙ නැතැ.....
ඇති යාන්තන් වැස්ස පෑයුවා...
එතනින් පස්සෙ ආයමත් ඉන්ධර් හාමු ගොලු බෙහෙත් බිව්වා...මටත් ගොලු බෙහෙත් පෙව්වා...අහන දේකට උත්තරයක් දෙනව ඇරුනම මට කොහෙන්ද බේබි හාමුගෙන් ප්‍රශ්න කරන්න හයියක්...
මං එහෙම්ම ඇස් දෙක පියාගත්තා .....සුද්දියගෙ බෙහෙත් උරෙ කකුල් දෙක උඩ තියනකොට මං ඉන්ධර් හාමුට හාමුගෙ කල්පනාව එක්ක තනි වෙන්න දීලා ඇස් පියාගත්තා .....හැබැයි එක තත්පරයයි.....ඉන්ධර් හාමු ආයම මට එයාට ආවේනික අර ගැඹුරු කටහඩින් කතා කෙරුවා .....
ධනුද්දර .....
මට මොකක්ද වෙලා ගියා....ඇසල...ඇසල...ඇසල කියන ඉන්ධර් හාමු.....මහ මුහුදක් වගෙ ගැඹුරු ඇස්වලින් මගෙ දිහා බලාගන උන්නා.....ධනුද්දර ...ජීවිතේ කලාතුරකින්ම අහෙන නම.....ඉන්ධර් හාමු මට කතා කෙරුවෙ ඒ නමින්...
බෙබි හාමු....
ජීවිතේ හීන දකින එක නවත්තන්න එපා.....
මට දෙන්න උත්තරයක් නැති උනා...මෙච්චර වෙලාම තෙත උරහිස උඩ උන්න මුරන්ඩු මැයි මල හිමින් සීරුවෙ වම් උරහිසින් බිමට වැටුනා..නිකන් නෙවෙ ..ඉන්ධර් හාමුගෙ හදවතේ වැදීගන උකුල උඩට.....
හීන බලන එක නතර කරන්න එපාය කියපු ඉන්දර් හාමු ආයමත් අර ගොලු බෙහෙත් කුප්පියෙන් එක පෙත්තක් අරන් උගුරටම දාගත්තා ...කට තදිම්ම පියා ගත්තා ....හැබැයි ඒ වෙනුවට ආයමත් සින්දුවක් දැම්මා.....
මේ මැයි ගහ යට....!!!

මේ මැයි ගහ යට....
දවසක් දා...
වැස්සට අපි උන්නා...
රතු කැට වාගෙ....
මැයි මල් පිපි...පිපි...
අපට සෙවණ දුන්නා...
අපට සෙවන දුන්නා....
මං ඉන්ධර් හාමු දිහ බැලුවා...මුනෙ ලාවට ඇදුන හිනාවක් එක්ක...ගොලු බෙහෙත් බිව්ව ඉන්ධර් හාමු මිල්ටන් මහත්තයට සින්දුව කියන්න දීලා හාමු සින්දුව වින්දා.....උකුලට වැටුන මැයි මල තවමත් පරිස්සමට උකුල උඩ ඉන්නකොට හාමුගෙ අතිම්ම පෙති තැලෙවිදෝ කියලා බයටම බේබි හාමුම ඒ මල අරගන හරි පරිස්සමින් ඉස්සරහින් තියලා ආයමත් මිල්ටන් මහත්තයා ගෙ මැයි මල් වල වගතුග අහන්න ගත්තා ....
මැයි මාසෙ එක සැන්දෑ වරූවක... සීතල වැහි...පොද වැටෙන වෙලේ...
ආදර වියෝවක්....සිතින් එබෙන සඳ...
වැහි පොද සේ...නෙතු...කඳුලු සැලේ....
වැහි පොද වැටුනත්...
ඉස්සර වාගෙම....
මැයි මල් පිපුනත්...රතට රතේ....
අප දෙදෙනෙකු...නැ....
