Cherreads

Chapter 51 - ආශු මේ මල් ඔයාට

අන්තිමට ඇන්දේ නිකන්ම round neck Vercace t shirt එකයි, denim එකයි. රිප්ඩ් ජීන් එකවත් ඇඳන් යන්න දුන්නේ නෑ. ඒ වුනාට Prada pumps වලින් නම් ඔක්කොම බෝරිං ගතිය ගියා. මන් shoecoholic කෙනෙක් කියලා දැනගත්තේ ඉතින් නුවනි අම්මා එක්ක ශොපින් කරන්න ගියාට පස්සේ තමයි. දැන් ඇඳ යටම පිරිලා තියෙන්නේ සපත්තු පෙට්ටි වලින්. සමහරක් ඒවා එලියට ඇඳලවත් නෑ. මන් boots දෙක කකුල් වලට දාගෙන shoe box එක ඇඳ යටටම තල්ලු කරා.

"බබා මේවා ඔක්කොම අරන් යන්න වෙනම බරට ගෙවන්න වෙනවා. ඒකාන්තයි!"

"ඒකාන්තයි සුදයියේ! තව නම් ශොපින් යන්න එපා. මන් මෙහේ ආවම උඹට ඕන ඔක්කොම අරන් දෙන්නම!"

"But, ඒවා problems වෙන්න තිබ්බ බබා සවේන් දෙනෙත් පෙරේරාට. But, babes who am I? සවේන් දෙනෙත් ඩී සේරම්" උරහිස ගාවටම තියන කොන්ඩේ රෙශඛ්‍යට පේන්නම ෆ්ලිප් කරාම

"oooh very demure! So boujie"

"oh! බබා stop" මන් කොන්ඩේ කනක් එහා පැත්තට අයින් කරන ගමන් කිව්වම රෙශඛ්‍යට හොඳටම හිනා ගියා.

කොහොමත් මට දැන් ඔය නිකන් Huff & D, Modano, Moose වගේ නෝලිමිට්, Cool planet ඇඳුම් නම් දැන් ඇඟට දාගන්නම බෑ. නිකන් කසනවා වගේ. ඇඟට වැටෙනවා නම් ඉතින් අඩුම Fendi වත් වෙන්න ඕනා. මන් ගෙදරට දාන්නෙත් Dolce & Gabbana slippers. කොහොමට හිටපු මිනිස්සුද ඉතින්? Sugar නැන්දම්මා තමයි ඉතින්.

"මේක් අප් එක!" සේරම තියන දේවල් මූනේ උලාගෙන ලිප් ඔයිල් එකත් ගාලා තොල් දෙක පර්ස් කරලා රෙශඛ්‍යට උම්මා එකකුත් දීලා,

"හරිද?"

"හරි ලස්සනයි. Very good. My good boy!" රෙශඛ්‍ය thumbs up එකක් දුන්නා.

හරි හොඳයි මගේ බබා. මන් ලෑස්ති වෙනකන් හරි ආසාවෙන් ඉවසීමෙන් බලන් ඉන්නේ එයා.

"බබා ශූස් ලස්සනයි නේද?" මන් එක කකුලක් පිටිපස්සට උස්සලා අත් දෙකෙන්ම පීස් සයින් එක දැම්මම,

"ලස්සනයි. හරිම ලස්සනයි. cartier Love bangle එකයි necklace එකයි දාන්න."

"අහ් ඉන්න!" මන් අල්මාරිය ඇඳලා මගේ ලොකුම ලොකු jewellery box එකෙන් ඒ දෙක තෝරලා අරන් රෙශඛ්‍යට පෙන්නලාම ඇන්දා.

"perfect baby!" මන් necklace එක ලස්සනට ස්ථානගත කරගන්නකොට,

"දැනට ඕක දාගන්නකෝ. ඔයිට වඩා ඔයාට ගැලපෙන නෙක්ලස් එකක් තියනවා මා ළඟ. මෙහේ ආවම මගේ අතින්ම දාන්නම්. You just need to say a word baby!"

