"අපිත් එහෙනම් ලොකුම අයියලා උනා නේ බන්?" තුර්ශ 13 වසරේ පලවෙනි දවසෙදිම කිව්වම,
හශිර ක්රිකට් පිත්ත අත් දෙකෙන් උඩට උස්සන් අමුතු ඩාන්ස් එකක් දැම්මා.
ස්පෝර්ට්ස් මීට් ළඟයි. ක්රිකට් ප්රැක්ටිස් ඉවර වුන ගමන් බෑන්ඩ් ප්රැක්ටිස් පටන් අරන්. සයෝද් drum major mace එක උඩ දදා තාලෙට කරකද්දි පුදුම ලස්සනක් තියෙන්නේ. මාර්ච් කරනගමනුත් මන් දිහාම බලාගෙන යද්දි මට හෙනම ආඩම්බරයක් එන්නේ ඇයි?
"මචං, සයෝද් මල්ලි වෙන්න ඕන බන් මෙච්චර කාලෙකට අපේ ඉස්කෝලේ බෑන්ඩ් එක ලීඩ් කරන පට්ටම personality එක බන්! බලහන්කෝ ඌගේ ලස්සන!" දේශාන් කිව්වම
"යකෝ යුනිෆෝම් එකට ඔහොම නම් එදාට කොස්ටියුම් එක ඇන්දම කෙල්ලොන්ගේ පන යයි!" හශිර තුර්ශගේ පිටට ගැහුවා
"අම්බෝ අපේ චම්මා හෙන බයේ ඉන්නේ මොකක් හරි කුණ්ඩවාලයක් පටලගනී කියලා." තුර්ශ එහෙම කියලා හිනා වුනාම,
"දැන් ඉතින් කොහොමත් ඉන්න කෙල්ලෝ කුණ්ඩවාල තමයි බන්! ඒකනේ මන් කොල්ලෙක් දාගත්තේ කියලා විහඟව ලඟට ඇදලා ගත්තම විහඟ ජම්බු වුනා.
"අනේ පලයං! මගේ හේලෝ හොඳ කෙල්ලහ්" දේශාන්ට මල පැනලා වගේ.
ඔය ඔක්කොම කතා මගේ කනට වැකුනට ඇස් නම් තිබ්බේ එතනමයි. යුනිෆෝම් එකට උනත් ඒ කැටයම් වුන දේහයේ ශක්තිමත් පේශී බේරිලාම පේනවා. දෙවනි වටය මගේ කෙලින් යනකොට ආයාසයෙන් තොරව ඇහැක් පියවුනාම මාව හොඳටම රතු වෙනවා. හොඳ වෙලාවට අනික් වුන් හවුසස් වලට මරාගන්න පටන් අරන් තිබ්බ නිසා කාටවත් වැඩේ මීටර් වුනේ නැත්තේ. 'ඔය දෙනෙත් මට එමරල්ඩ්ස් වලටත් වඩා වටිනවා'
"මේ නේත්ර ඉන්නේ ඔය දෙනෙත් ළඟ සවී!"
ආශු!!! මන් කම්මුල් වලට පිස්සෙක් වගේ ගහගෙන ගහගෙන යනකොට තුර්ශ මගේ අතින් ඇදලා
"මේ මොකද තොට පිස්සුද?"
"අනේ තුර්ශ!!! මාව මරපන්!"
"මේ මොකද බන් මේ එකපාරට?"
"ආශූ ගෙනත් දීපන් බන් මට පිස්සු හැදෙන්න එන්නේ!!!"
"සවේන්!"
ඉරිදා උදේම රෙදි ටික එලියට ඇදගත්තේ අල්මාරිය අස් කරගන්න. කාලෙකින් අස් කරලා නෑ දොරවල් ඇරියම රෙදි ටික පාද නමස්කාරය කරනවා.
ඒත් ඉතින් බාගයක් අස් කරනකොට යකඩ පෙට්ටිය ඇහැ ගැටුනම, ඕක ඉතින් මග අරින්නම බෑ.
උඩම තිබ්බ නිල් පාට පොඩි පෙට්ටිය ඇරියම ඒක හිස්. මොකද ඒකේ තිබ්බ දේ තියෙන්නෙර් මගේ ඇඟිල්ලේ. හීනි රිදී මුද්ද.