"විකාර.."
ඉන්ධර් හාමු.....එකපාරම සින්දුව නැවැත්තුවා...නිකන් නෙවෙ...මෙච්චර වෙලාම හරිආසාවෙන් විදගන ආව සින්දුව නවත්තලා දැම්මා...මිල්ටන් මහත්තයගෙ කට බලෙම්ම වහල දැම්මා.....නිකන් නෙවෙ...මං හිතන්නෙ ඉන්ධර් හාමු මිල්ටන් මහත්තයට බැන්නද කොහෙද .....මං බලාගන උන්නා...මොන හේතුවකටද මන්දා ඉන්ධර් හාමුට එක තත්පරෙන් තරහා ගියා.....කා එක්කද...මැයි මල් එක්කද...නැත්තන්....මිල්ටන් මජත්තයගෙ සින්දුව එක්කද...ඒත් නැත්තම්...
මං කල්පනා කෙරුවා ....එ සින්දුවෙ ඉතිරි ටික සින්දුව නැතිව උනත් මගෙ යටි හිත තට්ට තනීයම මුමුනන්න ගත්තා....
අප දෙදෙනෙකූ...නැත....අද මා පමනකි...
ඇයිද මන්දා....අච්චර ආදරෙන් උන්න දෙන්නව ඒ සින්දුවෙ අවසානෙදි වෙන් කරලා...
ඉන්ධර් හාමුට තරහා ගිය එක සාධරනයි...
මං ආයම මගෙ ගොරහැඩි අත් දෙක දිහ බැලුවා...තව සෑහෙන්න දුරක් යන්නත් තියනවා.....කාර් එක ඇතුලෙ සොහොන් පිටිය වගෙ...බිබික්කම විතරක් ගොලු බෙහෙත් බිව්වා නම් කමක් නෑ....මටත් පොවන එකනෙ ඉවසන්න අමාරු.....
මං මීක් නැතුව උන්නා.. ..මිල්ටන් මහත්තයට බැනපු ඉන්ධර් හාමු අනිත් පාර එයාගෙ ඵෝන් එකට ඇගිල්ලෙන් ඇනලා ඇනලා ආයමත් සින්දුවක් දැම්මා....ඇති යාන්තන් .....සොහොන් පිටියෙ පාලුව යන්න ගියා....

ගිමන් හරින දියඹ
දිගේ...
සුසුම් හෙළන වෙරල
ඉමෙ...
බැස යන හිරු අඩැසි
සඳට රහස් කියනවා...
සඳ ආදරයෙන් අහස පුරා
රටා මවනවා....
ආයමත් සින්දුවක් ....නෑ....අධිමාත්‍රාවක් ...අමරදේව මාස්ටර් කවදද සිනිදු කිව්වෙ...
ඒත්....මේක කියන්නෙ අමරදේව මාස්ටර් තනියෙන් නම් නෙවෙ .... මං හිමීට බෙල්ල හරවල බැලුවා....
පුදුමයි....!!දෙවියනේ ...ඉන්ධර් හාමු...
මං දැනන් උන්නෙ නෑ.....
මේ තරම් ගැඹුරු කටහඩක් තියන ඉන්ධර් හාමුට සින්දු කියන්න පුලුවන් කියලා ...මං මගෙ ඇස් කොන්වලින් ඉන්ධර් හාමු දිහා බලාගන උන්නා....අමරදේව මාස්ටර් එක්ක ඉන්ධර් හාමු වෙරල ඉමේ සුසුම් හරිනවා...සඳ ආදරයෙන් පාට කරනවා.....