දැන් මගේ මූණ බලන් ඉද්දි රතු වෙනවා.

"ම්ම්ම්ම්ම් අහ් අහ් ආහ්

අහ් අහ් ආහ්

අහ් ආහ් ආආආආ..."

"බෙල්ල ගැලවෙයි බලාගෙන! ඔය තරම් නලවන්න එපා!"

මන් රවලා Bath & Bodyworks perfume එකත් spray කරන්, Hermes birkin එකට බඩු ටිකත් පැක් කරගන්නකොට අංකල් ඇවිල්ලා හෝන් එක ගැහුවා.

"අන්න අංකල් ඇවිල්ලා රෙශඛ්‍ය. මන් තියන්නද?"

"ම්ම්ම් හරි මැණික. පරිස්සමෙන්. මට ගිහින් කෝල් එකක් දෙන්න. තනියෙන් ඇවිදින්න යන්න එපා. දැන් රෙහාන් අයියයි, ඉර්ෆාන් අයියයිත් එනවනේ. ඔක්කොමලා එකට ඉන්න"

"හරි බබා. මන් පරිස්සමෙන් ඉන්නම්"

"සුදයියේ...."

"ම්?"

"මුක්කාලා මුකාපලා" ඇස් දෙක ටෙනිස් බෝල වගේ.

"බෑ බෑ පරක්කු වෙනවා!"

"අනේ ඊයේ පෙන්නුවෙත් නෑ!!!!"

"අපෝ හරි හරි ඉඳා!" ටී ශර්ට් එක උස්සල පෙන්නලා බායි උම්මා කියලා cut කරා.

"විසාල කරදරයක් නැද්ද මන් කියන්නේ?" මැලිබන් මහත්තය "වුෆ්" ගාලා එයාගේ එකඟතාවය පල කරා.

සාලේ අම්මයි තාත්තයි tv එක බලනවා.

"අම්මා, තාත්තා මන් යනවා!" දෙන්නටම වැන්දම

"නිමාලි බලන්නකෝ කොල්ලගේ හැඩ. හින්දි නලුවෙක් වගේ"

"හප්පේ පුසුඹ! කොල්ලගේ වාසනාව තමයි නිමාලි."

"ඇස් වහක් කටවහක් නෑ නුවනි කොල්ලට පන ඇරලා ආදරෙයි සාගර."

"නැතුව නැතුව. ඉහේ සිට දෙපතුල දක්වා බැලුවත් ලක්ශ ගානක් නොවෑ" එහෙම කිව්වම මන් channel shades අරන් ඇස් දෙකේ දාගෙන ඇඟිලි දෙකෙන් හාට් එකක් හදලා ඒ දෙන්නට පෙන්නලා බායි කියලා එලියට ගියාම අංකල් මට ඉස්සරහා දොර ඇරලා දීලා.

"ලොකු බේබි, නගින්න"

"Thanks ජූඩ් අංකල්" මන් බර්කින් එකත් අංකල්ගේ අතටම දීලා වාඩි වුනා.

"අංකල් මගේ යාලුවෝ ගන්න ඕනා. මේ location එකට යමු" මන් location එක add කරලා youtube එකෙන් ආසම සින්දුවකුත් දාගත්තා.

"අඩෝ සවේන්! දැක්ක කල් මචන්" දේශාන් මාව බදාගත්තම සඳරුයි, හශිරයි, විහඟයිත් ඇවිත් බදාගත්තා.

"OMG Saven! Is that a real cartier love bangle?" රොශෙල් කෑ ගැහුවම,

"oh! yes නම්කි. අපි අඳින්නේ genuine ඒවා"

"උඹට ගිය කලක් සවේන්!" සඳරු මගේ උරහිසට ගැහුවම

"ඒක නේන්නම් බන්!" මාත් හිනා වුනා. මගේ phone එක ring වෙනකොට බලද්දි සුදු නංගි.