'සවී මන් කතරගම ගියාම මේක දැක්කම ඔයාව මතක් වුන නිසා ගත්තේ. ඒක ඒ තරම් වටින්නේ නෑ තමයි. මන් දවසක ඔය අත් දෙකම පුලුවන් වටිනම දේ වලින් සරසරණවා මගේ පන. එතකන් තරහ නැතුව මගේ ආදරේ වෙනුවෙන් මේක පිළිගන්නවද?'
"මන් ආදරෙයි වස්තුවේ!" මන් phone එකේ තිබ්බ ආශුගේ school uniform එකෙන් ගත්තු photo එකට හාදුවක් දුන්නා. ඔයා වෙනස් වෙලා ඇති නේද ආශු? ලස්සන වෙලා ඇති. එකම එක පාරක් බලන්න තියේනම් ඔයාව...
"සුදුමහත්තයා මෙන්න තුර්ශ පුතා ඇවිල්ලා!" අම්මා කෑ ගහනකොට මන් ඉක්මනට කාමරෙන් සාලෙට ගියා.
"උඹේ පන ආවා සවී!" ගාගෙන මගේ ඇඟට පැන්නා.
"මොකෝ උඹට ආතල් එකක් ගිහින්?" මන් ඌව බදාගෙන ඇහුවම ඌ මාව බදාගෙනම දෙපැත්තට වැනුනා.
මන් ඌවත් අරන් කාමරේට ගියාම ඌ මගේ පාඩම් මේසේ පුටුවෙන් ඉඳගත්තා.
"ආ පුතේ මේ තේ එක." අම්මා ඇවිත් තේ ඇල්ලුවම මන් තේ එක ගන්නකොට,
"උඹට කියන්න දෙයක් තියනවා! මාත් එක්ක දියතට යමු!" තුර්ශ හෙන සතුටකින් කියද්දි මට මතක් වුනේ අයුශ් මට මේ අතේ දාන් ඉන්න මුද්ද මගෙ ඇඟිල්ලට දැම්මේ දියතෙදි නේද කියලා මතක් වුනාම.
"දියතේ?" මන් ආයේ ඇහුවේ සැක හැර දැනගන්නමයි.
"ඔව්. ඇයි මොකක්ද අවුල? උඹ එහෙත් ගියාද අයුශ් එක්ක"
"හ්ම්... මේ තේ එක බීපන්" මන් තේ එක මේසේ උඩින් තිබ්බා.
"ලෑස්ති වෙයන් යන්න ඉතින්!" තේ එකත් බිබී කිව්වට, මට නම් ආයේ දියතේ යන්න බෑ.
"අනේ මට බෑ තුර්ශයා!"
"ඇයි තොට බැරි?" තුර්ශ දඩස් ගාලා කෝප්පේ තිබ්බ පාර මාව ගැස්සුනා.
"තුවාල පාරගන්න බෑ බන්!"
"ඒ කියන්නේ උඹට මන් වෙනුවෙන් එන්න බෑ?"
"එහෙම එකක් නෙමේ බන්!" මන් ජනේලෙන් එලිය බලාගත්තා.
"උඹ එනවද? නැත්තම් උඹව උස්සන් යන්නද?" තුර්ශ ඇවිත් මගේ කොලර් එකෙන් ඇද්දම, මූට මොන මල යකා ආවේස වෙලාද?
"මොකද තුර්ශ මේ?" සවේන් මගේ අත් දෙකෙන් අල්ලගත්තා
"එනවද කියපං!"
"ඒන්නම්, එන්නම් රත්තරනේ!" නැත්තම් ඉතින් මූ මාව උස්සන් හරි යනවා මේ යන විදිහට
"වරෙං යන්" තුර්ශ පික් මී එකට සල්ලි දීලා මාවත් වීල් එකෙන් බස්සගෙන ඉස්සරහට යනකොට මාත් ඌගේ පස්සෙන් ගියා.