පදයක් කියනවා....ආය කට පියාගන ඉන්නවා.....ආයම චුට්ටක් කියනවා....ආයම කට පියාගන්නවා....බොරු කියන්න ඕන් නෑ....මුහුදක් තරන් ගැඹුරු නපුරු ඇස් අස්සෙ මොකක්දෝ.....මන්දා හරී ආගන්තුක හැගීමක් ඉන්ධර් හාමු හන්ගන් උන්නා...මට නම් කවදාවත් තේරුම් ගන්න අමාරු ඉණ්ධර් හාමු...මොකක් හරි දෙයක් ඒ ගැඹුරු ඇස් අස්සෙ හන්ගන් ආදරයද මේ කියලා අහන ගමන් එක පාරක් මගෙ දිහා බලලා ඇස් පිල්ලමක් ගහලා ආයමත් අධිමාත්‍රාවට තාලෙ ඇල්ලුවා.....
නිල් කටරොළු නිල
නැහැවුණ
මල් බර මුදු
සුව රැදවුණ
තොල් පෙති කල්
හඬගාලන ආදරයද මේ...
නුඹ රහසේ කියා දුන්න...
ආදරයද මේ...
හාමු මහත්තයා ....එහෙනම් මං බහින්නම්...
ම්න්...
ප්‍රවෙසමෙන්
ම්න්...
මං ගේ ගාවින් බැහැගත්තා ....අමරදේව මාස්ටර් රහසේ කියා දුන්න ආදරයක් ගැන දිගින් දිගටම කියවනකොට මටත් නොදැනිම මං ඒ සින්දුවට වශීවෙලා උන්නා....අතරින් පතර ඇහුන ඉන්ධර් හාමුගෙ කටහඩත්.....එක්ක මං ඇස් දෙක පියාගන ඒ සින්දුව විදලා අවසානෙදි ගෙදර ගාවින් බැහැගත්තා ....
මෙහාට වැහැලා නෑ....
අම්මෙ.....අයියා ආවා.....හූ.....අයියේ....මේ...බලපන්...මං...මේ....මේසෙ.....උඩ...මේ.....
මම උන්නෙ වැටකඩුල්ල ගාව....මාව දැක්කා විතරයි සුද්දියා කෑ ගැහුවා...ඒත් මම නෙවෙ කෙල්ල දිහා බැලුවෙ...වැට කඩුල්ල ගාව උන්න මං බලන් උන්නෙ ඉන්ධර් හාමුගෙ කලුපාට කාර් එක දිහා....වලව්ව පැත්ත නෙවෙ හැරෙව්වෙ.....
මේ ගිනිකන දවාලෙ බිබික්කමා ආයම.
කොහෙ යනවද.....කොහෙ ගියත් මට මොකද ...බිබික්කන් සවානව මං පරිස්සමින් එක්ක ගිහින් පරිස්සමින් එක්ක ආවනෙ.....
අලුපාට වැලි පොලව පුරාවටම තැන් තැන්වල චූටි චූටි වල් පැල මතුවෙලා තිබුනා....තනකොල ගස් අස්සෙන් මතු උන කැහැඹිලියා පැල කාගෙ හරි කකුලක ඇතිල්ලෙන්න බලාගන ඉන්නකොට මං පට්ට පරන පාට වෙලා ගියපු පාසි බැදුන උලු තිබුන වහලා දිහාබලන් උන්නා....මුලු ගේම පාලු පාටයි...අවුරුදු ගානකට උඩදි ගාපු තීන්තවල පැල්ලමක් වත් හොයන්න නෑ.....සල්ලි ටිකක් තිබ්බා නම් බිත්තිය කපලා හුනු ටිකක් හරි ගාන්ඩ තිබ්බා...වැලි කඩදාසියක් ගෙනත්....කඩතොලු ටික මටම මැදලා කපාගන හුනුටිකක් වත් අතුලන්ඩ තිබුනා නම්....ගේත් එක්ක මූසල පාටයි...
ඒත්...ඉතින්....හුනුගාන සල්ලි වලින් තව කීයක් ජාති කරන්ඩ පුලුවන්ද ...කමක් නෑ...හැම දේම ඉබේ පහල වෙන්නෙ නෑනෙ....හෙමීට කරගන්න පුලුවන් නෙ....