"හෙලෝ?"

"කොහෙද බූතයෝ ඉන්නේ? අපි දැන් මංචි එක ළඟ ඉන්නේ. උඹලා කොහෙද?"

"ආහ් මේ ළඟ" මන් තොලත් හපන් කියනකොට් වැඩේ ගැස්සි ඇති බව පෙනුන එවුන් දඩ බඩ ගාලා වාහනේට නැගගත්තා.

"අංකල් ඉක්මනට යමු! සුදු නංගිට මල පැනලා"

"අම්බෝ සුදු බේබිට පල පැනලනම් මන් ඉවරයි ලොකු බේබි!"

"නෑ නෑ මන් කියන්නම්. අපි නේ පරක්කු වුනේ"

ඉතින් හැටට හැටේ පාගලා කොට්ටාවට සම්ප්‍රාප්ත වෙලා මංචි එක ළඟින් හයිවේ එකට වාහන දෙකම දැම්මේ එකට. රෙහාන් අයියගේ Benz GLE AMG එකේ ඒ කපල් එකයි, රෙහාන් අයියයි, සෙයිනබ් අක්කී! අපි මගදි හූ තියලා අත වැනුවා.

"අඩෝ තුර්ශත් හිටියනම් බොකු නෑ බන්!" දේශාන් කිව්වම

"කියලා වැඩක් නෑ ඕයි!" හශිර කෑ ගැහුවා.

"අඩෝ ගමුද වීඩියෝ කෝල් එකක්? සවේන් ඌ ගෙදරද අද?"

"අහ් ඔව් දැන් ඇති. ගන්නවනම් ඉක්මනට ගනින්. තව ටිකකින් මහත්තුරු දෙන්නා ජිම්"

"හුත්තෝ!!!" ඔව් ඉතින් මගේ හොඳම යාලුවා සහ මස්සිනාගේ කටේ ඔයිට වඩා ලයාන්විත ඇමතුමක් නෑනේ

"තුර්ශයා! අපි යනවා බන් ගාල්ලේ"

"අඩෝ කැරියෝ! මන් යනකන් හිටියා උඹලා ඔය බඩකඩිත්තුව දාගන්න. තොපිලට වැල්පොලී සමානුපාතික ක්‍රමයට හෙන ගහනවා ගංකබර හිපාටු තිබ්බටු ගොන් හිකනල්ලු ටික!"

"සොරි වෙන්න ඕනා. ඒත් අපේ ආතල් එක අපි ගන්නවා!" 

"කෝ අර තිබ්බටු ඔට්ටපාලු රුක් සුන්ඛ වේසාවා?"

"ඇයි තොට මොනාද වෙන්න ඕනා?" සඳරු phone එක ඇදලා අරගත්තම,

"තොට messages දැම්මා උඹ reply කරේ නැත්තේ ඇයි වේසාවෝ?"

"අඩෝ සිරා? මන් දැක්නේ නෑ නේ!"

"උදේ නැගිට්ටගමන් කතා නොකර පිරිසිදු අබ තෙල් මේස හැන්දකට අමු කහ, පත්පාඩගම්, අරූද කොල පත අට එකට සිඳුවා පැය 2ක් දාලා තිබ්බම පේනවා"

"මොනාද?"

"මගේ messages"

"පිස්සුද පකෝ තොට?"

"සීතලට මොලේ පෙඟිලද කොහෙද!" විහඟත් මරු මරු ඒවා කියනවා

කතාවෙන් කතාවෙන් Jetwing Lighthouse එකටත් ආවා. කාමර වලින් බඩු ටික තියලා ටිකක් relax වුනා. කපල් කපල් තැන් තැන්වල photos ගහද්දි තමයි මෙතන ඔක්කොම කපල් කියලා මට මීටර් වුනේ. මන් තනියෙන්! ජිම් කියලා හරියන්නේ නෑ. ගන්න ඕන මිනිහට කෝල් එකක්.