"ඇයි බන් මෙහෙ ආවේ?" කොච්චර ඇහුවත් මූ කියන්නේ නෑනේ. මූ මට ආදරය ප්රකාශ කරන්න යනවද දන්නේ නෑ! එතකොට තාන්ය අයියා. කමක් නෑ තුර්ශත් හොඳයි. මන් ඌට ආදරෙයිනේ. ඌ හොඳ හස්බන්ඩ් කෙනෙක් වෙයි. මට හිනාවකුත් ගියා. හරි ගොන්!
"උඹට පොඩි බඩ්ඩක් පෙන්නන. ආන් බලපන්!" තුර්ශ ඈතට අත දික් කරාම මගේ කකුල් පන නැති වුනා. මන් තුර්ශ අතට වාරු වුනාම තුර්ශ මාව අත් දෙකෙන්ම අල්ලලා නැගිටලා ඉන්න වාරු දුන්නම මට කතා කරගන්න බෑ දෙයියනේ! කල්පයක් තරම් දකින්න පෙරුම් පුරපු ඒ රූපේ මගේ ඇස් ඉස්සරහා තියනවද? ඇත්තටම? මේ හිතලුවක්ද? මායාවක්ද? මට පිස්සුද? මේ මොහොම ඇත්තක්ද?
"තුර්ශ, අතන- අතන අයුශ් ඉන්නවද බන්?"
"ඉන්නවා බන්!" අනේ මට පිස්සුයි වගේ!
"මගේ අයුශ් ද ඒ ඉන්නේ?"
"උඹේ අයුශ් ඒ ඉන්නේ"
"අනේ බන්!" ඒත් ඒ රූපේ දැන් මගේ ළඟමයි දෙවියනේ මාව අත් දෙකෙන්ම අල්ලන් බාදාගෙන එයාත් අඬන්න ගත්තම කොහොම නතර කරන්නද මේ කඳුලු?
"දෙනෙත්! මගේ දෙනෙත් මට සමාවෙන්න මගේ වස්තුවේ!"
"ආශු!! ඔයා ඉන්නවද මෙතන? මගේ ළඟ?" කහපාට ලිනන් ශර්ට් එක අත් දෙකටම ගුලි කරන් ඒ ඇස් අස්සේ ගිලි ගිලි අඬනකොට,
"ඉන්නවා මගේ මැණිකේ! සවී ඔයාගේ ආශු ඉන්නවා!" තව තවත් මාව තුරුල් කරන් ඒ නේත්රත් තෙත් වෙද්දී ආශුගේ ශර්ට් එක ඇඟට ඇලෙනකන්ම මගේ කඳුලු වලින් පෙඟුනා.
"මන් දිහා බලන්න ආශු!"
"දෙනෙත්! මගේ සවී! මට ඔයා දිහා බලන්න බෑ රත්තරනේ! කොච්චර දුක් දුන්නද? ඇයි මේ පවුකාරයාව අමතක කරේ නැත්තේ?"
"ආශු! මන් ආදරේ කරේ අමතක කරන්න නෙමේ, මතක තියා ගන්න. මහ සෑය වැඳලා තුර්ශ ඉල්ලන්න කියපු නිවන ඉල්ලුවා. ඒ නිවන ලැබෙනකන්ම ඉපදෙන මේ හැම භවයකම මන් ඔයාට ආදරෙයි නේත්ර! මන් නිවන් යන්නේ ඔයා එක්ක!"
"සවී!" අවුරුදු තුනක් ඉල්ල ඉල්ල ලතැවුනු හුරුපුරුදු, ස්පර්ශයෙන් මගේ තොල් තෙමෙද්දි කම්මුල් තෙමුනේ හුරුපුරුදු කඳුලෙන් නම් නෙමෙයි. සතුටෙන් පිරුණු කඳුලු වලින්.
"එන්න මැණික, මෙතනින් ඉඳගන්න." ආශු මාව සිමෙන්ති බංකුවකින් ඉන්දලා එයා මගේ ඉස්සරහින් ඉඳගත්තා.
"අනේ මට මෙහෙම ඉන්න ඕන නෑ ආශු! මාව ළඟට ගන්න. තවත් ඈත් වෙලා ඉන්න බෑ!" මන් ආශුගේ අත අල්ලගත්තම අතට අහු වුන බැන්ඩේජ් එක දිහා මන් බැලුවා,
"ඇයි මේ?" තව තව වේලුනු කැලැල් අත් පුරාම.