එක දිගට වවාපු කෝපි ගස්වල කෝපි ඇට රතුපාටින් දිලිසනකොට කෝපි පොකුරු තනිකරම බල්බ් දැම්ම වගේ දිලිසුනා....
අයියෙ...මොනවත් ගෙනාවෙ නෑද....
සුද්දි....උඹ ආයමත් ඕක ඇරගත්තද....
වැටකඩුල්ල පැනලා එන්න හම්බුනේ නෑ.....ගෙදර හිස්කම යන්න ගෙයි ඉස්සරහම තිබුන පින්තාලිය උඩ පුංචි කුරුල්ලො දෙන්නෙක් උන්ගෙ තිබහව යන්න වතුර බොනකොට සුද්දියා ජනේලෙ එල්ලීගන ආයම කෑගැහුවා...මොනවත් ගෙනාවද අහනවා....අතේ හිස්කම යන්න තිබුනෙ ඒකිගෙ බෙහෙත් උරේ විතරයි ...මට උත්තර බදින්න වෙලාවක් නොතියා අම්මම කෑගහපු එකම මට සැනසීමක් උනා.....
පුතේ.....උඹ ආවද..
මේක...ආ...
මං අතේ තිබ්බ බෙහෙත් මුල දෙන ගමන්ම කෙරුවෙ කකුලෙ තිබුන සෙරෙප්පු දෙක ගලවගන වතුර පනිට්ටුව ගාවට දුවපු එක...
කොහෙන්ද පුතෙ ඔය ...
බේබි හාමුගෙන් අම්මෙ....උන්දට මේක මදිලුනෙ
අපෙ අප්පො ....ඕක මදි නේන්නම් බන්....අච්චර විසාල අතපය වලට මේක ඇතිද ...බේබි හාමුට ගන්නකොට බැලු බැල්මට පේන්නෙ නැතුවද...
මේක එයා ගත්තු එකක් නෙවෙලු අම්මෙ...දොන්ත බිබික්කමට තෑග්ගකට හම්බවුන එකක්ලු...මට ගනින් කිව්වා ඉතින්....
කට .....හිමින්....මෙහෙ වත්තෙ වැවෙන තුත්තිරි පැල පවා උන්ට පක්ස එකෙ ඔහොම කතා කොරන්ඩ එපා ඇසල....ලොකු මැනිකෙට ඇහුනොත් දෙස් තියාවි...
ම්ම්ම්...
උඹට බත් බෙදන්ඩද....
අද බත් තියනවද ?
මං කකුලෙ තිබුන මඩ හෝදන් අම්මා දිහා බැලුවා .....අද බත් තියනවලු.....වලව්වෙන් වි කුරුනියක් වත් දුන්නදෝ....
ඇදන් උන්න ටීශර්ට් එක ගලවන් කර උඩ දාගත්තු මං යන යාමට ගෙට ගිහින් පට්ට පරන ඇදුමක් ඇදගත්තා ....මේ හුස්මට ආයම ගුනෙ මාමව හොයන් දුවන්න එපැයි.....
අම්මා බත් බෙදනවා ...අනෙ වැව්මාලු...කොරලිද මන්දා ...
කොහෙන්ද අම්මා මාලු..
අප්පච්චි ගෙනාවෙ...
පුදුමයි....උන්දා බාලද..
ඔය බෑවයි කියන්නෙ...
කුස්සිය මුල්ලෙ තිබුන මැටි කලෙන් යකඩ කෝප්පෙට වතුර එකක් පුරවගත්තු මං අතත් හෝදන් බෙලෙක් තසිම අරන් හිරමනෙන් ඉදගත්තා ....කෝරා බතුයි වැව් මාලුයි මඥ්ඥොක්කා කොල
කොටාපු වයි....කෝරා බත් උනත් මොකක්ද .....බඩ පිරෙනවා නම්....
තව හොදි ටිකක් දාන්ඩද උඹලට...සුද්දිට පුච්චපු සුදුලූනුත් තියනවා ඕනෙද .