"සුදයියේ!" අනේ ලස්සන!!! දාඩිය දාලා මෙහෙම තමයි ආසම. මටනම් පිස්සු වගේ.

"You look fucking hot මල්ලි බබෝ"

"oh yeah? So what are you gonna do about it අයියා බබෝ?"

"කරන දේවල් කියන්නේ නෑ. ඒත් බලනවා. ඔක්කොම කපල් කපල්" මන් බැක් කැම් එක ඕන් කරලා කට්ටියව පෙන්නුවා

"අද තනියෙන් මා

හඬන්නෙ නෑ මා

මා දමා

ඈ ගියා කියා

මා දමා

සිත දුක් දෙන්නෑ

අද මට තනි නෑ

ඔබ නෑ කියා

මා ළඟින්

මා සිතින්

ඔබ ගියා කියා"

"අපෝ හරි හරි drama queen. දැන් ඔතන තැත් ගැහි ගැහි ඉඳලා බීච් යන්නේ කීයටද?"

"දැන්ම යන්නේ නෑ. දවල්ට කාලා යන්නේ. දැන් ගියොත් අපේ skin out යයි! Babes ඔයාට අමතක වුනාද? I'm a groom to be! මන් සති කීපයකින් එන්ගේජ් වෙනවා!"

"oh yeah? Someone is excited" කොහෙදෝ ඉඳන් විහඟ ඇවිත් කැම් එකට හොම්බ දැම්මා.

"හායි සයෝද්!"

"හායි විහඟ අයියේ!"

"මේ අපි ඔයාගේ කොල්ලව අරන් යනවා දැන් බායි!" කියලා cut කරා.

"ඕයි!"

"යන් යන්!" විහඟ මාවත් ඇදන් ලොබී එකට ගියා.

"අපි කමු. කාලා චුට්ටක් ඇල වෙලා ඉඳලා අවුව බැස්සම බීච් එකෙන් නාලා, ඊටපසේ යන් ඇවිදින්න. හූලා හූලා එකෙන් කාලා එමු එහෙනම්" රෙහාන් අයියා සුදූගේ කරට අත දාන් කිව්වම ඔක්කොම ඔලුව වැනුවා.

බුෆේ එකන් කාලා ටිකක් නිදාගෙන ඉඳලා හවස් වුනාට පස්සේ බීච් එකට ගියේ නාන්න.

"අනේ මට බෑ බබා! මන් බයයි වතුරට! ඔයා promise වුනා මාව වතුරට දාන්නේ නෑ කියලා" හශිර විහඟව උස්සන් මුහුදට අරන් යද්දි විහඟ මරලතෝනි තිබ්බා.

"බුබූ ඔය බය නැති කරගන්න අනේ. ඔහොම ජීවත් වෙන්න පුලුවන්ද?" 'ජබෝස්'

"බේරගනියෝ!!!!"

රෙහාන් අයියයි සුදුයි නම් කෙලින්ම ප්‍රේම ජවනිකා පැත්තකින් තියලා හතර වටේ යන සුදු නංගිගේ කොන්ඩේ එකතු කරනවා.

"අයියෝ මන් මේක කපලා දානවා අනේ! මාව ගිලෙනවා මේකේ බරට!"

"පිස්සු නම් කතා කරන්න එපා රූ! ඉන්න මන් අල්ලගන්නම්. කෝ ඉන්න!" රෙහාන් අයියා කොන්ඩේ අල්ලලා ඔලුව උඩටම කරලා කට්ටක් ගැහුවා.