"ආශු මේ මොනාද?" මන් ආශුගේ අත් අල්ලන් ඇහුවම
"සවී, ඒවා ඕන නෑ." ආශු මගේ අතේ ඇඟිලි වල ඇඟිලි පටලගෙන,
"කියන්න මැණික, ඔයා හොඳින් නේද?"
"මන් ගැන නෙමෙයි. ඔයා පොඩ්ඩක්වත් හොඳින් නෙමේ කියලා පේනවා ආශු! මේ බලන්න ඔයා කොච්චර කෙට්ටු වෙලාද නේත්ර?"
"මන් හොඳින් සවී! ඔයාව දැක්කනේ. මන් දැන් හොඳින්. අවුරුදු. තුනකට පස්සේ මට සැනසීමක් දැනෙනවා සවී!"
"අනේ ආශූ ආයේ මාව දාලා යන්නෙ නෑ නේද? කියන්න! මාව ඔයා ළඟට ගන්න. මට ඔයා නැතුව ඉන්න බෑ!" ආශු මගේ මූන අත් දෙකෙන්ම අල්ලගත්තා.
"සවී මන් කියන දේ අහන්න මැණික, මට ගොඩක් වෙලා ඉන්න බෑ මගේ දෙනෙත්!"
"මෙච්චර ඉක්මනට ඔයා යනවද ඇයි මේ? මෙච්චර කාලෙකට පස්සේ ඇවිත් වචන දෙකක් කතා කරලා ආයේ මගෙන් ඈත් වෙන්නේ ඇයි?"
"මන් කතා කරන්නම් මගේ පන! මෙහෙම ඔයා එක්ක ඉන්න මට බයයි.!"
"අප්පච්චි නිසාද?" ආශු බිම බලාගත්තා. "කොහොමද? කොහොමද ඔයා කතා කරන්නේ?"
"මන් මැසෙන්ජර් එකෙන් ඔයාට කතා කරන්නම් සවී. දැන් එන්නකෝ!" මගේ අතින් අල්ලන් නැගිට්ටම මන් එයාගේ පස්සෙන් තුර්ශ ළඟට ගියා
"තුර්ශ" අයුශ් කතා කරාම තුර්ශ නැගිටලා,
"අයුශ්, සවේන්!"
"උඹට දැන්වත් සැනසීම ලැබුනද පගෝ?" කියලා ඇහුවම මට හිනාවක් පැන්නා.
"තුර්ශ උඹට වැන්දත් මදි" අයුශ් අත් දෙක එකතු කරනකොට තුර්ශ ආශුව බදාගත්තා.
"තුර්ශ අපි දෙන්නගේ photo එකක් ගනින්කෝ!" තුර්ශගේ අතින් අයුශ් ගේ phone එකත් තියලා, අයුශ් මාවත් අතින් අල්ලන් දියවන්නාවටම එබෙන්න හදලා තිබුනු ලී වැට ළඟටම ගිහින් මගේ නහයට නහය තියන් ලන් වෙනකොට අවර ඉර අපේ පිටිපස්සෙන් තැඹිලි පාටට බැබලුනා. තුර්ශ අපි දෙන්නගේ පින්තූරයක් ගත්තා.
"සවී ඔයා පොඩ්ඩක් මෙතන ඉන්නවද මැනික? මන් තුර්ශ එක්ක ටිකක් කතා කරලා එන්නම්?" ආශු කිව්වම මන් ඔලුව වැනුවම ආශු මගේ ඔලුව අත ගාලා නලලෙන් හාදුවකුත් තියලා තුර්ශ එක්ක ටිකක් එහාට ගියාම මන් බංකුවකින් ඉඳගෙන දියවන්නාව දිහා බලන් හිටියා. දැන් හැමදේම හරියයි. ආශු ආයේ ආවා! එයා පොරොන්දු වුන විදිහටම ආයේ ආවා! මන් phone එක අරන්
'නේත්ර දෙනෙත් ළඟට ආවා!'
කියලා status එකකුත් දැම්මේ තිබ්බ සතුටටමයි. ආයේ වෙන් වෙන්නේ නෑ. ආශු මන් ළඟ ඉන්නවා!
මතු සම්බන්ධයි....