ම්ම්...
මං ම්ම්ම් ගෑවා....තිබුන බඩගින්නෙ හැටියට මට උත්තර බදින්නවත් කාලයක් නැති වෙද්දි මං හූ මිටි තිය තිය බත් එක එක හුස්මට ගිලිනකොට අම්මා පිටි තම්බන පන් ගොට්ට ගත්තා ....
ඇයි අම්මා....
වැලිතලප කෑල්ලක්වත් හදන්ඩ...මැනිකෙ දුන්න පැනි එක එහෙම්මයි....ඒකි පව් පුතෙ.....නැතිබැරි කම එහෙම්මයි....පරන ගවුමක් අන්දලා ගෙට ගත්තත් ඒකිට තේ කහට ගිල්ලවන්න පුලුවන්ද ....
ම්ම්ම්ම්...
මන් බත් පතේ එකම ඇටයක් වත් ඉරිතිරි නොවෙන්න බත් එක කෑවා...වතුරත් ජෝගුවක්ම බිව්වා...දැනුයි ඇගට පනක් ආවෙ.....
උඹ ඔය කොහෙ යන්නද ඇසල....
ගුනේ මාමා ගාව වැඩ තියනවා අම්මෙ...දවසට දෙදහක්.....අප්පච්චි ගැන කවදාවත් බලාපොරොත්තු තියා ගන්න බෑ...
මං හිතන්නෙ අම්මා අසරන උනා...නොයා ඉදපන් කියන්නවත්.....අනේ පුතේ උඹ ඉස්කෝලේ පලයන් කියන්නවත් අම්මගෙ කට ඇරුනෙ නෑ....කවදාවත් සුදුපාටට නැතිව පඩු පාටට තියන ඇස් වල හීල්ලුම අම්මගෙ හැම වේදනාවක්ම එලියට දානකොට මං වැට කඩුල්ල පැනලා එලියට ආවා...නිකන් නෙවෙ....ගෙදර එනගමන් සුද්දියට ඥානකතාවක් වත් අරන් එන්ඩ සල්ලි කොලයක් සාක්කුවෙ ඔබාගන...
ගුනේ මාමෙ....
උඹ ආවද කොල්ලො.....බලපන්කො මගෙ කකුල උදලු තලේට ගියා .
අප්පට සිරි...
ඇදන් උන්න ටී ශර්ට් එක ගලවලා ඔලුවෙ ගැටගහගන්න ගමන් මං ගුනේ මාමගෙ කකුල දිහා බැලුවා...මහපට ඇගිල්ලෙ නියපොත්ත ඉස්සිලා....ඇගත් එක්ක හිරිවැටිලා ගියා....
ගුනේ මාමා ඉන්ඩ මං මේක කපන්නම්....
කූඥ්ඥ ගහලා ලනු ඇදල තිබුන පදනම දිහා බලපු මං උදැල්ල අතට ගන්න ගමන් ගුනේ මාමට ඉන්න කියලා මං අත්තිවාරම කපන්න ගත්තා.....
ඕකට පිටගැස්ම බෙහෙතක් වත් විදගන්න වෙයි ගුනේ මාමෙ....
වෙනිවැල් ගැට ටිකක් බිව්වම ඇති කොල්ලො...පිටගැස්ම ගැන කියනවා...ආන්ඩුවෙ ඉස්පිරිතාලෙට ගියහම දැන් දවස් කීයක් ආවද බන් බෙහෙත් නෑ කියලා ....මෙතන දොස්තර නෝනගෙ බෙහෙත් සාප්පුවට ගිහින් පෙනඩෝල් පෙත්තක් එක්ක තව පෙත්තක් දුන්නම දාහත් පනිනවා..බෙහෙත් ගනන් ඇහුවම පිටගැස්මට එනව ඇසලයො.....