"ඉරූ මේ බලන්න!" වැල් වගේ මුහුදු කොල ඔලුවේ උඩ දමාගෙන සෙයිනබ් අක්කි ඉර්ෆාන් අයියට එක එක විදියේ පෝසස් දෙනවා. සාම්ප්‍රදායික මුස්ලිම් කාන්තාවක් වගේ නෙමේ සෙයිනබ් අක්කි සුදූ වගේම ටීශර්ට් එකකුයි ශෝර්ට් එකකුයි ඇඳලා ෆුල් ජොලියේ ඉන්නේ.

"බෝල ගහමු!" ළඟ බෝල විකුනන මනුස්සයගෙන් බීච් බෝල් එකක් අරන් මන් ඒකත් අරන් මුහුදට පැන්නා.

"සුදුමහත්තයා! නැගිටින්න! අද ෆිට්ඔන් එකට යන්න ඕන නේද?" අම්මා උදේ නැගිට්ටනකොට උදේ 9යි.

"හුටා!" 10ට appointment එක. Phone එක අරන් බලද්දි රෙශඛ්‍යගෙන් මිස් කෝල් 10යි.

"හැමිනෙනවා!" මන් call back කරා.

"දැන්ද සුදයියේ නැගිට්ටේ? බැරිම තැන මන් අම්මට කෝල් කරා"

"පරක්කු වෙලානේ රෙශඛ්‍ය"

"හරි හරි ඔයා ලෑස්ති වෙන්න අංකල් හරියට 9.30ට ඒවි. ඔයා ඉක්මනට ලෑස්ති වෙලා යන්න. මල් ටික මන් ලෑස්ති කරලා තියෙන්නේ. ෆිට්ඔන් එක ඉවර වෙලා යනගමන් ගන්න. මට කෝල් එකක් දෙන්න"

"හරි පන. ඔයා නැත්තම් මන් මොනා කරගනීද දන්නේ නෑ. බායි"

ෆිට්ඔන් එක කරාට පස්සේ දෙයියනේ කියලා කිසිම වැරැද්දක් තිබ්බේ නෑ සූට්ස් වල. ඒ ටිකත් අරන් තෑන්ක් කරලා, Malshan එකට ගියේ 18 white roses boquet එක ගන්න. ඒකත් අරන් ගියේ කැළණි ගඟ උඩින් යන පාලම උඩට. හරියටම ආශුගේ අලු පා කරපු තැනට.

"හෙලෝ රෙශඛ්‍ය මන් ආවා" වීඩියෝ කෝල් එක ඔන් කරලා මන් ඒක ජූඩ් අංකල් අතට දුන්නා.

"ආශු, මේ මල් ඔයාට..." මන් මල් 18 එකින් එක ගඟට විසික් කරා.

"මන්, හෙට යනවා ආශු. ඔයා කියපු හඳ ළඟට. ඔයා මුහුද වගේ අපි දිහා බලන් ඉන්නවා නේද? ඔයාව කවදාවත් අමතක කරන්නේ නෑ ආශු. ඔයාගේ මතක මන් අරන් යනවා."

"අයුශ් අයියේ, මන් එදා වගේම අදත් ඔයාට පොරොන්දු වෙනවා ඔයාගේ සවීව ඇහැක් වගේ බලාගන්නවා කියලා. එයාව මගේම කරගන්න මට අවසර දෙන්න අයුශ් අයියේ"

මට ඇඬෙනවා. මන් ලේස්න්සුව අරන් කඳුලු පිහිදගත්තා.

"ආශු, මන් තව දවස් කීපෙකින් රෙශඛ්‍ය එක්ක විවහ ගිවිස ගන්නවා. ඔයාගේ ආශිර්වාදය අපිට දෙන්න. මට ඔයාට නොකියා යන්න ඕන වුනේ නෑ. ආයෙ මෙතනට මන් එයිද කියලා මට විශ්වාස නෑ ආශු. ඒත් මන් ඔයාට ආදරෙයි. හැමදාම"

මතු සම්බන්ධයි...

උඩ තියන සින්දුව බලපල්ලා.

යට වීඩියෝ එකත් බලපල්ලා.

More Chapters