.විනාඩි ගානක් එක දිගටම අත්තිවාරම කපාගන කපාගන ගිය මම කෙලින් උනා...මුදින් උන ඉරේ රස්නෙට මගෙ පිටම පිච්චෙනකොට දාඩිය හන්දම දූවිලි තලි තලි සර්වාංගෙට ඇලුනා..හරියටම බදාම දාලා වගේ....
අවුපූටකේ ඉදලා ගියහම ඔලුව හත් කඩකට පැලිලා යන්න ඔලුවෙ රදේ අල්ලන හන්දම ගැටගහගත්තු බැනියම ඔලුවෙන්.මතු උන දාඩියටම පෙගිලා යනකොට කන් දෙක පහු කරගන තවත් දාඩිය රැල්ලක් පහලට වැටුනා...
සස්....සස්...සස් .
වේලිලා ගියපු පැලි පොලවට උදලු තලේ වදින වාරයක් ගානෙම අත් දෙක වේදනා දුන්නා.....ඉරබැහැන් ගියත් මේ ටික කපාගත්ත නම්.....හෙට ඉදන් තියෙන්නෙ කලු ගල් එක්ක අත්තිවාරම.දාගන්න...දැන් ඉතින් අප්පච්චි හෙ කාර්ඩ් එක කැපුන වෙලේ..දිගටම මටම එන්න පුලුවන් ....
ආ කොල්ලො....
කාපු බත් පත උදලු පාරවල් තුන හතරෙන් දිරවලා යනකොට මහන්සියටම මගෙ පපුව ගිඩි ගිඩිගාන්න ගත්තා ....කකුලට රෙදි පටියක් බැදගත්තු ගුනේ මාමා ආ කොල්ලො කියලා කතා කරනවත් එක්කම මං බලාගන ඉන්ධර් හාමුගෙ කාර් එක පාස් වෙනවා...දැන්ද කොහෙද බිබික්කම ගෙදර යන්නෙ...
ගුනේ මාමෙ...
බේබි හාමුට මක්කද කිව්වෙ.....
තව ටික වංගියක් එන්ඩ වෙයි කිව්වෙ....අඩුවෙන්නෙ නැත්තෙ ඔය ඉහෙ රුදාවනෙ....
ම්ම්ම්ම්
මං ආයම පොලව කොටන්ඩ ගත්තා ..මොකද තවත් ටිකක් කෙලින් වෙලා උන්නොත් ගුනේ මාමා තවත් මගුල් අහනවා.....
උඹට දිගටම වැඩට එන්ඩ පුලුවන්ද ඇසලයො...
මුදුන් වෙලා තිබුන ඉර අවසානෙදි හොරා වගේ බැහැල ගියා...නිල් අහස හැමදාම වගේ ලා රෝස පාට...දම්පාට....තැඹිලි පාට මේ ඔක්කෝම එකතුවෙලා බොබයිමොටයි පාටක්.ගන්නකොට මහන්සි නොබලා තනියෙම අත්තිවාරම කපාපු මං ගිඩි ගිඩිගාන පපුවට අනුකම්පා කරලා පොඩ්ඩක් ඉදගන්නකොට ආම්පන්න හෝද හෝද බයිසිකලේට ගැටගහන ගුනේ මාමා දිගටම එනවද අහනකොට අනේ මගෙමූනෙ හිනාවක්.මතු උනා....
එන්ඩ පුලුවනි ගුනේ මාමෙ....
හෙට නේද කෙලී නාවන්නෙ...
එහෙමයි....උදේ ඉර නගින්ඩ කලියෙන් නාවලා ගෙට ගනී.....
ඒ ටික අහවර කරලා වරෙන්කො...අප්පෙක්.උන්නට..ඒකිහෙ අයියට අප්පට ඔක්කොටම ඉන්නෙ උඹනෙ....
එහෙමයි ගුනේ මාමෙ....
හොදා...හොදා.....එහෙනම් හෙට වරෙන්....
කටට ඇගිලි දෙකක් තියලා බුලත් කෙල පාරක් ගහපු ගුනේ මාමා ගෝල බාලයා විදිහට මාව සින්නකර කරගන්න ගමන් යන්න යනකොට මං මගෙ බැනියම උරහිසේ දාගන ආපහු ආව පාරෙම ගෙදර යන්න ආවා.....
මහන්සී.....
බඩගිනී....
නිදිමතයි....
කාපුවා වාශ්ප උනද මන්දා...
කකුල් දෙක පුරාවටම දූවිලි බැදිලා තියනකොට අත් යට තියන රෝම කූප හන්දම මගෙ ගාවින් දාඩිය ගද එකාකාරෙට ආවා.....
නාගන්න ඕනා...මේ මගුලුත් කතුරකින් වත් කපන්න ඕන නැත්තන් ගන්දස්සාරෙ බෑ .....
හිමින් හිමින් ආව මං වැටකඩුල්ල පැන්නා.....පිල් කඩේ උඩ ඉදගන උන්න අම්මගෙ උකුල උඩ සුදුපාට ඉටි බෑග් එකක් තිබුනා වගේම සුද්දියගෙ ජනේලෙ වහලා ඒකට පොල් බිඩන්ග දෙකක් හේත්තු කරලා තිබුනා.....
අම්මෙ.....
බාගෙට පන ගිහින් උන්න මං එහෙම්ම පිල්කඩෙ උඩට කඩන් වැටුනා..ලඩන් වැටුනා කියන්නෙ මං කෙලිම්ම පුපුරු ගහලා වේදනා දෙන අත් දෙක දිගෑරගනම මං පිල උඩ දිගා වෙනකොට අම්ම "තෙත" හුස්මක් ගන්නව ඇහුන මං ඉක්මනට නැගිට්ටා
ඇයි අම්මෙ .....මොනවද ඔය.....
ඉදා...බලහල්ලකො.....
මගෙ අත්වල ජරාව....
ඉටිබෑග් එක මගෙ දිහාවට දික්කරාපු අම්මට මං මගෙ අත් පෙන්නනකොට අම්මගෙ ඇස් තවත් මැල උනා....
මේන්.....මේක...සුද්දියට...
අනේ.....ඒක ...මේක...කොහෙන්ද..අම්මෙ.....
බේබි හාමු.....මේ...දැන් ගෙනත් දීලා ගියේ....කෙලීට අන්දවහන් කියලා...
ඉන්ධර් හාමු...??
අනේ...ඔව්....ඒ උත්තමයට හරි යන්ඩ ඕනා...ඔයතියන හැම අපලයක්ම දියවෙන්ඩ ඕනා...
මං අම්මගෙ අතේ තිබුන සුදුපාට ගවුම දිහා බලාගන උන්නා...බෝරිච්චි කරාපු අත් දෙකක් ආව...තනි සුදු ගවුමෙ සූරියකාන්ත මල් ගොන්නක්...
ඇත්තටම ලස්සනයි....බිබික්කමට ඇදුම් තෝරන්න නම්.හොදට දන්නවා..ඒත් තමන්ගෙ ඇදුම් ගන්නෙම අනිත් අතට...
ඉතින් අම්මා අඩන්නෙ...මේකටද.....
මං අම්මගෙ දිහා බලලා ඉතින් අඩන්නෙ මේකටද කියලා අහපුවාම නැය කියන්න ඔලුව වනාපු අම්මා රතුපාට පුංචි පෙට්ටියක් ගත්තා ...
මේක.....
ඇරලා බලපන් පුතේ.....
අත්වල තිබුන දූවිලි කද පෙට්ටියෙ ගෑවෙයි කියලා බයටම මං අත් දෙක දහ වතාවක් විතර පිහදගන පුංචි පෙට්ටිය ඇරාලා බැලුවා.....මගෙ තොල කටත් එක්ක වෙලිලා ගියා....
අරුංගල් !!
🌼ආයම හෙට එන්නම්...
🌼.පයිස්සමින් ඉන්ඩෝ....
ජොබී...ආතරෙයි......
Nedeesha